දඹුල්ල රෝහලේ නේවාසික ගර්භනී මවුවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට මුහුණදීමට සිදුව තිබෙන පීඩාකාරී තත්වයන් පිළිබඳ වාර්තා කළ ලංකාදීප මාධ්‍යවේදි කාංචන කුමාර ආරියදාස මහතාට එරෙහිව එම රෝහලේ වෛද්‍යවරයකු කර ඇත්තේ ව්‍යාජ පැමිණිල්ලක් බව මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය පවසයි.
මේ නිසා ඔහුගේ මාධ්‍ය ක‍්‍රියාකාරීත්වයට බාධා සිදුවෙන බවත් නිදහස් වාර්තාකරණයට බාධා කෙරෙන එවැනි කි‍්‍රියාවන් පිළිබඳව නොපමාව පරීක්ෂණ පැවැත්වීම පොලිසිය වගකීමක් බවත් එම සම්මේලනය පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම්දී තිබේ.
ජනතාවට වැදගත් තොරතුරු නිවැරැදිව වාර්තා කරන වෘත්තීය ජනමාධ්‍යවෙදීන්ගේ ගෞරවය හා ආරක්‍ෂාව සැළසීමට නොපමාව පියවර ගන්නා ලෙස ද එම සම්මේලනය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු හරි කියනවද දොස්තරලා සල්ලිවලට මොනාද නොකරන්නේ කියලා.
වඳ සැත්කමෙයි තාවකාලික උපත් පාලන සැත්කමෙයි වෙනස නොදන්න කම තමයි මූලිකම හේතුව.