කුෂාන් ජයවර්ධන
කැකිරාව මල්දෙණිපුර ප‍්‍රදේශයේ නිවසක අද (02) සිදුවූ පිපිරීමකින් 18 හැවිරිදි පාසැල් දැරියක බරපතල තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබේ.
පිපිරීමට ලක්ව බරපතල තුවාල ලැබූ දැරිය කැකිරාව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරු කර යවා තිබේ. පිපිරීමෙන් දැරියගේ පාදවලට හා හිසට හානි සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මින් දින දෙකකට ඉහතදී දැරියගේ පියාට හමුව තිබී හදුනා නොගත් කුඩා ගුලියක් වැනි යමක් එම නිවසට ගෙනැවිත් තබා ඇති බවත් අද එම හදුනා නොගත් ගුලිය පුපරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය එම ස්ථානයේ තිබී ඊයම් ගුලි කොටස් කිහිපයක්ද සොයා ගෙන තිබේ. ඒ අනුව දේශීය නිශ්පාදනය කරන ලද පුපුරණ යමක් මෙලෙස පුපුරා යන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසියේ හා අනුරාධපුර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීහු විමර්ශණ සිදු කරති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන අපේ කොටි විශේෂඥ ගම්මන්පිල මැතිතුමාගේ මතය විමසා බැලීම සුදුසුයි!
කොටි විශේෂඥ ගම්මන්පිල මැතිතුමාගේ මතය විමසා බැලීම සුදුසුයි.. එයානේ අද මේ විෂය දන්නේ...
වර්තමානයේදී සමහර දඩයක්කරුවන් විසින් සතුන් දඩයම් කිරීමට මෙවන් දේ නිපදවනු ලබනවා. මේවා 'හක්ක පටස් ' යනුවෙන් හදුන්වනවා. සතෙකු මෙය විකනා විට එම සතාගේ බෙල්ල කදින් ගැලවී විසිවෙනවා. මට නම් හැගෙන්නේ මෙය එවන් දෙයක් බවයි. අහිංසක දැරිය ගැන කණගාටුයි. මේවා කරනා නොමිනිසුන්ට දැඩි දඩුවම් දිය යුතුයි.
ගම්මන්පිල ආවද සිද්ධිය බලන්න? හැකි ඉක්මණින් දැනුම් දෙන්න.