එතෙර ලොතරැයියකින් රුපියල් කෝටි ගණනක් ලැබී ඇතැයි වැල්ලවත්තේ ව්‍යාපාරිකයකුගේ ඩොලර් දාහක් වංචා කළ බවට වරද පිළිගත් නයිජිරියා ජාතික ක්ලින්ට් කි‍්‍රස්ටියන් තවත් එවැනි වංචාවක් සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබිය. හෝමාගම ව්‍යාපාරිකයකුට එතෙරින් පවුම් හත්ලක්‍ෂ විසිදාහක (රුපියල් කෝටි දාහතර හමාරකට වැඩි මුදලක්) ලොතරැයියක් ඇදුණු බව කියා රුපියල් ලක්‍ෂයක්ද බැංකු ගිණුමට හයලක්‍ෂක් පමණද බැර කරවාගෙන ඇතැයි පොලීසිය උසාවියට දැන්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සංවිධනාත්මක කණ්ඩායමක් කරන දෙයක්. පොලිසිය හොඳින් පරීක්ෂා කලොත් අනික් අයත් අත්අඩංගුවට ගන්න පුළුවන්. නයිජීරියන් හොරු ලංකාවේ විතරක් නොවේ වෙන රටවලත් මේක කරනවා.
මට ඔය වගේ ඊමේල් හරියට එනවා මගේ ඊමේල් ලිපිනයට දිනුමක් ඇදිලා කියලා තිස්සෙම එනවා. ලොකුගානක් දාලා. ඒව ලබා ගන්න යන අය අමාරුවේ වැටෙනවා. මොකද ඊලගට ඒක එවන්න කුරියර් ගාස්තු ඉල්ලනවා. අමු බොරු අහුවෙන්න එපා. (සවි)
අපි නම් අහුවෙයි ඕවට...සල්ලි තියෙන පුත්තු ඕවට අහු වුණාට..... (සවි )
හොර ඩොලරුත් මාරු කරනවා....පරිස්සම් වෙන්න.... (සවි )
අපේ ලංකාවේ නම් ඉන්නේ මෝඩයෝමද කොහේද? ඔය වගේ ඊ-මේල් අපිටත් එනවා ඕනේ තරම්.අපි නම් ගණන් ගන්නේ නැහැ. (නි)
පනින්න පෙර සිතා බලන්න කිව්වේ කට කහනවට නෙමෙයිනේ. (නි)
නයිජීරියානුවො මේ සම්බන්ධයෙන් අතිදක්ෂයින් බව අන්තර්ජාල පාවිච්චි කරන්නන් දැන සිටිය යුතුයි. (නි)
මටත් මේ වගේ දිනුමක් ඇදුනා. මටත් කීප සැරයක්ම කිවුව එක නිදහස් කරන්න ටැක්සි සඳහා ඒ වගේ මුදලක් ගෙවන්න කියල. මම කිව්වා ඒක මගේ දිනුමෙන් අඩු කර ගන්න කියල. එයාල එක කරන්න බෑ කිව්වා. එතකොට මට තේරුණා ඒක බොරුවක් බව. ඉතින් මේ ගාන ගෙවන්න ඉස්සෙල්ලයි හිතන්න තිබුනේ. මේක අනිත් අයටත් හොඳ පාඩමක්
දිනපු සල්ලි වලින් ඒ ගාන අඩුකර ගන්න කිව්වනම් ඉවරයි....
ගෙවන්න පෙර සොයා නොබැලීමේ වරද
දැන් බැලුවම අපේ මිනිස්සු දන්න දේකුත් නෑ....නොදන්න දේකුත් නෑ....ඒකනේ මේ වගේ දේවල්වලට පැටලෙන්නේ....
සල්ලි කියපුවහම කොයි තරම් දේවල් අමතක වෙනවද?
මෙයාගේ බිස්නස් හොයා බලන්න. සමහරවිට මෙයත් මොනවහරි වංචාවක් කරනකෙනෙක් වෙන්න ඇති. හුගක් වෙලාවට ඒ වගේ අයට තමයි මෙහෙම වෙන්නේ. (ස)
නයිජිරියාවෙ අයත් අපේ අයට දෙවැනි නැහැ..
තණ්හාය ජායති සෝකෝ ...........
ඔච්චර මෝඩද
මට ලියන්න හිත නැහැ..