IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කැකිරාව බස් ඩිපෝව වහයි

කැකිරාව ලංගම ඩිපෝ සේවකයන් දෙමාසයක හිඟ වැටුප් ඉල්ලා වැඩ වැරූ සිවුවැනි දිනයේ ඩිපෝව තාවකාලික වසා සේවකයෝ 150 දෙනෙක් දඹුල්ල ඩිපොවටත් පනස් දෙනෙක් පමණ අනුරාධපුර ඩිපොවටත්  අනුයුක්ත කරනු ලැබූහ. ලබන 20 වැනි දාට පෙර වැඩ බාර නොගතහොත් සේවය අතහැර ගියා සේ සලකන බව රජරට බස් සම්ගමේ අධ්‍යක්ෂ මර්වින් ප්‍රනාන්දු මහතා කියයි. ‘‘ඩිපෝව වැහුවේ නැහැ. ජවිපෙ පිරිසක් ඩිපෝව අඩපණ කරන්න හදනවා.ආරක්ෂාව සඳහා බස් ටික අනුරාධපුර සහ පොළොන්නරු ඩිපෝවලට යැව්වා‘‘  සේවක වැටුප් නොගෙවුයේ ඇයි දැයි ඇසූවිට ඔහු කිවේ ‘ඒ වැටුප දඹුලු ඩිපෝවේ සේප්පුවේ ඇති බවයි‘. සේවක වර්ජනය දිගටම පවතී.



අදහස් (0)

කැකිරාව බස් ඩිපෝව වහයි

හර්ෂ Friday, 17 August 2012 04:13 PM

සේප්පුවේ යතුර කොහෙද තියෙන්න ?(ස)

:       0       0

වරුණ Saturday, 18 August 2012 07:56 AM

දඹුල්ලේ සේපුවේ දැම්මේ පරිස්සමට වෙන්න ඇති නේද ආයුබෝවන් (අ)

:       0       0

වරුණ Saturday, 18 August 2012 08:03 AM

සමහර ලංගම බස් රථ වල රියදුරොයි, කොන්දොස්තරලයි පුද්ගලික බස් වලට තමන්ගේ බස් එකේ ඉන්න සෙනග ටිකත් දීලා නිකන් යනකොට කොහොමද ලංගම ලාභ ලබන්නේ? (නි)

:       0       0

සමන් Friday, 17 August 2012 04:31 PM

මේ ප්‍රවෘත්තිය මට නම් පැටළිලි සහගතයි. (නි)

:       0       0

සරත් Saturday, 18 August 2012 08:26 AM

හැම තැනම ප්‍රශ්න .රටේ බලධාරීන් ටිකක් හිතුවොත් හොඳයි..(ස)

:       0       0

රූපා Friday, 17 August 2012 04:51 PM

ඕවා වහන එකමයි හොද.පාඩු ලබන සියල්ලම වහලා දාලා අලුත් නමකින්, අලුත් විදියට, අලුත් කට්ටිය දාලා පටන් ගන්න ඕනෑ. (නි)

:       0       0

දුමින්ද Saturday, 18 August 2012 09:26 AM

මොකටද මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්නේ? (නි)

:       0       0

රනීශා Saturday, 18 August 2012 09:35 AM

ඔහොම වර්ජනය කරලා කළුතර ඩිපෝ එකේ හිටපු අයවත් රැකියාවෙන් ඉවත් කළා..මගේ පියාත් දැං ගෙදර.. (නු)

:       0       0

සේනක Friday, 17 August 2012 05:49 PM

සේප්පුවේ යතුර අහවල් නගරේ තියෙන ලාච්චුවක තියෙන්නේ. (නි)

:       0       0

සරත් Saturday, 18 August 2012 10:09 AM

මහ ලොකු වෙලවක් යනවද පඩි ගෙවන්න. කෙකිරාව අමෙරිකවෙද තියෙන්නේ..(ස)

:       0       0

ඩයස් Saturday, 18 August 2012 10:32 AM

මට හිතෙන්නේ සීටීබී එක වහලා දාලා අලුත්ම ආයතනයක් අලුත්ම විදියට පටන් ගත්තොත් හොදයි. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Saturday, 18 August 2012 11:34 AM

සුපුරුදු පරිදි උද්ඝෝෂණයක් හරි වැඩ වර්ජනයක් හරි උනාමවෙන පාර්ෂවයකට වරද පටවලා අතසෝදා ගැනීමට අපේ බලධාරීන් හරි උනන්දුයි. සමහර අවස්ථාවල ජනතාවත් රැවෙටනවා. වැටුපසේප්පුවේ දාගෙන ඉන්නේ අහවල්දේකට ද? ඒක ඒ වැටුප් හිමිකරුවන්ටබෙදා දෙන්න . අපිපෞද්ගලික ප්‍රවාහනනසේවයට වඩා ලංගමට කැමතියි. (අ)

:       0       0

නිරෝෂණ Friday, 17 August 2012 07:45 PM

මේවා හතරබීරි කථා. (අ)

:       0       0

නසාර් පොල්ගහවෙල Saturday, 18 August 2012 01:40 PM

දහඩිය බිමට වැටෙන්න පෙර කුලිය දෙන්න කියල හැම ආගමකම කියල තියෙනනේ. සේප්පුවල දලා හරියන්නේ නැහැ. (අ)

:       0       0

අමිල කටුනායක Friday, 17 August 2012 08:54 PM

බස් කොට උඩ. සේවකයන් බෝක්කු උඩ. වැඩ භාර ගන්න කලින් පඩිය දීලා ඉන්න. (නි)

:       0       0

සුජීව Saturday, 18 August 2012 02:17 PM

අහිංසක මිනිස්සුන්ගේ වැඩකරපු පඩි ලබා දෙන්න..ගෙදර අයට කන්න අදින්න දෙන්නේ කොහොමද ඒ මිනිස්සු..(ස)

:       0       0

රංග Saturday, 18 August 2012 02:20 PM

අහිංසක මිනිස්සු ඉල්ලන්නේ එයාලගේ වැඩ කරපු පහුගිය මාස දෙකේ පඩි. ඉතින් වැඩ ගත්තා නම් පඩි ගෙවන් නැත්තේ ඇයි...?

:       0       0

පූජා Saturday, 18 August 2012 02:30 PM

දැන් ඉතිං කොහොමත් රටේ කළමණාකරනය පතුලටම බැහැල..(ස)

:       0       0

මොහොමඩ් Friday, 17 August 2012 09:28 PM

උඩ පැන්නොත් බිම වැටෙයි..(ස)

:       0       0

ප්‍රවීන් Friday, 17 August 2012 09:52 PM

ඔව් ඔව් සේප්පුවෙම තියාගන්න .දෙන්න නම් එපා.(ස)

:       0       0

නිරෝෂණි Sunday, 19 August 2012 10:32 PM

ලස්සන පුවතක්. රාජකාරි දෙකම හොදට කෙරිලා පාටයි. (නි)

:       0       0

ගාමිණී Saturday, 18 August 2012 01:08 AM

සමහර විට අර අඩපන කරන්න හැදුවයි කියන කතාව ඇත්ත වෙන්නත් පුළුවන්...අපේ කට්ටිය ඕන වැඩක් අඩපන කරන්න දක්ෂයෝ. (ස)

:       0       0

වසන්ත Sunday, 19 August 2012 01:31 PM

අරක්කු භාගෙට පුද්ගලික බස් වලට ගමන් වාරය පාවා දෙනකොට ලංගම දියුණු කරන්න පුලුවන් වෙයිද? (නි)

:       0       0

සිසිර කුමාර Friday, 17 August 2012 03:21 PM

වැටුප සේප්පුවේ තියලා හරියනවද? දැන් හැම තැනම වගේ තියෙන්නේ පුදුම කළමනාකාරීත්වයක්නේ. (නි)

:       0       0

උපුල් Friday, 17 August 2012 03:27 PM

සේප්පුව තියෙන්නේ කොහේද දන්නේ නැහැ. (නි)

:       0       0

ඉලංගකෝන් Friday, 17 August 2012 03:26 PM

සේප්පුවේ තියාගෙන ඉදලා හරියන්නේ නැහැ. සේවකයන්ගේ පඩි වෙලාවට දෙන්න බලන්න. (නි)

:       0       0

අසංක Saturday, 18 August 2012 08:53 PM

මිනිස්සු නොමරා මරණවා..!!(නු)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 17 August 2012 03:30 PM

සේවකයන් 150ක් දඹුල්ල ඩිපෝවටත්, 50ක් අනුරාධපුර ඩිපෝවටත් අන්යුක්ත කළානම් හිග වැටුප් ඉල්ලා වැඩ වැරුවේ කවුද? (නි)

:       0       0

ජයා Saturday, 18 August 2012 05:49 AM

වැඩ අරන් පඩි සේප්පුවේ....(ස)

:       0       0

Mervin Friday, 17 August 2012 03:45 PM

විකුනපු ඒවා යලි රාජසන්තක කරලා හොදට අැන ගත්තා පාඩු නිසානේ වික්කේ ජීවිතේට බස් එකක ගියනැති අැමතිවරු ඕවා කලේ

:       0       0

මර්වින් Friday, 17 August 2012 03:45 PM

විකුණපු ඒවා යලි රාජසන්තක කරලා කරගත්ත දේ දැක්කනේ. පාඩු නිසානේ වික්කේ ජීවිතේට බස් එකක ගියනැති කටිටියනේ ඕවා කරේ. (ස)

:       0       0

සිසිර Friday, 17 August 2012 04:00 PM

වැටුප් ඉල්ලනකම්ම බලන් ඉන්න මේ ක්‍රමය තමයි හොද. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site