IMG-LOGO

ඔලිම්පික් ජය ගෙනාවේ මිරිගම කොල්ලෙක්

2012 පැරා ඔලිම්පික් තරගවලියේ දී ශ‍්‍රී ලංකාවට අද ප‍්‍රථම වරට ලෝකඩ පදක්කමක් හිමි විය. මේ තරග එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වේ. මීටර් 400 ඉසව්වෙන් මෙම පදක්කම හිමි කරගත්තේ ශී‍්‍ර ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේලාන්ස් කෝප‍්‍රල් යූ.පී. ප‍්‍රදීප් සංජයයි  2008 දී යුද හමුදාවට බැදී හය මාසයකට පසු කිලිනොච්චියේ දීී එල්ල වූ කොටි ප‍්‍රහාරයකින් ඔහුට වම් අත අහිමි විය.  මීරිගම නාල්ල මල්විලවත්තේ පදිංචි ඔහු දෙමස් වියැති පුතකුගේ පියෙකි.‍ෙඔහු තරගය නිම කිරීමට ගත් කාලය තත්පර 49.28 කි.   ශ‍්‍රී ලංකාවට පළමු වරට පැරා ඔලිම්පික් පදක්කමක් ලබා දුන් ක‍්‍රීඩකයා ලෙස ප‍්‍රදීප් සංජය ඉතිහාස ගත වනු ඇත. ඔහු 2010 චීනයේ පැවති ආබාධිතයන්ගේ ආසියානු ක්‍රීඩා උළෙලේදී  ද මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත්තේය. මීරිගම දෙල්වල ඕල්කට් මහ විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇති ප‍්‍රදීප් පාසල් සමයේ සිටම ජවන හා පිටිය කී‍්‍රඩා ඉසව්වලින් පෙරටම ගිය කී‍්‍රඩකයෙකි.



අදහස් (0)

ඔලිම්පික් ජය ගෙනාවේ මිරිගම කොල්ලෙක්

අමිල කටුනායක Wednesday, 05 September 2012 08:02 PM

ජය ලැබුවේ පුතාගේ හේතුවකට. ආබාධිත වූයේ අපේ අහේතුවකට. (නි)

:       0       1

රසිකා Wednesday, 05 September 2012 08:04 PM

හදවතින්ම සුභ පතනවා සොයුර...!!(නු)

:       0       1

පුෂ්පෙ Thursday, 06 September 2012 08:54 PM

සොයුර, ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       1

සිල්වා Wednesday, 05 September 2012 08:13 PM

ඔබ ලක්මෑණියන්ගේ රත්තරං පුතෙක් ජය වේවා..!!(නු)

:       0       0

රුවන් Thursday, 06 September 2012 02:43 PM

ඔබට ම‍ගේ සුබ පැතුම්! (නි)

:       0       0

සේපාලි Wednesday, 05 September 2012 08:27 PM

ඔබ අපේ රටට ආඩම්බරයකි.. ඉදිරියටම යන්න තව තවත් ශක්තිය ලැබේවා..!! (නු)

:       0       0

ගුණරතන Wednesday, 05 September 2012 08:41 PM

පුතේ නුඹ එදා අපට රණ විරුවෙක්.. අද දැයේ විරුවෙක්.. ඉදිරියටම යන්න..!! (නු)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 06 September 2012 09:20 AM

යුද්ධයත් දිනා රටත් දිනාගත් අපේ කොල්ලට ජයෙන් ජය (ස)

:       0       0

ගයාන් මිස්සක Wednesday, 05 September 2012 08:52 PM

ලංකාවට හොද කීර්තියක්....! (නු)

:       0       0

සිරි Wednesday, 05 September 2012 09:03 PM

පින්ලන්තයෙන් ඔබට සුබපැතුම් ඊලග ෆාරාඔලිපික් උළෙලේදී රන්පදක්කම ඔබට ...!! (නු)

:       1       0

ගෝපාල Wednesday, 05 September 2012 09:11 PM

2010 පැරා ඔලිම්පික් තිබුණාද? (නු)

:       0       1

Niroshana Had Wednesday, 05 September 2012 09:21 PM

ඔබට මගේ සුබ පැතුම්........ (නු)

:       0       0

සමන් Wednesday, 05 September 2012 09:26 PM

අපේ සුභපැතුම්.. ලබන වාරයේ රන් පදක්කම ගෙන එනනට ලැබේවා..!!(නු)

:       0       0

සංජීව Wednesday, 05 September 2012 09:50 PM

ඔබ අපට ආඩම්බරයක්..!! (නු)

:       0       0

සුභාෂිණී Wednesday, 05 September 2012 09:59 PM

මල්ලියේ ඔයා ගැන දැනෙන සතුට විස්තර කරන්න වචන නැහැ.. ඔයා වීරයෙක්..!! (නු)

:       0       0

බුද්ධි කල්හාර Thursday, 06 September 2012 09:59 AM

මීරීගම අපට ඔබව ආඩම්බරයක්......ඔබට ජයෙන් ජය!(නු)

:       0       0

අමිල Wednesday, 05 September 2012 10:26 PM

අනේ මට මතක නෑ (අ)

:       0       0

සේනානායක Wednesday, 05 September 2012 10:50 PM

අපේ වීරයාට ප්‍රණාමය.. එත් ඡායාරූපයක්වත් නැති එක ගනැ නම් දුකයි..!!(නු)

:       0       0

රූපවතී Wednesday, 05 September 2012 11:00 PM

මුළු ශ්‍රී ලංකාවේම ජනතාවගේ ආශිර්වාදය ඔබට ලැබේවා..!! තෙරුවන් සරණයි..!!!(නු)

:       0       0

රිස්වාන් - සවුදි Wednesday, 05 September 2012 11:04 PM

අපේ ක්‍රීඩකයන් ලවා තමිල්නාඩුවට අපේ ශක්තිය පෙන්වමු. ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

නිශාන්ත Thursday, 06 September 2012 11:43 PM

මල්ලී, ඔබට ජයෙන් ජයම ලැබේවා! බුදු සරණයි! (නි)

:       0       0

කුමාර Thursday, 06 September 2012 12:45 AM

විශිෂ්ටයි, ඔබ අතිවිශිෂ්ටයි. (නි)

:       0       0

සිල්වා Thursday, 06 September 2012 02:19 AM

විහිළු කතා . රන් පදක්කමද ලෝකඩ පදක්කමද වඩා වටින්නේ ?? (ස)

:       0       0

අශෝක Thursday, 06 September 2012 11:44 AM

පනාගොඩ, නරකද මේ වීරයාට සුභ පැතුවා නම්? (නි)

:       0       0

ගමාල් Thursday, 06 September 2012 12:27 PM

ඔබට ජය පිය ජය ලැබේවා ....(ස)

:       0       0

වරුණ Thursday, 06 September 2012 07:45 AM

ඔබට ජය! (නි)

:       0       0

ධනුක Wednesday, 05 September 2012 06:37 PM

ඔබට ජයෙන් ජය ලැබේවා..!! රට වෙනුවෙන් අතක් අහිමිකරගත් ඔබ ඉන් පසුවත් රටට ලබාදුන් කීර්තියට ඔබට ස්තුති වේවා..!!(නු)

:       0       0

ප්‍රියා ප්‍රංශය Wednesday, 05 September 2012 06:35 PM

නියමයි ජාතික වීරයා.. රටවෙනුවෙන් සටන් කොට අත නැතිවුවද නවත රට වෙනුවෙන් පදක්කමක් ගෙනදී ලෝකෙටම ඔබේ දිරිය පෙන්නූ ප්‍රදීප් වීරයට ගෞරව ප්‍රණාමය.. ඔන්න නියම වීරයන්ගෙ සහ අපේ දේශපාලන වීරයන්ගේ වෙනස.. ආයුබෝවන් ජාතික වීරයාණෙනි..!!(නු)

:       0       0

ලක්ෂ්මන් සුරවීර Wednesday, 05 September 2012 06:47 PM

දයාබර මල්ලි තවතවත් ජයග්‍රහණයන් සදහා ඔබට ධෛර්යය සහ ශක්තිය ලැබේවා..!! තෙරුවන් සරණයි.. මමත් මීරිගම...!!(නු)

:       0       0

පනාගොඩ මෙල්බන් Wednesday, 05 September 2012 06:42 PM

මීරිගම කියන්නෙ වෙන රටක්ද? නැත්නම් ලංකාවෙ ගමක්ද?(නු)

:       0       0

අනුර Wednesday, 05 September 2012 06:50 PM

ජනපතිතුමනි, ක්‍රීඩා ඇමති තුමනි සංජයව මහත් හරසරින් පිළිගන්න..!!(නු)

:       0       0

විමල් Wednesday, 05 September 2012 07:02 PM

ඔබවැනි විරුවන් රටට සම්පතක්.. මගෙන් සුභ පැතුම්..!!(නු)

:       0       0

ඩී.එච්. පෙරේරා Wednesday, 05 September 2012 06:56 PM

පැරා ඔලිම්පික් ජයගත් රණවිරුවාට අපගේ සුභ පැතුම්..!!(නු)

:       0       0

චන්ද්‍රදාස Thursday, 06 September 2012 01:41 PM

රිදී පදක්කම අහිමි වුණේ නූලෙන් .හොඳ පුහුණුවකින් ලබන පාර රන්පදක්කම ගමු..(ස)

:       0       0

නලින් Wednesday, 05 September 2012 07:08 PM

නියමයි .ඔබ අපට ආඩම්බරයක් (දී)

:       0       0

ඉදිපරපේ ධම්මසිරි හිමි Wednesday, 05 September 2012 07:05 PM

ඔබට අපේ සුභ පැතුම්.. තවත් ජයග්‍රහණයන් ලබාගන්න රටට කීර්තිය ගෙන දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා..!!(නු)

:       0       0

පෙඩ්රික් Wednesday, 05 September 2012 07:20 PM

ඔබට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

රිශාන් Wednesday, 05 September 2012 07:28 PM

නියමයි යාලුවා. ඔබට සුබ අනාගතයක්

:       0       0

සුරේන් Wednesday, 05 September 2012 07:35 PM

ඔබට ජය පිට ජය අත්වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 486 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 300 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site