රෙදි සෝදන කුඩු මුවාවෙන් ඩුබායි සිට ගෙන්වූ බව කියන රුපියල් කෝටි 13ක් වටිනා රට සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය අද (19) ඔරුගොඩවත්ත රේගු අංගනයේදී සොයා ගත්තේය.
ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කම්හලක නමට මෙම සිගරට් ගෙන්වා තිබේ. දුම්වැටි ලක්ෂ 44ක් එහි විය.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම විමර්ශන අංශය පරීක්ෂණ සිදු කරයි.
ඡායාරූප - ශාන්ත රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්වරු මෙච්චරකල් වැඩකළේ් නැද්ද. ඒ කියන්නේ පහු ගිය වසර 9 ක් තිස්සේ මොකුත් චෙක් කරලා නෑ. පගාව අරන් නිදහස් කරලද? (නදී)
රජයට ඔය තියෙන්නේ ඕන තරම් අමතර අදායම්. රටට සහන දෙන්න. (නදී)
මේ වගේ තව කොච්චර ඇතිද මේ රටේ.(හේ)
මේවා ගෙනාපු එකාව හොයල නිසි දඩුවම් දෙන්න (නදී)
පසුගිය කාලයේ මේවා රේගුවෙන් එලියට එක ලියුමෙන් ගත්තා. කුඩුත් ගත්තා (නදී)
මේවා ඔක්කොම ඡන්දෙට කලින් ගෙනාපු ඒවා තමයි (දිල්)