ඉතාලියේ බ්‍රේසියා නුවර ධන කුවේරයකු වන ගණකාධිවරයකුට අයත් රන් ආභරණ තොගයක් හා යූරෝ ලක්ෂ දෙකහමාරක් පමණ (රුපියල් හාරකෝටි තිස් ලක්ෂයක් පමණ) සොරකම් කරගෙන ශ්‍රී ලංකාවට පැමිණි බව කියන මාරවිල පුද්ගලයෙක් මාරවිල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. මේ සොරකම නිසා තම ව්‍යාපාර කඩාවැටී ඇතැයි අන්තෝනියෝ රෝස් ගණකාධිවරයා කියා ඇත. පොල්කඩන්නකුගේ නම ඉදිරිපත් කර තම ඡායාරූපය අලවා ගමන් බලපත්‍රය හා වීසා ලබාගෙන ඉතාලි ගිය මෙම පුද්ගලයා වසර පහළොවකට වැඩි කාලයක් එහි ගත කර ඇතැයි ද, ඉතාලියට ගිය පසු වෙන නමකින් ජීවත් වී ඇතැයි ද, සොරකමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ තවත් නමකින් යැයිද ඉතාලි ආරංචි කියයි. සොරකම් කළ සල්ලි බස්නාහිර පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයකු නමට එවා ඇතැයි ද එම ආරංචි කියයි. සැප්තැම්බර් 25 වැනිදා එසැණ මේ සිද්ධිය වාර්තා කළේය. පසුගිය සැප්තැම්බර් 10වැනිදා මේ සොරකම සිදු කර ඇත. ඉතාලි ගණකාධිකාරීවරයාගේ විශ්වාසදායක සේවකයකු වූ ඔහු සොරකම් කළ බව කියන රත්තරන් ප්‍රමාණයේ වටිනාකම කෙතෙක්දැයි පැමිණිල්ල කරන විටද තොරතුරු ලැබී නොතිබිණි. ජයලත් ෆෙඩ්රික් ඝෝඨාභය වික්‍රමසිංහ ජයලත් නමින් ඉතාලි ගිය මොහු එම ගණකාධිකාරී ලඟ සේවය කර ඇත. එහෙත් ඔහුගේ සැබෑ නම හරේන්ද්‍ර බන්දුල ලොකුගේ බවට ඉතාලි පොලීසිය සතුව තොරතුරු ඇත. සොරකමින් පසුව ඔහු ඒ නම් දෙකම හැර වෙනත් නමකට හදිසි ගමන් බලපත්‍රයක් ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් එම ඉතාලි ආරංචි කියයි. මාරාවිල පොලීසිය අද (21) දහවල් එකට පමණ මොහු අත්අඩංගඩුවට ගෙන ඇත්තේ ඔහු නාත්තන්ඩිය පුබුදු මාවතේ නිවසක සිටින බවට ලැබුණු තොරතුරක් මතය. එහෙත් ඔහු පොලීසියට පවසා ඇත්තේ තමාගේ නම ජයලත් ඝෝඨාභය වික්‍රමසිංහ ජයලත් නොවන බවයි. ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලීසියට බාර දීමට නියමිතය. මාරවිල පොලීසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක එච් එම් රත්නතිලක මහතා පරීක්ෂණ මෙහෙයවයි. එසැණ පෙර ලිපිය http://www.lankadeepa.com/index.php/articles/66721
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොරකමට සහ වංචාවට වැඩි ආයුෂ නැහැ මිත්‍රයා. නීතියෙන් නැත්නම් ස්වභාව ධර්මයෙන් හරි දඩුවම් ලැබෙනවා. (නි)
මෙයා වෙන නමකින් ඉතාලි යන්නයි, එහෙ ගිහින් තවත් නමකින් ජීවත් වෙන්නයි...නැවත ලංකාවට එන කොට වෙනත් නමකින් පාස්පෝර්ට් එකක් ගන්නයි අවස්ථාව හදා ගත්තේ කොහොමද..??? ඒකෙන්ම හිතා ගන්න පුළුවන් රටවල් දෙකේ නීති රාමුවේ වටිනා කම..ඒකත් එච්චර දෙයක් නෙමේ,එකම හැදුනුම්පත් අංකය බර ගානකට නිකුත් කරන එකේ...? නීති පද්ධතිය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න වෙනවා.
පොලීසියට මල් මිටක් (ස)
අපරාධ කරානම් ඊට දඩුවම් ලැබිය යුතුයි (ස)
වෙන්නප්පුවයි නාත්තන්ඩියයි අදුරන්නේ නැති මිනිස්සුත් ඉන්නවනේ. අපේ රටේ පාලම් තොටවල් වලින් එහා මෙහා බලලාද මිනිස්සු වැරදි කරන්නේ? (නි)
නියම පුද්ගලයා මොහු නම් නිසි දඬුවම් දෙන්න. අපටත් සැනසීමේ රස්සාව කරගෙන ඉන්න.
රටේ බලධාරියෝ අවදියෙන්ද? (නි)
සම්පූර්ණ ඇත්ත ඉන්දික .(ස)
ඉතාලි ඉන්න අනෙක් අය ගැනවත් හිතලා මේ කන්න දුන්න අත සපාකාපු කෙනාව අඩුම අවුරුදු 10කටවත් හිරේට යවන්න (නි)
වරදක් කළා නම් තද දඩුවම් දිය යුතුයි. නැතොත් ඉක්මනින් නිදහස් කළ යුතුයි.
බෙන්තර ගඟෙන් එහා කෙනෙක් කිව්වද ? (ස)
ඉතාලියේ ඉන්න පනාගොඩ වෙන්නප්පුවේ අය ගැන ලොකු තරහකින් ඉන්න බවනම් පේනවා (ස)
කොහොමද අපේ පොලීසිය? පොලීසියට මල් මිටක්..
පුදුමයිනේ අහවල් නම මෙයාට අමතක වුණ එක (නි)
ලොකුගේ, බන්දුල, ජයලත්, ගෝඨාභය, වික්‍රමසිංහ.....! දාගෙන තියෙන නම් දිහා බැලුවම කියන්න පුලුවන්..මෙයා හොරගෙඩියෙක් බව.
මෙවැනි අය විවිධ නම් වලින් පෙනී සිටිනවා (නි)
බස්නාහිර ද, දකුණද දන්නේ නෑ.
පනාගොඩ මහත්තයා, ඔය කියන්නේ වෙන්නප්පුවේ අය ඒ හොරාව සාදාරනීකරණය කරනවා කියලද ? නැහැ ඒ හොරා හොරාමයි. දැන් ඉන්නේ වෙන්නප්පුව කොලින්ජඩියේ කොළඹ පාරේ ලස්සනම ගෙදර. ඒත් වෙන්නප්පුවට හෝ වෙන්නප්පුවේ අයට ගරහන්න, දොස් කියන්න එපා. (ස)
මෙයාගේ බිරියගේ කීමටද දන්නෙ නැහැ මේ හොරකම කළේ? (නි)
සේවයට බඳවා ගන්න මිනිස්සු අනුභව කරල බලන්නයැ මෙහෙම මිනිස්සු යම් කිසි ප්‍රතිශතයක් අනිවාරයයෙන්ම කොයි රටෙත් ඉන්න බව දැනගෙන සේවයට බඳවා ගැනීම තමයි (නුවනැතිකම) නැත්නම් (නුවනනැතිකම) තමයි ප්‍රදර්ශනය වෙන්නෙ (අ)
රජ බඩුවක් ..ජය වේවා (ස)
එතන වරදකරපු ලාංකිකයෝ සේරම මේ සිද්ධියෙන් පස්සේ අස්කරල මොහුට උපරිම දඩුවම් දෙන්න ඕනේ. (අ)
හතර වැනි තට්ටුවට අරගෙන ගියාම නිකම්ම කියයි. අල ගිය මුලගිය තැන්, (අ)
මොකුත් වෙන්නේ නැහැ. දේශපාලනාඥයෙක් මෙකට සම්බන්දයිනේ. අපරාදේ අර මනුස්සයාගේ ව්‍යාපාරය. (අ)
කන්න දුන්න අත හපා කලා, ලංකාවේ නමත් බාල්දු කරල. කෝටිපතියෙක් වෙලා මොකටද, ජනපතිතුමනි අපේ රට හොරුන්ගේ පාර දීසයක් වෙන් දෙන්න එපා මොහුට උපරිම දඩුවම් දෙන්න. (අ)
මේක සැළසුම් කරලා කළ දෙයක් වෙන්න බැරිද? (නි)
පනාගොඩ, පිටිගල, සුදත්,ගලබඩ ඉන්දික, මේ කට්ටිය වෙන්නප්පුවට මෙච්චර ගරහන්නෙ ඇයි? වෙන්නප්පුවේ අය ඉතාලි ගියේ නැත්නම් ඔයාලත් තවම ඔයාලගේ තාත්තලා වගේම පොල් කඩනවා නේද? මාළු අල්ලන්න මූදු යනවා නේද? (නි)
පරීක්ෂණ තියලා උපරිම දඩුවම් දෙන්න (නි)
වෙන්නප්පුවේ, නාත්තන්ඩියේ කට්ටිය ඔක්කොම එකතුවෙලා ප්‍රතිචාර දාන්නේ කන්න දුන්න අත හපාකාපු මේ හොරාව සාධාරණීකරණය කරන්නනේ. (නි)
පළමුව කළයුත්තේ හොරුන්ට උප්පැන්න හැදුනුම්පත් හදන අයව අල්ලාගන්නා එකයි (නි)
සොරාගත් රන් සහ මුදල් ආපසු දෙනු! (නි)
පේනවා නේද අපේ අයියලාගේ තරම? (නි)
මෙයාගෙ මුල් පදිංචිය ගාල්ල, මාරවිල කියලා දෑම්මට, දෑන් පදිංචිව ඉන්නෙ නාත්තන්ඩියෙ. (නි)
විශිෂ්ට රාජකාරියක්! (නි)
lankawata, enava july 14,gaja panaya, nea.monavada one,staff 1 ta.00393200517103 call 1k denna.
කේපී ට දීපු දඬුවමම මෙයාටත් දෙන්න. (නි)
ඉතාලියේ ඉන්න සමහරු බස් වල යන්නෙම හොරෙන්. අහු වුණහම දෙන්නේ අපේ නළුවන්ගේ, නිළියන‍්ගේ, ගායකයන්ගේ ප්‍රසිද්ධ අයගේ නම. තමන්ගේ නම දෙන්නේ නැහැ. එහෙම කරලා යාලුවෝ අතරට ඇවිල්ලා ලොකු හපන්කමක් කළා වගේ කියවනවා. අර කතාවක් තියෙන්නේ බෙන්තර ගඟෙන් එහා පැත්ත ගැන. ඒ වගේ තමයි මීගමුවේ පාලමෙන් එහාට ඉන්න කට්ටිය 80 % ක් ම ගමයි රටයි දෙකම කනවා. (නි)
මොහුගේ අලුත් නම සහ සැගවී සිටින තැන පිළිබදව ලංකාවේ පොලිසිය දැනුවත් කළ අයට අපගේ ප්‍රණාමය! (නි)
කාරුණික සේවාදායකයෙක් බිංදුවට බස්සවපු මේ හොරාට දැඩි දඩුව්ම දියයුතුයි. (නි)
ඉතාලියේ සිටින වෙන්නප්පුවේ අය මෙවැනි සාපරාධී ක්‍රියා නවත්වන්නේ කවදාද? (නි)
වෙන්නප්පුවේ අයියලා කරන පළමු හෝ අවසන් හොරකම මෙය නොවන බව සියල්ලන්ම දනී. (නි)
වෙන්නප්පුවේ පොල්ගස් නැගලා දැන් රට කනවා. (නි)
මෙන්න තවත් ඉතාලියේ වෙන්නප්පු වාර්තාවක්. (නි)