බේරුවල මාගල්කන්දේ දී පසුගිය 29 දා විවාහක කතක(21) කෙලසූ බව කියන බේරුවල කකුල නැති කපුවා ද ඔහුගේ ආවතේවකරු ද කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දින් මහත්මිය විසින් ලබන 15දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ඇගේ නැන්දම්මාට ශාන්තිකර්මයක් කිරීම සඳහා එහි ගිය බව කියන වසන්ත පුෂ්පකුමාර හෙවත් සුනිමල් හෙවත් කකුල නැති කපුවා (45) ආවතේව කරු ගම්වාරි සම්පත් (33) මෙසේ රිමාන්ඩකරනු ලැබ සිටිති. ශාන්තිකර්මයට ගොස් අංජනමක් බලා ඌරගස්මංහන්දියේ ගෙදරක වත්තේ දෙහි ගසකින් එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් ගෙන එන ලෙස ගෙදර සිටි පිරිමන් දෙදෙනා පිටත්කැර යවා ඇතැයි ද ඒ අතර දරුඵල ලබා දීම සඳහා කළුකුමාර දිෂ්ඨිය ඉවත් කළ යුතු බව කියමින් මුලින් ආවතේවකරු ද ඊළඟට කපුවා ද ඇය දූෂණය කැර ඇතැයි පොලිසිය උසාවියට කරුණු දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් පව්කාර මිනිස්සු? අහිංසක මිනිසුන්ගේ භක්තිය අවභාවිතා කළාට හොඳක් වෙන්නේ නම් නැහැ (නි)
කලුකුමාරයා ගේ වැඩේ කපුවා බාර ගත්ත එකට කලුකුමාරයාට හොඳට තරහ ගිහිල්ලලු. දැන් ඉතින්, කපුවා කලුකුමාරයාට උත්තර බඳින්න වේවි. මගේ ආච්චි කියනවා එයා ළමිස්සි කාලේදී, කලුකුමාරයා කළුවර වැටීගෙන එන වෙලාවට එනවා කියලා. කපුවා කපෝති වගෙයි. (ර)
ඔය වැඩේට කකුලක් තියෙන්න ඕනේ නැහැ කියල මිනිහ ඔප්පු කරන්න හදල තියෙන්නේ. කොහොම නමුත් මිනිහ ඔප්පුකලේ මිනිහගේ දේවාලේ දෙවියෙක් තියා කුම්භාණ්ඩයෙක් වත් නැති බව. කපුවෝ පස්සේ යන අයට මේවා හොඳ පාඩම්. (ස)
මිත්‍යාවක අදීනව. (ර)
දැන් එතකොට නැන්දම්මා කොහෙද හිටියේ? කළුකුමාර දිෂ්ඨිය ඉවත් කරනකන් බලන් හිටියාද? (බ)
අනේ මෙහෙමත් ලෝකයක්,ඔය ගෙදර හිටිය පිරිමි දෙන්න ඔය තරම් මෝඩද? ඔය කපුවන් කරන නොහොබිනා දේවල් ගැන අහල නැද්ද? දැන් ඉතින් එක නැට්ටේ දෙහි ගෙඩි දෙක දැක්කනේ. (ම)