ඕස්ට්‍රේලියා යන්නට ආ 44 දෙනෙක් අළුත්ගම කළුවාමෝදරදී කන්දෙවිහාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ සියළු දෙනාම කිලිනොච්චිය, මඩකලපුව, මාතලේ වැනි පෙදෙස් වලින් පැමිණි දමිළයෝය.
පිරිමි 37 දෙනෙක්ද, ළමෝ 5 ක්ද , ගහැණු 04 ක්ද එම පිරිසට අයත් වෙති. ඔවුන් වාහන තුනකින් කළුවාමෝදරට පැමිණ අද අළුයම 2.00 ට පමණ වෙරළට යද්දී පොලිසියට අසුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතනවා අපි කවුරුත් මේ මිනිසුන් ගැන අනුකම්පා කල යුතුයි කියා. ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ අය හිතන්නේ ඒ අයට මේ බෝට්ටු වලින් එන මිනිසුන්ගෙන් අවමානයක් වෙනවා කියල. බෝට්ටු වලින් යන අය සෑහෙන්න බොරු කියන බවත් ඇත්ත එහේ නවතින්න හදා ගන්න. මේක සිංහල දෙමල දෙගොල්ලම කරනවා. සංවිධානාත්මක කණ්ඩායම් මේවා සල්ලි හම්බු කරන්න කරන දේවල්. ඕස්ට්‍රේලියා ආණ්ඩුවේ අමන ප්‍රතිපත්තියක් (මම හිතන විදියට) නිසා මේ මිනිසුන් මේ අනතුරු දායක ගමන යනවා. ජීවිතය එපා කියල මේ වගේ ගමනක් යන අය ගැන අනුකම්පා නොකර වෙන මොනවා කරන්නද? (නදී)
මේ ගමන සංවිධානය කරන අයම තමයි පොලිසියට ඔත්තුව දෙන්නේ. මේක ලෝකේ ගොඩක් රටවල කරන ව්‍යාපාරයක්. මේවට අහු වෙන්න එපා. තමන්ට රටක් ගමක් ගෙයක් දොරක් තියෙනවා කියලා හිතලා අභිමානයෙන් ජීවිතයට මුහුණ දෙන්න (නි)
ඕස්ට්‍රේලියා ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නිසා ලංකාවේ මිනිස්සු එහෙ යනවා? මොකද එහෙ 'සරණාගතයෝ බාරගනී' කියලා කොහෙවත් ගහලා තියෙනවද? නරක වැඩවලට උල්පන්දන් දීලා මෝඩකතා කියන්න එපා ලුම්බිණි. ලංකාව කියන්නේ මහා කරදරකාරී රටක් කියලා කව්රුත් හිතනවට අපි කැමතිද? මේ යන හැම කෙනාම ආපසු හරවලා එවනවා. ඒක නම්බුවක්ද? ගහපු පදෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (නි)
ආරක්ෂක හමුදාව මිට වඩා බුද්ධිමත්ව මේ දෙස බැලිය යුතුයි. දකුණු ඉන්දියානුවෝ , ඕස්ට්‍රේලියා යන ශ්‍රි ලාංකික සරණාගතයින් වගේ, වෙස්වලාගෙන ලංකාවට ඇතුළු වීමට වෙර දරන බව විදෙස් මාර්ගයන්ගෙන් අපි දැන ගත්තෙමු. ලංකාවට මුහුදින් ඇතුල් කර ගන්න පෙර එයාලා ගැන හොදට සොයා බැලීමක් කරන මෙන් ආරක්ෂක අංශ වලින් මා ඉල්ලා සිටිමි. (නි)
මේ දේ නිසා අපේ රටට අවමානයක් වෙනවා කියලා එහෙ ඉන්න අපේ අය කියන කතාව ඇත්ත. දැන් ඒ පාර දමිළයන් රටේ නම විකුණාගෙන කන්න ලෑස්ති වුණාද? එක පාරක් යුද්ධ කරගත්තා. දැන් රට විකුනනවා. (නි)
අනේ ඔයාලා මොනවද මේ ගැන දන්නේ ? ලක්ෂ 5-6 වියදම් කරලා බෝට්ටුවෙන් බැහැපු ගමන් ලක්ෂ 15 විතර අතේ තියාගෙන කටුනායකින් බහිනවා. නරක නැහැ නේද? (නි)
ලුම්බිනිලා වගේ අය නිසා තමයි උතුරේ ඉන්න දෙමල කට්ටිය ලංකාව විකුණගෙන කාලා ජීවත් වෙන්න මෙහාට එන්න හදන්නේ.ඒ ගොල්ලන්ට නම් ලංකාව ගෙන පුදුම වෛරයක් තියෙන්නේ. මෙහෙ ඒගොල්ලන්ගේ කට්ටිය වැඩි වුනහම ලංකාවට එරෙහිව උද්ගෝෂණය කරන්න පුළුවන්නේ. (නි)
ලුම්බිණි,කොහෙද මෙහෙට බොරු කියාගෙන එන ආර්ථික සරණාගතයෝ ගන්නවා කියලා ප්‍රතිපත්තියක් තියෙනවා කියලා තියෙන්නේ? ඒ අවස්ථාව දීලා තියෙන්නේ ඇත්තටම දේශපාලන රැකවරණ අවශ්‍ය කට්ටියට. උතුරේ දෙමල කට්ටිය ඒ අවස්ථාවෙන් මෙහෙ අයගේ කනින් රිංගන්න හදන්නේ. යුද්ධ කරලා විනාශ කරන්න බැරී වෙච්ච රටට අවමානයක් කරලා හරි මේ ගොල්ලෝ බලන්නේ තමන්ගේ බඩ වියත රැකගන්න. (නි)
නිලුපුලීගේ කතාව සහතික ඇත්ත නේද රූපවතී? (නි)
මේ මිනිස්සුන්ගේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම තහවුරු කරන්න. ව්‍යවස්ථාව වෙනස් කරන්න. රස්සා දෙන්න. කල්මැරිම වෙනුවට කඩිනම් විසදුම් මෙයාලගේ ඇතුළු රටේ සියලු ජනතාවගේ ප්‍රශ්න වලට දෙන්න. පාසල් දෙන්න. විදුලිය දෙන්න. (නි)
නම දෙමළෙට, ලිපිනය යාපනේට හදා ගත්තු දකුණේ කීයක් ඔතන ඉන්නවද? (නි)
සංවිධායකින් හිරේට ගන්න. ගත්ත සල්ලි ආපහු අරන් දෙන්න. යාත්‍රාව රාජසන්තක කිරීමේ නීතිය අධිකරණයට බාරයි. (නි)