සුමතිපාල දීයගහගේ
කොග්ගල කලපුවේ මිරිදිය මසුන් අද (2) සිට හදිසියේම මිය යන්නට පටන් ගෙන ඇති බවට ගම්වාසීන් පැමිණිලිකර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
කොග්ගල කලපුවේ තැනින් තැන මසුන් රංචු වශයෙන් මැරී සිටින බව පැවැත්වූ පරීක්ෂණවලදී පොලිසියට අනාවරනයවී ඇත. කොග්ගල වෙළද කලාපයේ ඇගලුම් කම්හලකින් කලපුවට මුදාහරින අපද්‍රව්‍ය නිසා මසුන් මෙසේ මිය යන්නට පටන් ගෙන ඇති බවට ගම්වාසීහු සැකකරති.
හබරාදුව පොලිසිය මේ පිළිබද ජලජීවි වගා අධිකාරියට දැනුම්දී ඇති අතර පොලිසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1970 ගණන්වල මම මේවගේ දෙයක් කෝකිලායි කලපුවේ දැක්කා. වෙලා තිබුනේ කලපු කට මුහුද සමග සම්බන්දවෙන තැන වැලිවලින් වැසීයාම නිසා කලපුවේ ලුණු සාන්ද්‍රණය ඉහල ගිය නිසා මාළු මැරී යාමයි. මෙතනත් එසේද දන්නේ නැත.