ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා ගිය ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරනු ලැබ අද කටුනායකින් දිවයිනට පැමිණියහ.
ඕස්ට්‍රේලියාවේ මෑතකදී සම්මතවූ නීතියකට අනුව සරණාගතයින් ලෙස යන්නවුන් නාවුරු දූපතේ කඳවුරකට යැවීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙම පිරිස නාවුරු කඳවුර බලා යාම ප්‍රතික්ෂේප කළ නිසා නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබීය.
ඕස්ට්‍රේලියා විශේෂ ගුවන් යානයක් මගින් මෙරටට ගෙන එනු ලැබූවන් සිංහල ජාතිකයයෝ 14ක් ද, ද්‍රවිඩ ජාතිකයෝ 03ක් ද, මුස්ලිම් ජාතිකයෙක්ද වෙති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝට්ටුවෙන් යන්න ගුවනින් ආපසු එන්න.. මුහුදු ගමනත් ගුවන් ගමනත් එකවර කරගන්න.. එන්න පමා නොවී ඕස්ට්‍රේලියා එන්න..!(නු)
ලංකාවෙ නම කැත කරන්නේ නැතිව ඕනෑම දිහාකට ගියාට අපිට කමක් නැහැ..!(නු)
නීති විරෝධී විදියට රට යන්න ජාවාරම් කාරයන්ට දෙන සල්ලි වලින් ලංකාවෙ හොදට ජිවත් වෙන්න පුළුවන්. අන්තිමට තිබිච්ච දේවලුත් නැති කර ගන්නවා..
ගෙදර යනවද? පොලිසි යනවද? (නි)
දැන් බලාගෙන යනකොට පත්තරේ ක්‍රීඩා පිටුව, කවි පිටුව, ළමා පිටුව වගේ ඕස්ට්‍රේලියා පුවත් පිටුවකුත් අරින්න වෙයි වගේ . ඒ තරම් වැඩ තියෙනවානේ.
දැන් මෙහෙ ඇවිල්ලා මොනවා කිවුවත් වැඩක් වෙන්නෙ නැහැ (නි)
ඒ අය ඕස්ට්‍රේලියාව දැකලාවත් නැතුව ඇති. සමහරු ගාල්ලෙන්ම නතර වෙනවා. (නි)
ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුලු වුණා නම් එරට රජයට තියෙන්නේ, එසේ නීති විරෝධීව ඇතුළුවුණ අයට විරුද්ධව නඩු පවරන එකනේ. (නි)
සරණාගතයින් ලෙස රට හැර යනවාට අපි විරුද්ධයි. නමුත් සියල්ලන්ටම රැකියාවක් ලබා දෙන එක ලංකාණ්ඩුවේ වගකීමක්. (නි)
උඹලට පිස්සුද මේ රටට එන්න ? මෙහෙ අපේ උගත්තුන්ටත් රස්සා නැහැ. ලොකු උපාධිධාරීන්, ගණකාධිධාරීන් , දොස්තරවරු . අපේ හුගක් අය මෙහෙ කරන්නේ පිරිසිදු කිරීම් රැකියා. ආණ්ඩුවෙන් දෙන සල්ලි මාස බාගයකටත් මදි. (නි)
මේ අයව පිටුවහල් කළා කියන එක වැරදියි. අඩුම ගානේ ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය වලවත් ඒ වචනේ පාවිච්චි කළේ නැහැ. නීතිවිරෝධී සංක්‍රමණිකයන් නරූ දූපතට ගෙනගියා. එහෙම කළේ මිනිසුන් මේ රටවලට එන උනන්දුව අඩු කරන්න. එතකොට ඔවුන්ගේ වීසා පිළිබඳ තීරණය ලැබෙනකන්, ඔවුනට ඉන්න සිද්ධ වෙන්නේ නරූ දිවයිනේ නීතිය අනුව. එතැනදී සංක්‍රමණිකයන්ට අවස්ථාවක් දුන්නා තීරණය කරන්න තමන්ගේ මවු රටට යනවද නැත්නම් නරූ දිවයිනට යනවද කියලා. මේ අය 18 දෙනා ලංකාවට නැවත එන්න තීරණය කළා. හැබැයි, මේ පිරිස ගත්ත මේ තීරණය නිසා ඉදිරියේදී ලංකාවෙන් එන සරණාගතයන් ගැන ඔස්ට්‍රේලියාව වඩා තදින් සිටීවි. ජීවිතයට තර්ජනයක් තියනවා කියලා බෝට්ටුවකින් ඔස්ට්‍රේලියාවට යන කෙනෙක්, නරූ දිවයිනට යෑම ප්‍රතික්ෂේප කරලා ලංකාවට යන්න තීරණය කරනවා කියන්නේ, ඇත්තටම ඔවුන්ට ජීවිතයට තර්ජනයක් නැහැ කියන එකනේ. (නි)
හම්බ කරන්න ඕනෑ නම් අමාරුවෙන් හරි එන්න ඉතාලියට. (නි)