කොටි සංවිධානයේ හිටපු අවි සැපයුම්කරුවන කේ.පී. හෙවත් කුමාරන් පද්මනාදන්ට එරෙහිව නඩු නොපවරණ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මධ්‍ය මධ්‍යස්ථානය කියයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල හා හමුදා ප්‍රකාශක රුවන් වනිගසුරිය පැවැසුයේ ඔහුට විරුද්ධව කිසිම චෝදනවාක් ඉදිරිපත් වී නැති බවයි. ඔහු දැනට කිලිනොච්චියේ රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ගෙන රටේ සංවර්ධන වැඩ කරන බව හුළුගල්ල මහතා කීවේය. ප්‍රභාකරන්ගේ ඝාතනයත් සමග 2009දී කේ.පී. මලයාසියාවේදී අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. තව පුළුවන් නම් කොහෙන් හරි නඩු ටිකක් හොයල දාන්ඩ අර යුද්දේ ඉවර කරන්න මුල් වුන එස් එෆ් ට.
එහෙනම් ඉතින් හිරේ ඉන්න අනිත් එල් ටී ටී ඊ සැක කරුවන්වත් නිදහස් කරාම ඉවරයි නිකන් බොරු නොකර.නැත්තම් ඒ මිනිස්සුන්ට කන්න දෙන්න බදු ගෙවන්න ඕනත් අපිනේ.
ඔක්කොම කොටි
දෙයියෝ සාක්කි! (නි)
සරත් ෆොන්සේකාට චෝදනා තිබ්බා වගේ මතකයි. ඒත් කේපී මාමා වැරදි කරලා නෑ නේද?
මාරයි.
අනේ පව් අහිංසක, වැදගත් කේ.පී මහත්තයට... කව්ද අත්ඩංගුවට ගත්තෙ? අත්අඩංගුවට ගත්තු අයට දැඩි දඬුවම් දෙන්න ඕන...
එස් එෆ්ට කරපු දේ මදි වගේ. පුදුම රටක් මේක.
සරත් ෆොන්සේකා මහතා යුද්දය ඉවර කර පමණි. එයාගෙන් අදායමක් අවේ නැහැ,
කරුණා සහ පිල්ලෙයාන් ට නඩු නැත්තෙ යුද්දෙ ඉවර කරන්න උදව් කල නිසා කියලවත් හිත සනසා ගන්න පුලුවන්. ඒත් අන්තිම මොහොත වෙනකන් ප්‍රභාකරන් එක්ක හිටපු මෙයාට නඩු නැත්තෙ ඇයි? මෙයා හරහා සoසරණය වුනු කොටි ජාත්‍යන්තර ජාලයේ අති විශාල ධනස්කන්දයට මොකද වුනේ?
කුමාරන් පද්මනාදන් සහ සරත් ෆොන්සේකා යන දෙදෙනාම ව්‍යාපාරිකයින්ද? (නි)
මේක සිරි ලංකාවනේ! (නි)
අපිට ඇදුම් නැතුව යන්න වෙන කාලය වැඩි ඈතක නැහැ. (නි)
අපරාදේ එයාව අල්ලන්න වෙච්ච මහන්සියයි, වියදමයි (නි)
කේපීට නඩුත් නෑ. මිනිහ ලග තිබ්බ බඩුත් (සල්ලිත්) නෑ
ප්‍රතිචාර දක්වන්න වචනත් නෑ නේද? ඇයි මෙහෙම කරන්නේ?
කේ පී කියන්නේ සල්ලි ගහක්. එයා එක්ක කොහොමද නඩු කියලා බේරෙන්නේ. අපෙත් ඉතින් ඉන්නවනේ ඕනෑ තරම් සල්ලි වලට නඩු වලට පෙනී ඉන්න අය. අනික කේ පී ගෙන් තව කොච්චර රහස් දැනගන්ඩ තියනවද එල් ටී ටී එක ගැන. එයා අපට කොච්චර වටිනා කෙනෙක්ද? ඔයාල මේ බණ කියනවා. (නි)
මම හීනෙන් දැක්කා... මෙතුමා 2014දී උතුරු පළාතේ මහඇමති වෙනවා... ඊට පස්සේ 2020දී පමණ කන්න දීපු කෙනෙකුගේ අතකුත් හපාකනවා දැක්කා.....
මෙයාට ඡන්දෙ දුන්නට අපිට නඩු දාන්න ඕනෑ. (නි)
ලෝකයේ ලැජ්ජා නැති ජාතියක් තමයි සිංහල ජාතිය කියන්නේ. (නි)
අයි අපිව රවට්ටන්නේ (දී)
කුමා, මොකද වුණේ කියල කියන්න නම් ආසයි, ඒත් බයයි. (ස)
කරුණාකර කේපී සතු ධනස්කන්දයේ වටිනාකම හෙළි කරන්න. (ස)
වයි දිස් කොලවරි කොලවරි ඩී.... (නි)
ලොකු ලොකු උත්තමයෝ වදාරනවා. අපි තණකොල කන ගොන්නු වගේ බලන් ඉන්නවා. සුභ අනාගතේට වැඩි ආයුෂ නැතෝ. හූ... (නි)
එහෙනම් ඇයි මෙයාව මැලේසියවටම ගිහින් අරන් ආවේ? රට කොයිබටද? ඔබතුමන්ලාට රට බාරදීලා අපි මේක නෙමෙයි බලාපොරොත්තු වුණේ. (නි)
චෝදනා නැත්නම් අත්අඩංගුවට ගත්තෙ ආසාවට ද ? (නි)
කේ පී උපන් නැකත, කවුරුහරි දන්නවනම් මට දෙන්න පුලුවන්ද? මටත් ඒ නැකත අල්ලලා ළමයෙක්වත් හදාගන්න බලන්න. (නි)
සෑම්, මාත් ඔය හීනෙම දැක්කනේ. පොඩ්ඩක් දින වකවානු වෙනස් මට මතක හැටියට. චෝදනා නැතුව අත් අඩංගුවට ගත්තේ ඇයි දන්නේ නැහැ. පවු අහිංසකයා. අනේ රටට සේවය කරන්න මැරෙන හැටි දැක්කහම ඇඬෙනවා. ෆොන්සේකා මහත්තයෝ, ඔන්න හැදෙනවා නම් ආදර්ශයට ගනන් ඕනෑ මිනිස්සු. (නි)
කෝ? මේකට හිනායන අය අත් උස්සන්න බලන්න. (නි)
අනේ වාසනාවන්. (නි)
මේකද මේ ආසියාවේ ආශ්චර්යය? (නි)
මෙහෙම දේවල් අහන්න ලැබෙන්නේ ඇයි?(නදී) a
අයියෝ කේ පි
කරන කලට පව් මිහිරිය මි සේ ගෙවන කලට තමයි වැඩේ ....
මෙයින් පෙනෙන්නේ කේපී ගැන මීට කලකට පෙර සමහර වෙබ් අඩවි,බ්ලෝග් අඩවි කී දේවල් නිවැරදි බවයි. (නි)
දේශපාලකයන් ඉන්නකම් මේ රට හදන්න බැහැ. ආසියාගේ ඵෙශචර්යය වැඩි ඈතක නොවෙයි. කේ.පී.ජාතික වීරයෙක්. එස්.එප්. දේශදෝහියෝ. අනේ අම්මපා මේවා ඇහුවාම මට හිනා යනවා පස්ස පැත්තෙන්. මේ වගේ අයට තමයි ලංකාවේ අය ඡන්දය දුන්නේ. ජය වේවා! (නි)
කවදා හෝ කල කම් පලදේ
ලෝකෙම විනාශ කල සංවිධානයක්
කිසිම චෝදනාවක් නැතුවද අත්අඩංගුවට ගත්තේ? බරපතල වරදක් නොවැ? කේ.පී මහත්තයෝ, එහෙනම් ඔබතුමාවත් නඩුවක් දාන්න කිසිම වරදක් නැතිව අත්අඩංගුවට ගත්තා කියලා. (නි)
දඩුවමක් දෙන්න ඕනේ
ඇත්තටම එයාට විරුද්දව පියවරක් ගන්නේ නැද්ද
කවුද කේ පි කියන්නේ කියන්නකෝ
එවන් මිසිසේක්ව පුනරුත්තාපනය කරන්න ඕනේ
කේ.පී. මාමා නම් හරි ලකී. නේද මෙයා? (නි)
කල වැඩ වලට ධර්මයට අනුව පටිසන් දෙයි
අනේ අපොයි ගිය කළක්
යතා කාලයේදී දඩුවම් ලැබෙයි (දී)
ඒ කතාවට මමත් එකඟයි
"ඔහු දැනට කිලිනොච්චියේ රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ගෙන රටේ සංවර්ධන වැඩ කරන බව හුළුගල්ල මහතා කීවේය." කොළඹ ඇතුළු දකුණේ පිහිටුවාගෙන ඇති රාජ්‍ය නොවන සංවිධාන මතක් කරන කොටම 'ඩයස්පෝරාවේ ඩොලර් වලට කෑදර වී රට විනාශ කරනවෝ' කියා කෑගහන්න කටවල් මැදගෙන ඉන්නා දේශ හිතෛෂී උතුමන්ලාගේ කටවල් වල මේ දවස්වල පිට්ටුද මන්දා..
අපි අපි ගැනම ලජ්ඡා වියයුතුයි
මමත් එකඟයි ඒ දේට
මට මතක නෑ මම LTTE එකේ හිටිය කියල
කොහොමද එහෙම වෙන්නේ
අපි හරි අහිංසකයි මහත්තයෝ
ලෝකය හිනස්සනවා
අපි මේ ප්‍රශ්නයට එකතු වෙන්න ඕනේ නැහැ
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී.... (නි)
මම මොකුත් නොදනී
මම හිතන්නේ ඔබ හරි
යුද්ධ කරල මගේ අයියාගේ කකුල නැති වුණා. අද අයියා කියනවා මේ වගේ උන් වෙනුවෙන් යුද්දෙට ගියේ අපරාදේ කියලා. (නි)
අයියෝ කේ පි
අපේ රට දැන් නිදහසනේ ඒ ඇති
අපිට මොකද අනේ
ප්‍රභාකරන් මැරුවේ හොද වෙලාවට නේද? (නි)
අනේ මන්දා පවු කේපී.
වැරදි හදාගත් මිනිහට දඩුවම් කරන්නත් හොද නෑ. හැබැයි එස් එෆ්ටත් දඩුවම් කරන්න හොද නෑ.
එස් එෆ් ටත් දැන් සමාව හම්බවෙලානේ තියෙන්නේ. එයාටත් දැන් නඩු නෑ.
අයියෝ සල්ලි
මෙන්න අපේ ජාතික වීරයෙක්. යුද්ධය ජය ගන්න කැප කිරීම් කරපු සැබෑම වීරයෙන්. ලබන අවුරැද්දේ යුද ජයග්‍රහණය සමරන උළෙලට මෙයාටත් එන්න කියලා නම්බු නාමයක් දෙමු නේද? ආයෙත් පාරක් පොන්සේකා මහත්තයාව හිරේ දාමුද? තවත් මොකක් හරි බොරැවක් කියලා.
දැන් මොකද කරන්නේ
ඡන්දෙ දීපු අයට තවමත් තේරෙන්නේ නැද්ද? මටනම් වචන නැහැ මේවට කියන්න.. දැං ඉතිං මෙයාලව වෙනස් කරලා මීටත් හපන් කෙනෙක්ව පත් කර ගමු.. හැමෝම ඕන කියන්නේ දේශපාලන අත්දැකීම් තියෙන නායකයෝනෙ..!(නු)
ඔය දේශයට හිතවත් සංවිධාන ගොඩක් තියෙන්නේ ලංකාවෙ ඒවාට බැරිද නඩුවක් දාන්න..!(නු)
දැංවත් තේරෙනවාද යුද්දෙ ඉවර කරන්න කාටද ඕන උනේ කියලා.. කාටද ප්‍රභාකරන්ව බේරගන්න ඕන උනේ කියලා..!(නු)
කමක් නැහැ... නේ
සල්ලිවල බලේ. කියක් ගොඩ ගියාද කේපී නිසා?
මන් හිතන්නේ තව ටික දවසකින් කියන්ද දන්නේ නෑ කේපී කියන්නේ මේ කට්ටියට අවි දීපු කෙනා කියලා.
පිට රට ජීවත් වන අපිට දැං නම් අපි ලංකාවෙ කියන්නත් බොහොම ලැජ්ජයි...!(නු)
මම නම් හිතන්නේ එයාට ජනාධිපති ආරක්ෂාව පිළිබද උපදේශක තනතුරක් දෙන්න වෙන්න ඇති..!(නු)
නියමයි ලංකා ආණ්ඩුවට ජය වේවා..!(නු)
අපි පව්..!(නු)
මට මොකුත් මත නැහැ
ඔකටතමයි සංවේදී කම කියන්නේ.
හොද වෙලාටව අපේ කොල්ලො ප්‍රභාකරන් මැරුවෙ.. එයාත් අහුවුනානම් කියයි ප්‍රභාකරන්ට කිසිම චෝදනාවක් නැහැ කියලා..!(නු)
මොනවද මේ වෙන්නේ? දේශපාලකයන්ව පත්කරන අපේ මිනිස්සුන්ට හොද පාඩම්.
ජයවේවා. සුභ අනාගතයක්.
නිරපරාදේ අත්අඩංගුවට ගත් නිසා කේ පී මහතාට වන්දියක් ගෙවිය යුතුය සංවේදී කම ඉන් ඔප්පු කල හැක (නු)
අනිවාර්යයෙන්ම කේ.පී කියන්න ඇති මට මොනවත්ම මතක නැහැ කියලා.. මේ සල්ලි කාගෙද දන්නෙ නැහැ..ඕන කෙනෙක් ගන්න කියලා..!(නු)
දැං නම් ප්‍රභාකරන් මරපු එකත් අපරාදෙ කියලා හිතෙනවා.. එයා ළගත් සල්ලි තෙයනවාද ස්විස් ගිණුම් වලට දාන්න පුළුවං.. අනේ මෙහෙම රටක්.. යුද විරුවෙ හිරේ..(නු)
ඔයාල දන්න හරිය තමා විපක්ශයෙන් ආන්ඩුවට වැඩියෙන්ම සපෝට් කරන්නෙ රනිල් ඒ වගේ ප්‍රභාකරන් ගෙන් බැරි වැඩේ තමයි කේ පී ගෙන් කර ගත්තෙ ජේ ආර් ගෙ මොලේ කැලේ ...(නු)
අනේ අහිංසක ප්‍රභාකරන් නිකරුනේ මැරිලා ගියා.. මේ වගේ කළානම් හරිනේ.. මේවා හොද ආදර්ශ... මේක කේ.පී. වත් ගේන්න උපක්‍රමයක්..!(නු)
මේක ඉතින් අපේ ලංකාවනේ! (නි)
මම ඡන්දෙ දුන්නේ හිටපු හමුදාපතිතුමාට. පැරදුනත් මට දැන් සතුටුයි.. හරි තීරණය අරගත්තු නිසා....
මෙයාට ලගදීම උතුරේ මහඇමතිකම ලැබෙනවා. පව් එස් එෆ්. ඔබට ජය..
බලාගෙන යද්දි මෙයා කිසිම වරදක් කරලා නෑ. වැරදි කරලා තියෙන්නේ එස් එෆ් මොකද යුද්ධය නම කළ නිසා.
මේකට මොනවා කියන්නද මන්දා? (නි)
එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා ඇහුවොත් කියාවි විදේශීය බලපෑම් කියලා. (නි)
මේවා අපිට අදාල ප්‍රශ්න නොවෙයි
කේ පි කියන්නේ කවුද
ලගදීම බලන්නකෝ
මට මොකුත් ඇහෙන්නේ නැහැ මේ දවස් වල
ඇහුනේ නැහැ වගේ ඉන්න
මෙයා අහිංසකයෙක් බව අපි මුල සිටම දැනගෙන හිටියා... අරන්තලාවේ ස්වාමින්වහන්සේලාගේ ඔළු වලට කඩුවේන් කොටලා අපවත් කළ කරුණා ඇමති කෙනෙක් වෙලා ඉන්න රටේ මේක මොකද්ද?(නු)
ලංකාව ගැනත් ලැජ්ජයි. (නි)
යුද්ධය අවසන් කරන්න ඇත්තටම හැගිමක් තිබුණේ කාටද කියලා අපි දැන් දන්නවා (නි)
එතකොට ඇයි මෙයාව අල්ලන්න කිවුවේ? මට නම් නිකන් පිස්සු වගෙයි. (නි)
දැන්නම් අපි ලංකාවේ කියන්නත් ලැජ්ජයි වගේ (නි)
අපි යථාර්තය හරිහැටි දැනගත්තේ මේ සිද්ධිය නිසයි (නි)
ගණන් ගන්න එපා
කාටද මේ එල්ටීටීඊ කියන්නේ? එහෙම කට්ටියක් ලංකාවෙ හිටියද? මට මතක නැහැනේ. (නි)
අපි මොනවා කරන්නද
මොනවා කරන්නද
අයියෝ සල්ලි
ඕවට වඩා විසදන්න ප්‍රශ්න තියෙනවා
වීරයා මැරිලා..!(නු)
අන්ත පරාජයක් ලබපු ජේ.වී.පී. එක පුවත්පත් සාකච්ඡාවකදි කිව්ව දෙයක් මට මතක් අනා..“ අපි නෙමෙයි පරාජය උනේ ..මේ දේශප්‍රේමී රජයට ඡන්දය දුන්න අයයි“ කියලා..!(නු)
අනේ මමත් කොටියෙක් වෙලා හිටියානම්..!(නු)
හෙට අනිද්දා උපදේශක තනතුරක් දීලා ඒ බරපැනත් අපේ ඔළුවටම පටවයි අනිවාර්යයෙන්ම..!(නු)
කේ. පී. ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයේ ද විත්තිකරුවෙක් වේ. එමෙන්ම ජාත්‍යන්තර පොලීසිය විසින්ද මොහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇත.(නු)
ඔන්න කනෝ පිනුම් කිව්වලු.. දැංවත් අපේ අයට තේරෙනවාද දන්නෙ නැහැ..! (නු)
මට මොකුත් නැහුනේ නැහැ
හැමදේම මුදලට යටයි. (නි)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
අනේ අප්පේ! (නි)
තව ටික දවසකින් කේ.පී. මහත්තයා පාර්ලිමේන්තුවෙ දිවුරුම් දෙයි..!(නු)
එතකොට මොකටද අච්චර වියදම් කරලා එයාව අත්අඩංගුවට ගත්තේ? (නි)
දැන් තේරෙනවද කොටියා කවුද කියලා? (නි)
බැරිද දන්නෙ නැහැ අපහාස නඩුවක් දාන්න? (නි)
අපරාදේ, අපේ කොල්ලො දහස් ගණනක් තමන්ගෙ ජීවිත පූජා කරලා, සදාකල් ආබාධිතයෝ වෙලා මේ රට අපට බේරලා දුන්නේ, මේ වගේ දේවල් අහන්න, දකින්න නෙමෙයි. තව ටික දවසකින් කේ.පී. ඇමති කෙනෙක් වෙයි. මේ වගේ කතා අහන්න ජීවත් වෙලා ඉන්නවට වඩා හොදයි ඒ කාලේ යුද්ධෙට ගිහින් ජීවිතේ පිදුවානම්. (නි)
මෙන්න නියම මිනිස්සු! (නි)
කොහොමද අපේ අයගේ මොළේ? (නි)
මොනවද දන්නෙ නැහැ මෙයාලගේ අධ්‍යාපන සුදුසුකම්? (නි)
කියන්න වදන් නැහැ.. හැගුම් හිතේ ගොලු වෙලා.! (නු)
අපේ රටේ නායකයෝ ගැන ලෝකෙට කියන්න ලැජ්ජයි (ස)
අපේ රටේ මිනිස්සුන්ට හොද නම් අපිටත් මොකෝ? (නි)
පවු රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අසරණ කොල්ලෝ ටික! (නි)
ලෝකෙන්ම උතුම්ම රට ලංකාවයි. හැමෝටම තේරෙයි. හැබැයි කල් යයි (නි)
නියමයි! නියමයි.(නදී)
කේ.පී ට නඩු දැම්මොත් එල්.ටී.ටී එකේ දේපල වලට වුනු දේ හෙලිවෙනවා.(නදී)
විමල් වීරවංශලගේ දේශප්‍රේමය කෝ දැන්.(නදී)