පසුගිය පස් වසරේදී රජය රටින් රුපියල් කෝටි 43ක කුකුළු බිත්තර ගෙන්වා ඇතැයි වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය. එජාපයේ රවි කරුණානායක මහතාගේ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති කීවේ 2009දී බිත්තර හැත්තෑ කෝටියකට ආසන්න ප‍්‍රමාණයක් කෑමට ගෙන ඇති බවයි.