ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂණවලට යොමු කිරීමට අවස්ථාව නොලැබුණු බව ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා පැවසීය. කොළඹදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මෙවර ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බහුතරයක් විදේශගතව සිටීම නිසා තහනම් උත්තේජක ගැනීම පිළිබඳ පරීක්ෂාව නිසි ලෙස කළ නොහැකි වූ බවයි. ‘‘ලන්ඩන් ඔලිම්පික් උළෙලට යන ශ්‍රී ලංකා කණ්ඩායම තහනම් උත්තේජක පරීක්ෂාවට ලක් කළ යුතුව තිබුණා. නමුත් අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සම්බන්ධයෙන් එවැනි කිසිදු ගැටලූවක් පැන නොනගිනු ඇතැයි කියලා’’ යයි ද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. ලන්ඩන් නුවරදී ලබන සිකුරාදා (27) ආරම්භ වන ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිටත්ව යාම පසුගිය 20 වැනිදා සිට ආරම්භ විය. ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනය විසින් පසුගිය මාස හයක පමණ කාලසීමාවකදී කරන ලද කාර්යභාරයන් ගැන කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ද, ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරුන් වන වෛද්‍ය සීවලී ජයවික‍්‍රම, වෛද්‍ය ලාල් ඒකනායක, වෛද්‍ය ශිරෝමි පිලපිටිය සහ ඕස්ටේ‍්‍රලියානු ජාතික භෞත චිකිත්සක ෂේන් වෙන්ට් යන මහත්ම මහත්මීන් ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 04
760
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
572
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඔලිම්පික් යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජක පරීක්ෂණ කෙරුණේ නෑ
අමිල කටුනායක Wednesday, 25 July 2012 07:32 PM
මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහනවා...(ස)
වරුණ Wednesday, 25 July 2012 03:55 PM
ක්‍රීඩකයින් පරීක්ෂා කළ යුතුතේ ඔවුන් සමග යන වෛද්‍යවරු විසින් නේද? (නි)