ත්‍රිකුණාමලයේ ඔඩවකට්ටු ධීවර තොටුපොළේ සිට පිටත් වූ බෝට්ටුවකින් ඔස්ට්‍රේලියාව බලා හොරෙන් යමින් සිටි 53 දෙනකු මුහුද මැද දී අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ සඳහා රහස් පොලිසියට බාර දුන් බව ත්‍රිකුණාමලය පොලිසිය කියයි. මීට පෙර මෙවැනි බෝට්ටු පහක් අත්අඩංගුවට ගෙන ඇත. එහි සිටි පිරිස වැඩි දෙනා ත්‍රිකුණාමලය, මීගමුව හා යාපනයේ පදිංචිකරුවන් බව හමුදාව කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන්වත් මේ අයට ජීවත්වෙන්න හොද දෙයක් කරනවානම් අපිත් සතුටුයි..!! පව් මේ මිනිස්සු..(නු)
යන අයට යන්න දෙන්න.නවත්තන්න එපා. හැබැයි ගමන වැරදුනොත් රජය වගකීම භාර ගන්න එපා. (නි)
ලක්ෂ ගානක් දීල ඔය යන්නේ දුප්පත් අයමද ? වාසනාව තියනව නම් ඒ ගානෙන් ලංකාවේදී උනත් දියුනු වෙන්න පුළුවන්. නැත්නම් පිරිමින්ට මැදපෙරදිග යන්න පුළුවන්. ඔය වැඩිපුරම යන්නේ මොන ජාතිකයින්ද කියල බැලුවම ඇත්ත දැනගන්න පුළුවන්. යුද්දේ තියන කාලේ ගිය අයට හැමදේම නිකන් දෙන ගමන් අතට ගානකුත් හම්බවුනා. දැන් බටහිර රටවල් ඒ අයව පිළිගන්නේ නැති නිසා තමයි බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට යන්නේ. (නි)
මමනම් අමාරුවෙන් ගොඩ උනා ඔන්න. තව පොඩ්ඩෙන් අහු වෙනවා (දී)
නීති විරෝධීව මෙහෙම හොර රහසේ යන්නේ නැතිව කීයක් හරි වැඩිපුර දීලා නිත්‍යානූකුලව විදේශගතවීමට සැලකිලිමත්වීම වඩාත්ම වැදගත්ය. මුලින්ම හොර වැඩ කරලා පටන් ගන්න එක නතර වෙන්නේද හොඳ වැඩක් තුළ බව මතක තබාගෙන කටයුතු කරන්න. මුං වපුරලා අස්වැන්න නෙලා ගන්න වෙන්නේ මුං ම බව සිතාගන්න.තල වපුරලා තලම මිස මුං අස්වැන්න ලෙස ලබාගත නොහැකිය.එහි තේරුම් අස්වැන්න ලෙස ලැබෙනුයේ වපුරන ලද දෙයම බවයි.මේ අදහසට සමාන බයිබල් පාඨ බයිබලයේ හා ධම්මපදයේ ගාථා තුළ අපට හමුවේ.මින් සැලකිය හැක්කේ මේ අදහස බොහෝ ආගමිවක ඉගැන්වීම්තුළ අන්තර්ගත පොදු ආගමික ඉගැන්වීමක් බවයි.අනේ කුමන ආගම ඇදහුවත් අනුගාමිකයින් කරන්නේම ආගමික ඉගැන්වීම්වලට එරෙහිවන ක්‍රියාම බව මෙයින් පැහැදිලි වේ.(වි)
@ මංජු ඔන්න ඕක නිසා තමයි ලංකාව කවදාවත් එකතැන පල්වෙන්නේ. අපේ අය හිතන්නේ නායකයෝ විතරයි මේ රට හදන්න ඕන කියලා. අපි කතිරෙ ගහලා අත පිහදාගෙන හිටියොත්නම් මේ රටට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ජපානේ වගේ රටවල් දියුණු වුනේ නායකයෝ විතරක් වැඩ කරලා නෙමෙයි. හැම මිනිහෙක්ම එකම අරමුණක් වෙනුවෙන් වැඩ කරපු නිසා. ඒ අය රට දාලා පැනල ගියේ නැහැ. නායකයෝ කරාවි කියලා බලන් හිටියෙත් නැහැ. පුළුවන් විදියට මොනවා හරි කරලා තමන් දියුණු වෙලා රටම දියුණු කළා. (ස)
මොනවා කරන්නද පව් (දී)
අපෝ එන්න ඔයාලා ඕස්ට්‍රේලියාවට. මෙහේ ඕන තරම් ඉඩ තියෙනවා.අපිටත් ඕනේ ඔයාලා වගේ අය තමයි. (නි)
දියුණු වෙන්න ඕනනම් ඡන්දෙ ඉල්ලලා දිනන්න. (ත)
රට යන අත. (ත)
මේ ගොල්ලෝ මෙහෙට ඇවිත් කියන්නේ ආණ්ඩුවෙන්, හමුදාවෙන් කරදරයි ඒක නිසා එනවා කියලා. ලංකාව පාවලා දීලා තමන්ගේ ලාභ ප්‍රයෝජන ගැන හිතනවා. දැඩි දඩුවම් දිය යුතුයි. (ත)
රට හොදයි නම් මිනිස්සු යන්නේ නැ. කන්න බොන්න බැරිව, ළමයින්ට සලකන්න සල්ලි හොයන්න තමයි ඔය හොරෙන් යන්නේ (දී)
පව් මේ අය ගෙඩක් බලාපොරොත්තු තියාගෙන ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතිව යන්නෙ.. මෙයාලව කොහෙහරි රැකියාවල් තියෙන රටවල් බලලා යැව්වනම් හරි.. පව් අහිංසක මිනිස්සු.. (නු)
ඇයි අනේ ඇත්තටම යන්නෙ..?(නු)
ඇත්තටම සල්ලි නිසානෙ ඔහොම එන්නෙ.. ඔහොම යං ඔහොම යං... (නු)
නවත්තන එක හොදයි.. ඔය ගොල්ල ඔස්ට්‍රේලියවට ඇවිල්ල කියන දේවල් දන්නවනානම් දඩුකදේ ගහනවා.. ළගදි ඔහොම ආපු කට්ටියක් කිව්වා අපේ නාවික හමුදාව ඒගොල්ලන්ගෙන් ඕස්ට්‍රේලියාවට එවන්න පගා ගන්නවා කියලා.. රටේආාර්ථිකේ ගැණනම් දුකයි තමයි.. හොරෙන් පැනල ඇවිත් ඉපදුණ රටට ගරහන එක හරි නැහැ..(නු)
ඇයි මේ ඔස්ට්‍රලියවටම යන්නේ (දී)
ලංකාවේ කොල්ලන්ට ජීවිතය උකස් කරන්න සිද්ධවෙලා. ඔවුන් යන්නෙ ප්‍රාඩෝ - මොන්ටෙරෝ ගන්න නෙමේ. කීයක් හරි හොයාගෙන දෙයියනේ කියලා ජීවත් වෙන්න. මේ තරුණයන්ට හෙටක් අයිති නෑද්ද?. ආසියාවේ ආශ්චර්ය උදාවෙන්නෙ මෙහෙමද ?(නු)
දැං ඒක එක රැල්ල්ක් වෙලා..(නු)
පිලිපිනෝ .. රටට සෙතක් මේ මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙන්ඩ බැනේ.මොකද මේ මිනිස්සු දුප්පත් රටට සෙතක් කරන්ඩ ඕන අපි පත් කරපු දේසපලුවෝ. මේ මිනිස්සු ඔය වගේ ගමන් යන්නේ මෙරටේ ජිවත් වෙන්ඩ බැරි හින්ද මොකද ඒ මිනිස්සුන්ටත් දිඋණුවෙන්ඩ ඕන නිසා.දිවරයෝ කියන්නේ එදා වෙල හම්බකරන් ජිවත් වන මිනිස්සු.ඒ මිනිස්සුන්ටත් අසාව තියනවා දිඋණු වෙන්ඩ අපි කාටත් තියන හීනයක් එක.සමන් .ලංකාවේ වෙන හිර ගෙවල් හදන්ඩ ඕනේ නැ ලංකාවේ වටේටම තියන්නේ හිර ගෙවල් තමඊ ඔයාලට සල්ලි තිබුනට ඒ මිනිස්සුන්ට සල්ලිනැ. (දී)
සිහින මාලිගා තනාගෙන යනවා. ගියාට පස්සේ ඇති මාලිගාවක් නෑ. අනාත කඳවුරුවල. (ත)
සල්ලි නැති කම නිසානේ ඔහොම යන්නේ . පව්. (දී)
හොරෙන් රට යන්න බෝට්ටු විකිණීමට ඇත (දී)
ඊළාම් යුද්දේ ඉවර උනා විතරයි දැන් ඔස්ට්‍රලියාවේ යුද්දේ පටන් අරන්. දුක තමයි ලතා අපි මෙහෙම ඉදිමු (දී)
වෙනමම හිරගෙදරක් හදන්න ඕන.. මාළු අල්ලමන් ඕස්ට්‍රේලියා යන අය සදහා කියලා..(නු)
මේක තමයි දැං අලුත්ම ව්‍යාපරය.. කොල්ලො ටිකකගෙන් සල්ලි අරගෙන බොට්ටවක දාල යනවා.. නාවික හමුදාවට අහුවෙන්න බලාගෙන.. අහුවුනාම ආපහු සල්ලි දෙන්න ඕන නැහැනෙ..!! (නු)