ගාලලේ කොග්ගල ගුවන් හමුදා කදවුර අසල අනාරක්ෂිත දුම්රිය පාරකදී මින් මද වේලාවකට පෙර කාරයක් දුමිරියක හැපුනේය. අවුරුදු චාරිත්‍ර ඉටුකිරිමෙන් පසු සිය දරුවන් ද සමග කොග්ගල පන්සලකට යමින් සිටි ගාල්ලේ ව්‍යාපාරිකයකු මෙලෙස අනතුරට පත්ව ඇතැයි පොලීසිය කියයි. කාරයේ සිටි සියළු දෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියාල් ඔබ හරි. නව අව්රුද්දෙ කතාව.(නදී)
ගේට්ටු දැම්මත් වැඩක් නැහැ. එකනුත් රිංගලා යන මිනිස්සුනේ ඉන්නේ. (නි)
දේශපාලඥයෙක් හැපෙන්න ඕනෑ කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතකොට ඉක්මනට හැදෙයි. (නි)
රියාල්, ඔබගේ ප්‍රාර්ථනාවට පමණක් මම එකඟ නැහැ. රිස්වාන් කියන අදහස ඉතාමත් අගෙයි. මම කියන්නේ අඩු ගානේ උන බම්බුවක් වත් හරස් කලොත් මෙවැනි අනතුරු සිදුවෙන එක වළක්වාගන්න පුළුවන් නේද කියලයි. (නි)
දේශපාලකයන්ට බැනලා වැඩක් නැහැ. මුලින් හිතන්න තමුන් යන්නේ කොහෙද කාත් එක්කද කියලා (නි)
ඔබතුමා ඔහොම කිවුවට උණ බම්බු ගේට්ටු හදලා දුන්නම ලොකු ලොකු අයට ප්‍රශ්න ඇතිවෙනවා (නි)
මුහුදුබඩ දුම්රිය මාර්ගය හැදුවට පස්සේ දුම්රිය අධික වේගයෙන් යනවා. ඉතින් රේල් ගේට්ටු අත්‍යවශ්‍යයි (නි)
අපි කව්රුත් බම්බු ගහනවා අනතුරක් වුනාම. නරකද ආදර්ශයක් පෙන්නලා එක බම්බු ගේට්ටුවක් වත් පිනට හදල දෙන්න. අපි අපි එකතු වෙලාවත් ආදර්ශයක් වෙන්න. නිකන් පඩික්කම් පුරවන්නේ නැතුව.(නදී)
අජිත්,රියාල් කියන එක හරියටම හරි. (නි)
තාමත් මේ ප්‍රශ්නෙට හරි පිළිතුරක් නැහැ.. කොටී ගානක් වියදම් කරලා කාර්පට් පාරවල් හදනවා ගුවන් තොටු පොළවල් හදනවා මේවට කලින් මේ ගේට්ටු ප්‍රශ්නය ඉවර කලොත් හොදීඊ නේද ? (ස)
මම දැනට ඉන්නේ වෙන රටක වුණාට මගේ ගම කොග්ගල. ඔය කියන තැන කී දෙනෙක් හැප්පුනාද? මිනිස්සුන්ගෙන් මෙච්චර බදු අය කරන රටේ ආරක්‍ෂිත ගේට්ටුවක් දාන්න පිරිවැයක් දරන්න බැහැ? වැඩක් නැහැ මේවට අදහස් දාලා අපේ නිකන් ලේ පුච්චගෙන .... ලංකාව පුරාම ගත්තොත් මේ වගේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග කොච්චර නම් තියෙනවද? (නි)
මේකට දීර්ඝකාලින හොද විසදුමක් මගේ ළග තියෙනවා. කිසිම ගේට්ටු මුරකරුවෙක් නොමැතිව යෙදිය හැකි ක්‍රමයක්. කවුරු හරි මේක දකින ඇමති කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න. කොරියාවේ සේවය කරන මා මෙයට හොදම විසදුම දෙන්නෙමි. (නි)
ඇමති කෙනෙක් හැප්පෙන්න ඕනා කියලා මම ප්‍රාර්ථානා කරනවා. එතකොට ඉක්මනට හැදෙයි.(නදී)
මේවට ගේට්ටු දාන්න ලොකු ගානක් යනවද? මේවට ආණ්ඩුවටම බැනලා වැඩක් නැහැ. මේවට තමයි අපි විරෝධය පළකරන්න ඕනෑ. (නි)