ඉන්දුනීසියාවේ සරණාගත කඳවුරක රැදී සිටින ලාංකිකයින් ඇතුළු සරණාගතයින් 65 දෙනෙකු විසින් ඔවුන් නවසීලනතයට බාර ගන්නා ලෙස නවසීලන්ත රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි තානාපති ආරංචි මාරග පවසයි.
බංගලිදේශ හා මියන්මාර ජාතිකයෝද එහි වෙති. මෙම පිරිස නවසීලන්ත රජයට යොමු කළ ලිපියෙන් තවදුරටත් දැනුම් දී ඇත්තේ දේශපාලන ගැටලු හා තවත් කරුණු මත පදනම්ව තමන් ඇතුළු පිරිස මව් රටවල් වලින් පලා ආ බවය.
මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ මෙම ලාංකිකයින් ඇතුළු නීතිවිරෝධී සංක්‍රමණිකයන් 65 දෙනා ඉකුත් 2වැනිදා ඉන්දුනීසියාවේ දූපතකට හරවා යැවීමට ඕස්ට්‍රේලියා පියවර ගත්තේය. ඒ සඳහා දෙරට අතර ගිවිසුමක් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි පූර්වාදර්ශයක් (නදී)
නිහාල්, නොදන්නා දේවල් කියන්න එපා. ඕස්ට්‍රේලියාවේ වර්ණභේදය නැහැ. මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.මේක සියලු ජාතීන්ට සමානව සළකන ප්‍රජාතන්ත්‍රවාදී රටක් (නි)
ලංකාවේ නම විනාශ කරලා, මෙහෙ අමාරුවෙන් ජීවත්වෙන මිනිසුන්ගේ පිටට තවත් ජාත්‍යන්තර ප්‍රශ්න පටවන බඩගෝස්තරවාදී මිනිසුන්! (නි)
ලංකාවේ ඉඳලා නවසීලන්තයට මේ කබල් බෝට්ටු වලින් යන්න පුළුවන් කියලා හිතනවා නම් එහෙම යන්න කලින් ලෝක සිතියමක් අරගෙන බලන්න රටවල් දෙක කොහෙද තියෙන්නේ කියලා. (නි)
නවසීලන්තයේ නෙවෙයි අර ඕස්ට්‍රේලියාවේ නාමල්ගේ ගෙදරට නම් මේ අයව භාර ගනීවි (නදී)
මේගොල්ලන්ට ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි සළකන්නේ නැහැ කියලා ඇඟට ගොඩවුණ දුක්ගන්නා රාළ කෝ අද? (නි)
නිහාල්, ඔයාට ටිකක් වැරදිලා. පුරවැසිබාවය අහෝසි කරන්න යන්නේ ත්‍රස්ත වැඩවලට සම්බන්ධ වෙන අයගේ. ඒක වෙන කතාවක්. ඕස්ට්‍රේලියාවේ වර්ණ භේදය තිබිලා තියෙන්නේ ඉස්සර. (නි)
පෙර පුරවැසි බාවය ගත්තු අනවසර සංක්‍රමනිකයන්ගේත් පුර වැසි බාවය අවලංගු කර පිටුවහල් නීති එනවා. ඔස්ට්‍රේලියාව බේද වලට ප්‍රසිද්ද රටක් ප්‍රධාන වර්ණ බේදය (නදී)
මේ මිනිස්සු මෙහෙම දුක් විදගෙන යන්නේ තමන් උපන් රටේ හොද ජීවිතයක් ගත කරන්න බැරි නිසානේ... මේවාට ඒ රටවල පාලකයොයි වගකිව යුතුයි.(නදී)
වර්ණභේදය විතරක් නෙවෙයි නිහාල් ඔස්ට්‍ර්ලියාවේ උස් පහත් භේදයත් නැහැ. කඩේට බඩු ගන්න ගිය වැසිකිලි පිරිසිදු කරන්නාටත් සමාගම් අධ්‍යක්ෂකටත් එකම විදියේ පිළිගැනීමක් ලැබෙන්නේ. ලංකාවේ වගේ රැකියා සමාජ තත්ත්ව අනුව මිනිස්සුන්ට දෙවිදියකට සලකන්නේ නැහැ. නීතියත් හැමෝටම එකයි. අගමැති වාහනය පදව ගෙන ගිහින් ට්‍රැෆික් නීති කැඩුවොත් ඔහුටත් දඩ ගහනවා. ඔහුත් මේ අපි වගේ ආදායම් බදූ ගෙවනවා. (නදී)
දුප්පතුන්ට මේ ගමන යන්න බැහැ. ලංකා මුදලින් නම් ලක්ෂ 10,12 අය කරනවා (නදී)