ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා ගිය ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරනු ලැබ අද කටුනායකින් දිවයිනට පැමිණියහ.
ඕස්ට්‍රේලියාවේ මෑතකදී සම්මතවූ නීතියකට අනුව සරණාගතයින් ලෙස යන්නවුන් නාවුරු දූපතේ කඳවුරකට යැවීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙම පිරිස නාවුරු කඳවුර බලා යාම ප්‍රතික්ෂේප කළ නිසා නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබීය.
ඕස්ට්‍රේලියා විශේෂ ගුවන් යානයක් මගින් මෙරටට ගෙන එනු ලැබූවන් සිංහල ජාතිකයයෝ 14ක් ද, ද්‍රවිඩ ජාතිකයෝ 03ක් ද, මුස්ලිම් ජාතිකයෙක්ද වෙති.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕස්ට්‍රේලියා ගිය 18ක් පිටුවහල් කෙරෙති
පනාගොඩ Monday, 24 September 2012 07:24 PM
හම්බ කරන්න ඕනෑ නම් අමාරුවෙන් හරි එන්න ඉතාලියට. (නි)
චන්ද්‍රසිරි Sunday, 23 September 2012 02:45 PM
ඒ අය ඕස්ට්‍රේලියාව දැකලාවත් නැතුව ඇති. සමහරු ගාල්ලෙන්ම නතර වෙනවා. (නි)
රාජා Sunday, 23 September 2012 03:17 PM
ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුලු වුණා නම් එරට රජයට තියෙන්නේ, එසේ නීති විරෝධීව ඇතුළුවුණ අයට විරුද්ධව නඩු පවරන එකනේ. (නි)
පනාගොඩ මෙල්බන් Sunday, 23 September 2012 02:40 AM
බෝට්ටුවෙන් යන්න ගුවනින් ආපසු එන්න.. මුහුදු ගමනත් ගුවන් ගමනත් එකවර කරගන්න.. එන්න පමා නොවී ඕස්ට්‍රේලියා එන්න..!(නු)
සිල්වා Sunday, 23 September 2012 05:30 AM
ලංකාවෙ නම කැත කරන්නේ නැතිව ඕනෑම දිහාකට ගියාට අපිට කමක් නැහැ..!(නු)
සම්පත් Sunday, 23 September 2012 07:21 AM
නීති විරෝධී විදියට රට යන්න ජාවාරම් කාරයන්ට දෙන සල්ලි වලින් ලංකාවෙ හොදට ජිවත් වෙන්න පුළුවන්. අන්තිමට තිබිච්ච දේවලුත් නැති කර ගන්නවා..
අමිල කටුනායක Sunday, 23 September 2012 07:28 AM
ගෙදර යනවද? පොලිසි යනවද? (නි)
ඉන්ද්‍රජිත් Sunday, 23 September 2012 09:17 AM
දැන් බලාගෙන යනකොට පත්තරේ ක්‍රීඩා පිටුව, කවි පිටුව, ළමා පිටුව වගේ ඕස්ට්‍රේලියා පුවත් පිටුවකුත් අරින්න වෙයි වගේ . ඒ තරම් වැඩ තියෙනවානේ.
ඇරිස් Sunday, 23 September 2012 10:55 PM
සරණාගතයින් ලෙස රට හැර යනවාට අපි විරුද්ධයි. නමුත් සියල්ලන්ටම රැකියාවක් ලබා දෙන එක ලංකාණ්ඩුවේ වගකීමක්. (නි)
බෝපගේ Sunday, 23 September 2012 01:10 PM
දැන් මෙහෙ ඇවිල්ලා මොනවා කිවුවත් වැඩක් වෙන්නෙ නැහැ (නි)
කරුණා Monday, 24 September 2012 03:41 AM
උඹලට පිස්සුද මේ රටට එන්න ? මෙහෙ අපේ උගත්තුන්ටත් රස්සා නැහැ. ලොකු උපාධිධාරීන්, ගණකාධිධාරීන් , දොස්තරවරු . අපේ හුගක් අය මෙහෙ කරන්නේ පිරිසිදු කිරීම් රැකියා. ආණ්ඩුවෙන් දෙන සල්ලි මාස බාගයකටත් මදි. (නි)
ශ්‍රීසර Monday, 24 September 2012 06:06 AM
මේ අයව පිටුවහල් කළා කියන එක වැරදියි. අඩුම ගානේ ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය වලවත් ඒ වචනේ පාවිච්චි කළේ නැහැ. නීතිවිරෝධී සංක්‍රමණිකයන් නරූ දූපතට ගෙනගියා. එහෙම කළේ මිනිසුන් මේ රටවලට එන උනන්දුව අඩු කරන්න. එතකොට ඔවුන්ගේ වීසා පිළිබඳ තීරණය ලැබෙනකන්, ඔවුනට ඉන්න සිද්ධ වෙන්නේ නරූ දිවයිනේ නීතිය අනුව. එතැනදී සංක්‍රමණිකයන්ට අවස්ථාවක් දුන්නා තීරණය කරන්න තමන්ගේ මවු රටට යනවද නැත්නම් නරූ දිවයිනට යනවද කියලා. මේ අය 18 දෙනා ලංකාවට නැවත එන්න තීරණය කළා. හැබැයි, මේ පිරිස ගත්ත මේ තීරණය නිසා ඉදිරියේදී ලංකාවෙන් එන සරණාගතයන් ගැන ඔස්ට්‍රේලියාව වඩා තදින් සිටීවි. ජීවිතයට තර්ජනයක් තියනවා කියලා බෝට්ටුවකින් ඔස්ට්‍රේලියාවට යන කෙනෙක්, නරූ දිවයිනට යෑම ප්‍රතික්ෂේප කරලා ලංකාවට යන්න තීරණය කරනවා කියන්නේ, ඇත්තටම ඔවුන්ට ජීවිතයට තර්ජනයක් නැහැ කියන එකනේ. (නි)