2012 පැරා ඔලිම්පික් තරගවලියේ දී ශ‍්‍රී ලංකාවට අද ප‍්‍රථම වරට ලෝකඩ පදක්කමක් හිමි විය. මේ තරග එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වේ. මීටර් 400 ඉසව්වෙන් මෙම පදක්කම හිමි කරගත්තේ ශී‍්‍ර ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේලාන්ස් කෝප‍්‍රල් යූ.පී. ප‍්‍රදීප් සංජයයි 2008 දී යුද හමුදාවට බැදී හය මාසයකට පසු කිලිනොච්චියේ දීී එල්ල වූ කොටි ප‍්‍රහාරයකින් ඔහුට වම් අත අහිමි විය. මීරිගම නාල්ල මල්විලවත්තේ පදිංචි ඔහු දෙමස් වියැති පුතකුගේ පියෙකි.ෙඔහු තරගය නිම කිරීමට ගත් කාලය තත්පර 49.28 කි. ශ‍්‍රී ලංකාවට පළමු වරට පැරා ඔලිම්පික් පදක්කමක් ලබා දුන් ක‍්‍රීඩකයා ලෙස ප‍්‍රදීප් සංජය ඉතිහාස ගත වනු ඇත. ඔහු 2010 චීනයේ පැවති ආබාධිතයන්ගේ ආසියානු ක්‍රීඩා උළෙලේදී ද මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත්තේය. මීරිගම දෙල්වල ඕල්කට් මහ විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇති ප‍්‍රදීප් පාසල් සමයේ සිටම ජවන හා පිටිය කී‍්‍රඩා ඉසව්වලින් පෙරටම ගිය කී‍්‍රඩකයෙකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිළු කතා . රන් පදක්කමද ලෝකඩ පදක්කමද වඩා වටින්නේ ?? (ස)
ඔබට මගේ සුබ පැතුම්........ (නු)
අපේ සුභපැතුම්.. ලබන වාරයේ රන් පදක්කම ගෙන එනනට ලැබේවා..!!(නු)
ඔබ අපට ආඩම්බරයක්..!! (නු)
මල්ලියේ ඔයා ගැන දැනෙන සතුට විස්තර කරන්න වචන නැහැ.. ඔයා වීරයෙක්..!! (නු)
අනේ මට මතක නෑ (අ)
අපේ වීරයාට ප්‍රණාමය.. එත් ඡායාරූපයක්වත් නැති එක ගනැ නම් දුකයි..!!(නු)
මුළු ශ්‍රී ලංකාවේම ජනතාවගේ ආශිර්වාදය ඔබට ලැබේවා..!! තෙරුවන් සරණයි..!!!(නු)
අපේ ක්‍රීඩකයන් ලවා තමිල්නාඩුවට අපේ ශක්තිය පෙන්වමු. ඔබට සුබ පැතුම්! (නි)
විශිෂ්ටයි, ඔබ අතිවිශිෂ්ටයි. (නි)
2010 පැරා ඔලිම්පික් තිබුණාද? (නු)
ඔබට ජය! (නි)
යුද්ධයත් දිනා රටත් දිනාගත් අපේ කොල්ලට ජයෙන් ජය (ස)
මීරීගම අපට ඔබව ආඩම්බරයක්......ඔබට ජයෙන් ජය!(නු)
පනාගොඩ, නරකද මේ වීරයාට සුභ පැතුවා නම්? (නි)
ඔබට ජය පිය ජය ලැබේවා ....(ස)
රිදී පදක්කම අහිමි වුණේ නූලෙන් .හොඳ පුහුණුවකින් ලබන පාර රන්පදක්කම ගමු..(ස)
ඔබට මගේ සුබ පැතුම්! (නි)
සොයුර, ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
මල්ලී, ඔබට ජයෙන් ජයම ලැබේවා! බුදු සරණයි! (නි)
නියමයි යාලුවා. ඔබට සුබ අනාගතයක්
නියමයි ජාතික වීරයා.. රටවෙනුවෙන් සටන් කොට අත නැතිවුවද නවත රට වෙනුවෙන් පදක්කමක් ගෙනදී ලෝකෙටම ඔබේ දිරිය පෙන්නූ ප්‍රදීප් වීරයට ගෞරව ප්‍රණාමය.. ඔන්න නියම වීරයන්ගෙ සහ අපේ දේශපාලන වීරයන්ගේ වෙනස.. ආයුබෝවන් ජාතික වීරයාණෙනි..!!(නු)
දයාබර මල්ලි තවතවත් ජයග්‍රහණයන් සදහා ඔබට ධෛර්යය සහ ශක්තිය ලැබේවා..!! තෙරුවන් සරණයි.. මමත් මීරිගම...!!(නු)
මීරිගම කියන්නෙ වෙන රටක්ද? නැත්නම් ලංකාවෙ ගමක්ද?(නු)
ජනපතිතුමනි, ක්‍රීඩා ඇමති තුමනි සංජයව මහත් හරසරින් පිළිගන්න..!!(නු)
ඔබවැනි විරුවන් රටට සම්පතක්.. මගෙන් සුභ පැතුම්..!!(නු)
පැරා ඔලිම්පික් ජයගත් රණවිරුවාට අපගේ සුභ පැතුම්..!!(නු)
නියමයි .ඔබ අපට ආඩම්බරයක් (දී)
ඔබට අපේ සුභ පැතුම්.. තවත් ජයග්‍රහණයන් ලබාගන්න රටට කීර්තිය ගෙන දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා..!!(නු)
ඔබට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
ඔබට ජයෙන් ජය ලැබේවා..!! රට වෙනුවෙන් අතක් අහිමිකරගත් ඔබ ඉන් පසුවත් රටට ලබාදුන් කීර්තියට ඔබට ස්තුති වේවා..!!(නු)
ඔබට ජය පිට ජය අත්වේවා! (නි)
ජය ලැබුවේ පුතාගේ හේතුවකට. ආබාධිත වූයේ අපේ අහේතුවකට. (නි)
හදවතින්ම සුභ පතනවා සොයුර...!!(නු)
ඔබ ලක්මෑණියන්ගේ රත්තරං පුතෙක් ජය වේවා..!!(නු)
ඔබ අපේ රටට ආඩම්බරයකි.. ඉදිරියටම යන්න තව තවත් ශක්තිය ලැබේවා..!! (නු)
පුතේ නුඹ එදා අපට රණ විරුවෙක්.. අද දැයේ විරුවෙක්.. ඉදිරියටම යන්න..!! (නු)
ලංකාවට හොද කීර්තියක්....! (නු)
පින්ලන්තයෙන් ඔබට සුබපැතුම් ඊලග ෆාරාඔලිපික් උළෙලේදී රන්පදක්කම ඔබට ...!! (නු)