යුද්ධය පරාජය කර අවුරුදු හතක් ගතවුණත් පරණ පුරුදු තවම තියෙනවාලු. පොලිසියේ ලොකු මහත්තයකු ගේ ආරක්ෂාවක් දැක්කාම ඒ බව පේනවාලු.
දැන් ඔහුගේ රාජකාරිය පරණ කොටි කටේලු. මිනිහා ගමන් බිමන් යන්නේ ඉස්සරහින් පස්සෙන් ආරක්ෂාව ඇතුවලු. මෝටර් සයිකල්කරුවකු ඉදිරියෙන්ම යනවාලු. සුදු මේස් දමාගත් නිලධරයකු වාහනය පස්සෙන් වාඩිවෙලාලු. නිල රථය ඊළඟටලු. ඊට පසුව සන්නද්ධ පොලිස් භටයන් රැගත් ජිප් රියක්ලු. මේ සියල්ලම කරන්නේ කොටියාට බයේලු. ඒත් කොටි පුළුටක්වත් දැන් ඒ පැත්තේ නැතිලු.
මේ ලොක්කා යන එන විට වෝකිටෝකි සංඥා තොරතෝංචියක් නැතිව ඇහෙනවාලු. පාර දෙපැත්තේ මැස්සෙකුටවත් ඉන්න දෙන්නේ නැතිලු. සියලුම වාහන හා මිනිසුන් නවත්වනවාලු. සුදු අත්මේස්කරුගේ සංඥාවට වාහන දැන් ඉබේම නවතිනවාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ පුද්ගලයා.(හේ)
කවුද මේ? (නි)
කමක් නැහැ (බ)
එහෙම තමයි උතුරු පළාතේ ඉන්න ඕනේ.(හේ)
කරුණා කරලා කවුද කියල කියන්න අනික් නිලධාරින්ට අසාධාරණයි ..(රේ)
ෂේප් එකේ තමයි ඉන්න ඕනේ. වැඩි සෝබන ඕනේ නෑ (බ)
කොටි පුළුටක් නැහැ කියලා කියන්නේ කොහොමද? "අපි කොටි" කියලා බෝඩ් ගහගෙන යන කොටි යුද්ධ කාලේවත් හිටියේ නැහැ. (නි)
යුධය නතර වුනත් අරාක්ෂාව ඒ ආකාරයෙන්ම කරගෙනයාම කිසිම වරදක් නෑ, දෙයක් වුනාට පස්සේ හරිගස්සනවාට වඩා හොඳයි එය වළක්වන එක. ඉස්සෙල්ලම කොටි ගහලා හමුදාවේ 13 දෙනා මැරුනේ කිසිම බලාපොරොත්තුවක් නැති වෙලාවක. (බ)
තමන්ගේ ආරක්ෂාව තමන් සළසා ගැනීම නිවැරදි ක්‍රමයක්. කාටවත් කරදරයක් නැහැ. නොකළොත් ප්‍රශ්නයක් වෙනවා. තමන් මැරුනොත් පාඩුව පවුලේ අයට. (නි)
කමක් නැහැ නේද? මොකද ඔය පළාත්වල ඔය විදිහට හැසුරුනේ නැත්නම් අපිට ඔලුව තියාගෙන ඉන්න වෙන එකක් නැහැ. (නි)
එහෙම තමයි උතුරු පළාතේ ඉන්න ඕනේ. නැත්නම් අපිට මොනවා වෙයිද දන්නේ නැත (බ)
පසුගිය රජයේ කෙනෙක් වගෙයි (නි)
ඔය පරණ පුරුද්ද. ගිය රජයේ කෙනෙක් වගේ (නි)
මේ පරණ රාජධානියකට ළඟදී පත්වුණ කෙනෙක්ද? (නි)
හොඳ දෙයක් පෙර සූදානම. එයින් ශ්‍රී ලංකාව සහ එම උසස් නිලධාරියාවද ආරක්ෂා වනු ඇති (නි)
මේ විදියට දැන් හැසිරීම ආරක්ෂක මේනියාවක් තමයි. (ම)