සැබෑ ජීවිතේ අඹුසැමියන් වන සුපිරි නිළි කාජල් හා අජේ දේවගන් දෙදෙනා රංගනයෙන් දායක වන චිත්‍රපටයක් ලබන වසරේ නිර්මාණය කරන්නට සැලසුම් කර තිබෙන බව "කෝයි මෝයි" වෙබ් අඩවිය සඳහන් කරනවා. කාජල් හ අජේ දෙදෙනා මීට පෙර බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායකව සිටි අතර, පසුගිය දස වසර තුළ ඔවුන්ගේ චිත්‍රපටයක් දකින්නට නොලැබුණා.
කාජල් සිය දරුවන් ලැබීමත් සමග බොලිවුඩ් සිනමාවෙන් ඉවත් වු අතර, ඇය නැවතත් බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වුණේ සුපිරි නළු ෂාරුක් ඛාන් සමගින් රඟ දැක්වුණු "දිල්වාලි" චිත්‍රපටයෙනි.
මේ වනවිට චිත්‍රපට නිෂ්පාදනයට එක්ව සිටින අජේ, සිය බිරිඳ සමගින් රංගනයේ යෙදන චිත්‍රපටය නිෂ්පාදනය කරන්නටද බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන්.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd