උතුමානණි, ස්වාමීනි, හාමුදුරුවනේ වැනි වදන් වලින් ගිහි ප්‍රභූන් ආමන්ත්‍රණය කරමින් කොන්ද නමාගෙන ඔවුනට ගරු සරු දැක්වීමේ දේශාපාලන ක්‍රමය නතර කළ යුතු යැයි ද, ඕනෑම ප්‍රභූවරයකුට ‘මහත්තයා‘ යනුවෙන් ඇමැතීමේ සංස්කෘතියක් තිබිය යුතු යැයි ද හිටපු හමුදාපති සරත් පොන්සේකා බද්දේගම දී පැවැසීය. අවුරුදු 10-15ක් වැලිකඩ බෝගම්බර හිරගෙවලට දැමුවත් තමා ජනතා සේවය යටපත්  කළ නොහැකි යැයි ද ඔහු කීවේය.