IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කකුල නැති කපුවාත් රිමාන්ඩ්

බේරුවල මාගල්කන්දේ දී පසුගිය 29 දා විවාහක කතක(21)  කෙලසූ බව කියන බේරුවල කකුල නැති කපුවා ද ඔහුගේ ආවතේවකරු ද කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දින් මහත්මිය විසින් ලබන 15දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

ඇගේ නැන්දම්මාට ශාන්තිකර්මයක් කිරීම සඳහා එහි ගිය බව කියන වසන්ත පුෂ්පකුමාර හෙවත් සුනිමල් හෙවත් කකුල නැති කපුවා (45) ආවතේව කරු ගම්වාරි සම්පත් (33) මෙසේ රිමාන්ඩකරනු ලැබ සිටිති. ශාන්තිකර්මයට ගොස් අංජනමක් බලා ඌරගස්මංහන්දියේ ගෙදරක වත්තේ දෙහි ගසකින් එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් ගෙන එන ලෙස ගෙදර සිටි පිරිමන් දෙදෙනා පිටත්කැර යවා ඇතැයි ද ඒ අතර දරුඵල ලබා දීම සඳහා කළුකුමාර දිෂ්ඨිය ඉවත් කළ යුතු බව කියමින් මුලින් ආවතේවකරු ද ඊළඟට කපුවා ද ඇය දූෂණය කැර ඇතැයි පොලිසිය උසාවියට කරුණු දැක්වීය.



අදහස් (0)

කකුල නැති කපුවාත් රිමාන්ඩ්

හිමාෂ Tuesday, 02 June 2015 03:12 PM

මෙහෙමත් පව්කාර මිනිස්සු? අහිංසක මිනිසුන්ගේ භක්තිය අවභාවිතා කළාට හොඳක් වෙන්නේ නම් නැහැ (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංසය Wednesday, 03 June 2015 10:31 AM

කලුකුමාරයා ගේ වැඩේ කපුවා බාර ගත්ත එකට කලුකුමාරයාට හොඳට තරහ ගිහිල්ලලු. දැන් ඉතින්, කපුවා කලුකුමාරයාට උත්තර බඳින්න වේවි. මගේ ආච්චි කියනවා එයා ළමිස්සි කාලේදී, කලුකුමාරයා කළුවර වැටීගෙන එන වෙලාවට එනවා කියලා. කපුවා කපෝති වගෙයි. (ර)

:       0       0

සත්‍යයා Wednesday, 03 June 2015 03:49 AM

ඔය වැඩේට කකුලක් තියෙන්න ඕනේ නැහැ කියල මිනිහ ඔප්පු කරන්න හදල තියෙන්නේ. කොහොම නමුත් මිනිහ ඔප්පුකලේ මිනිහගේ දේවාලේ දෙවියෙක් තියා කුම්භාණ්ඩයෙක් වත් නැති බව. කපුවෝ පස්සේ යන අයට මේවා හොඳ පාඩම්. (ස)

:       0       0

දුමින්ද Tuesday, 02 June 2015 12:37 PM

මිත්‍යාවක අදීනව. (ර)

:       0       0

රකිත් Wednesday, 03 June 2015 04:36 AM

දැන් එතකොට නැන්දම්මා කොහෙද හිටියේ? කළුකුමාර දිෂ්ඨිය ඉවත් කරනකන් බලන් හිටියාද? (බ)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 03 June 2015 05:02 AM

අනේ මෙහෙමත් ලෝකයක්,ඔය ගෙදර හිටිය පිරිමි දෙන්න ඔය තරම් මෝඩද? ඔය කපුවන් කරන නොහොබිනා දේවල් ගැන අහල නැද්ද? දැන් ඉතින් එක නැට්ටේ දෙහි ගෙඩි දෙක දැක්කනේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site