IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඔලිම්පික් ටෙනිස් අවසන් තරගයේදී ෆෙඩරර් බි‍්‍රතාන්‍යයේ මරේ ට පරදියි

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම ස්විට්සර්ලන්තයේ සුපිරි ටෙනිස් ක‍්‍රීඩක රොජර් ෆෙඩරර් පරදවා දිනා ගැනීමට සත්කාරක බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේ සමත්විය. ජුලි මස 8 වැනිදා නිමා වු විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේදී ඇන්ඩි මරේ පරදවා ශූරතාව දිනාගත් ෆෙඩරර් ඔලිම්පික් තරගාවලියේදී පරාජය වීම කැපී පෙනේ. ෆෙඩරර්, විම්බල්ඩන් ශූරතාව සමග ලෝක ටෙනිස් සම්මේලන (ක‍්‍රීඩක) ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටියි. රන් පදක්කම් ලාභී ඇන්ඩි මරේ එම ශ්‍රේණිගත කිරීමේ සිටින්නේ සිවුවැනි ස්ථානයේය. මරේ 6/2, 6/1, 6/4 ක් ලෙස අවසන් මහා තරගය පහසුවෙන් ජය ගත්තේය. කාන්තා කේවළ ඉසව්වේ රන් පදක්කම ඇමරිකාවේ ෂෙරීනා විලියම්ස් දිනා ගත්තාය. අවසන් තරගයේදී රුසියානු ක‍්‍රීඩිකා මාරියා ෂර්පෝවා (6/0, 6/1) පරදවා ෂෙරීනා තරගය ජය ගත්තාය. ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව (ක‍්‍රීඩිකාවන්) ෂර්පෝවා තෙවැනි ස්ථානයේද, ෂෙරීනා සිවුවැනි ස්ථානයේද සිටිති.



අදහස් (0)

ඔලිම්පික් ටෙනිස් අවසන් තරගයේදී ෆෙඩරර් බි‍්‍රතාන්‍යයේ මරේ ට පරදියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 905 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site