මේ සියල්ල චක්‍රයක්. ඔබ ජීවිතයේ සිදු කළ දෑ නැවත ඔබ කරා පැමිණෙන ආකාරය සිතාැනීමටත් අපහසුයි. මේ හඳුන්වාදෙන කෙටි චිත්‍රපටය එම කාරණාව උළුප්පන්නක්. අවුරුදු විස්සක කාල පරාසයක් පුරා දිවෙන කෙටි චිත්‍රපටය මිනිත්තු 13කට කැටිව එම කතාව ඔබට කියයි. මේ එහි අධ්‍යක්ෂක ඔසඳ මාලිම්බඩ ගමගේගේ අදහස්.

“ ජීවත්වෙද්දි අපි මොනතරම් නම් අත්දැකීම් ලබනවද? ඒ සමහර අත්දැකීම් හරියට ඉල්ලමකින් මතුවෙන මැණික් කැට වගේ. මිනිස්සුන්ට උදවු කිරීමත් හරි අපූරු අත්දැකීමක්. මොකද අපි උත්සාහ කළ යුත්තේ මුදල්වලට වඩා මිනිස්සු උපයා ගන්නටයි”

 

අධ්‍යක්ෂණය

  • ඔසඳ මාලිම්බඩ ගමගේ

කැමරා අධ්‍යක්ෂණය

  • ඩී.ජී. තිසර/ කුමුදිත් වනිගසේකර

තිර රචනය සහ සංස්කරණය

  • ඔසඳ මාලිම්බඩ ගමගේ

නිශ්චල ඡායාරූප

  • චාන් සුරේන්ද්‍ර

 

රංගනය

  • පිලිප් ජයසිංහ
  • ජනුක චමින්
  • සුධාර බුද්ධික
  • සී.ඩී.ඩබ්. වඩනම්බි
  • ඔසඳ ගමගේ
  • දසිත් පියරත්න
  • හරිඳු දේශිත
  • දමිත් පතිරන
  • පිනිති

 

රචින්ත ජයවර්ධන