ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක යෙදී සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඕස්ට්‍රේලියාවේ මුල් පෙළේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් පිරිනැමෙන බව විදේශ ප්රවෘත්ති ඒජන්සි වාර්තා කරයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ නිබන්ධනය ඇගයීමට ලක් කරමින් ආචාර්ය උපාධිය පිරිනැමෙන බව ඩිකින් විශ්ව විද්‍යාලය නිවේදනය කර තිබේ.
මෙම නිබන්ධනය සකස් කිරිම සඳහා අගමැති රාජකාරි මැද මහත් කැපවීමකින් යුතුව දිවා රෑ වෙහෙසුණු බව සමිපතමයන් පවසා ඇති බව විදේශීය වාර්තාවල සඳහන් වේ.
ඊයේ (13) සවස ඕස්ට්‍රේලියාවට ළඟා වු අගමැතිවරයා දින තුනක් මෙල්බර්න් නුවර රැදී සිටිමට නියමිතය. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටා ඇති ඩිකින් සරසවියේ ශ්‍රී ලාංකික සිසු සිසුවියෝ රැසක් ඉගෙනුම ලබති. ශ්‍රී ලංකා රජයේ නායකයකු එම විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගන්නා ප්‍රථම අවස්ථාව මෙය වේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයේ යෙදෙන අතර නාමල් රාජපක්ෂ මහතා වගේම ඉතාම කැප වී ලද උපාධියකි. (ර)
ඔබ තුමාට අපගේ උපහාරය.! (ර)
ඉර්ෂාඩ්, නිල්මිණි-ජපානය, හරිම දුකයි ඔයාල වගේ අය ගැන.. (ර)
උණුසුම් සුබපැතුම්. මට පුදුමයි මෙච්චර වයසට ගිහිල්ලත් තරුණයන් වගේ සිතන මනසක් අගමැති තුමාට තියන එක ගැන.(ම)
පිස්සු වැඩක් (බ)
සුබ පැතුම්.! (ර)
ඔබතුමාට අපේ උණුසුම් සුබ පැතුම්.! (ර)
ඔබතුමාගේ වටිනාකම පිළිගන්න අකමැති අය ගැන කණගාටු වෙනවා. (ර)
අපේ අගමැතිතුමා එහෙදි හොඳ ලස්සනට අැඳලා තියෙනවා. (නි)
අසංක ඈයි ඒ අය දුක් වෙන්න ඕනෙ? ඔබගේ ඉගෙනුම් අගය ඒ වචනවලින්ම පෙන්නුම් කරන්වා. (ර)
වටිනාකමක් තිබෙන්න එපාය වටිනාකම පිළිගන්න. (ර)
මම බැලුව මුහුදු කොල්ලකරුවන්ගේ කතාව දැන් මට මතක් වුණා (බ)
ලංකාවේ ළමයි වැඩි පුර ගෙන්න ගන්න කරන උප්පරවැට්ටියක් !තේරුනාද මන්ද (බ)
උණුසුම් සුබපැතුම් ඔබ තුමාට! (අ)
මෝඩ රැලකට රනිල්ගේ දැනුමේ අගය තේරුම්ගන්න බැහැ (අ)
ලෝකේ දැනට සිටින උගත්ම අගමැති ගරු රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමාගේ සේවය රටට ඵලදායි ලෙස ලබා ගැනීමට අපි බුද්ධිමත් වෙමු. (නි)
අගමැති තුමනි ඔබට ජය.! (ර)
බලන්න එපායැ අායුබෝන් මේ ලෝගුවත් එක්ක අපේ අගමැතිතුමාගේ තියෙන තේජස. (නි)
ඔබ තුමාට අපගේ උපහාරය. (ර)
උණුසුම් සුබපැතුම්. මෙතුමා මෙම ආචාර්ය උපාධිය ලබාගත්තේ නිබන්ධනයක් සාර්ථකව නිමකිරීමෙන් පසුව වීම අගයකලයුතුය. අනික් අය වගේ පිනට නොවේ. (ර)
අගමැතිතුමනි ඔබතුමන්ට තෙරුවන් සරණයි! (ර)
එම නිබන්ධනය කියවීමට වෙබ් සබැඳියක් දැනගැනීමට කැමතියි.(ම)
ඇඳුම නම් හරිම ලස්සනයි (නි)