කැකිරාව ලංගම ඩිපෝ සේවකයන් දෙමාසයක හිඟ වැටුප් ඉල්ලා වැඩ වැරූ සිවුවැනි දිනයේ ඩිපෝව තාවකාලික වසා සේවකයෝ 150 දෙනෙක් දඹුල්ල ඩිපොවටත් පනස් දෙනෙක් පමණ අනුරාධපුර ඩිපොවටත් අනුයුක්ත කරනු ලැබූහ. ලබන 20 වැනි දාට පෙර වැඩ බාර නොගතහොත් සේවය අතහැර ගියා සේ සලකන බව රජරට බස් සම්ගමේ අධ්‍යක්ෂ මර්වින් ප්‍රනාන්දු මහතා කියයි. ‘‘ඩිපෝව වැහුවේ නැහැ. ජවිපෙ පිරිසක් ඩිපෝව අඩපණ කරන්න හදනවා.ආරක්ෂාව සඳහා බස් ටික අනුරාධපුර සහ පොළොන්නරු ඩිපෝවලට යැව්වා‘‘ සේවක වැටුප් නොගෙවුයේ ඇයි දැයි ඇසූවිට ඔහු කිවේ ‘ඒ වැටුප දඹුලු ඩිපෝවේ සේප්පුවේ ඇති බවයි‘. සේවක වර්ජනය දිගටම පවතී.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේප්පුවේ යතුර කොහෙද තියෙන්න ?(ස)
දඹුල්ලේ සේපුවේ දැම්මේ පරිස්සමට වෙන්න ඇති නේද ආයුබෝවන් (අ)
සමහර ලංගම බස් රථ වල රියදුරොයි, කොන්දොස්තරලයි පුද්ගලික බස් වලට තමන්ගේ බස් එකේ ඉන්න සෙනග ටිකත් දීලා නිකන් යනකොට කොහොමද ලංගම ලාභ ලබන්නේ? (නි)
මේ ප්‍රවෘත්තිය මට නම් පැටළිලි සහගතයි. (නි)
හැම තැනම ප්‍රශ්න .රටේ බලධාරීන් ටිකක් හිතුවොත් හොඳයි..(ස)
ඕවා වහන එකමයි හොද.පාඩු ලබන සියල්ලම වහලා දාලා අලුත් නමකින්, අලුත් විදියට, අලුත් කට්ටිය දාලා පටන් ගන්න ඕනෑ. (නි)
මොකටද මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්නේ? (නි)
ඔහොම වර්ජනය කරලා කළුතර ඩිපෝ එකේ හිටපු අයවත් රැකියාවෙන් ඉවත් කළා..මගේ පියාත් දැං ගෙදර.. (නු)
සේප්පුවේ යතුර අහවල් නගරේ තියෙන ලාච්චුවක තියෙන්නේ. (නි)
මහ ලොකු වෙලවක් යනවද පඩි ගෙවන්න. කෙකිරාව අමෙරිකවෙද තියෙන්නේ..(ස)
මට හිතෙන්නේ සීටීබී එක වහලා දාලා අලුත්ම ආයතනයක් අලුත්ම විදියට පටන් ගත්තොත් හොදයි. (නි)
සුපුරුදු පරිදි උද්ඝෝෂණයක් හරි වැඩ වර්ජනයක් හරි උනාමවෙන පාර්ෂවයකට වරද පටවලා අතසෝදා ගැනීමට අපේ බලධාරීන් හරි උනන්දුයි. සමහර අවස්ථාවල ජනතාවත් රැවෙටනවා. වැටුපසේප්පුවේ දාගෙන ඉන්නේ අහවල්දේකට ද? ඒක ඒ වැටුප් හිමිකරුවන්ටබෙදා දෙන්න . අපිපෞද්ගලික ප්‍රවාහනනසේවයට වඩා ලංගමට කැමතියි. (අ)
මේවා හතරබීරි කථා. (අ)
දහඩිය බිමට වැටෙන්න පෙර කුලිය දෙන්න කියල හැම ආගමකම කියල තියෙනනේ. සේප්පුවල දලා හරියන්නේ නැහැ. (අ)
බස් කොට උඩ. සේවකයන් බෝක්කු උඩ. වැඩ භාර ගන්න කලින් පඩිය දීලා ඉන්න. (නි)
අහිංසක මිනිස්සුන්ගේ වැඩකරපු පඩි ලබා දෙන්න..ගෙදර අයට කන්න අදින්න දෙන්නේ කොහොමද ඒ මිනිස්සු..(ස)
අහිංසක මිනිස්සු ඉල්ලන්නේ එයාලගේ වැඩ කරපු පහුගිය මාස දෙකේ පඩි. ඉතින් වැඩ ගත්තා නම් පඩි ගෙවන් නැත්තේ ඇයි...?
දැන් ඉතිං කොහොමත් රටේ කළමණාකරනය පතුලටම බැහැල..(ස)
උඩ පැන්නොත් බිම වැටෙයි..(ස)
ඔව් ඔව් සේප්පුවෙම තියාගන්න .දෙන්න නම් එපා.(ස)
ලස්සන පුවතක්. රාජකාරි දෙකම හොදට කෙරිලා පාටයි. (නි)
සමහර විට අර අඩපන කරන්න හැදුවයි කියන කතාව ඇත්ත වෙන්නත් පුළුවන්...අපේ කට්ටිය ඕන වැඩක් අඩපන කරන්න දක්ෂයෝ. (ස)
අරක්කු භාගෙට පුද්ගලික බස් වලට ගමන් වාරය පාවා දෙනකොට ලංගම දියුණු කරන්න පුලුවන් වෙයිද? (නි)
වැටුප සේප්පුවේ තියලා හරියනවද? දැන් හැම තැනම වගේ තියෙන්නේ පුදුම කළමනාකාරීත්වයක්නේ. (නි)
සේප්පුව තියෙන්නේ කොහේද දන්නේ නැහැ. (නි)
සේප්පුවේ තියාගෙන ඉදලා හරියන්නේ නැහැ. සේවකයන්ගේ පඩි වෙලාවට දෙන්න බලන්න. (නි)
මිනිස්සු නොමරා මරණවා..!!(නු)
සේවකයන් 150ක් දඹුල්ල ඩිපෝවටත්, 50ක් අනුරාධපුර ඩිපෝවටත් අන්යුක්ත කළානම් හිග වැටුප් ඉල්ලා වැඩ වැරුවේ කවුද? (නි)
වැඩ අරන් පඩි සේප්පුවේ....(ස)
විකුනපු ඒවා යලි රාජසන්තක කරලා හොදට අැන ගත්තා පාඩු නිසානේ වික්කේ ජීවිතේට බස් එකක ගියනැති අැමතිවරු ඕවා කලේ
විකුණපු ඒවා යලි රාජසන්තක කරලා කරගත්ත දේ දැක්කනේ. පාඩු නිසානේ වික්කේ ජීවිතේට බස් එකක ගියනැති කටිටියනේ ඕවා කරේ. (ස)
වැටුප් ඉල්ලනකම්ම බලන් ඉන්න මේ ක්‍රමය තමයි හොද. (නි)