
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව කල්අඩිය ප්‍රදේශයේ රජයේ ඉඩමක කජූ ඇහිලීමට අනවසරයෙන් ඇතුළු වු පිරිසකට ඉඩමේ මුරකරුවන් කල වෙඩි තැබිමකින් එක් අයකු මරණයට පත්ව ඇති බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මරණයට පත්ව ඇත්තේ 36 හැවිරිදි ප්‍රදිප් සුසන්ත නැමති සේරක්කුලිය කලපුවේ ධීවරයකු ලෙස රැකියාව කරනු ලබන දෙදරු පියකී.
වෙඩි ප්‍රහාරයට ලක්වු තැනැත්තා තවත් දස දෙනෙකුට ආසන්න පිරිසක් සමග හලාවත වැවිලි සමාගමට අයත් අක්කර 25 කට ආසන්න ඉඩමක කජූ ඇහිලිමට ගොස් සිටියදි මෙම වෙඩි ප්‍රහාරයට ලක්වි ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවර්ණය වී තිබේ.
අදාල ඉඩම මේ වන විට හලාවත වැවිලි සමාගමට අයත් බවත් එය මේ වන විට පුද්ගලික බදු කරුවකුට බදු දී ඇති බවත් වෙඩි තැබිම සිදුකර ඇත්තේ අදාල බදු ලබා ගත් තැනැත්තාගේ මුරකරුවන් බවට පොලිසිය මේ වන විට සිදුකල පරික්ෂණවලදි තහවුරු කරගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන විදියට මුරකාරයන්ට තුවක්කු දීල තියෙන්නෙ කජු කඩන්න නෙවේ. අතේ පයේ මහන්සියෙන් වැඩක් තියෙන දෙයක් කරල ජීවත්වෙන්න කම්මැලි හොරුන්ට අත්වෙන එක ප්රතිඵලයක් මේ.