ගුවන්තොටු පොළක තරම් දැඩි ආරක්ෂාවක් ඇතැයි කියන ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ ආරක්ෂව ගැන ලන්ඩන් පත්තර ඔලිම්පික් සංවිධායකයනට හොඳටම දෙහිකපයි. කනස්සල්ල පළ කරයි. විවෘත කිරිමේ උළෙලේ දී ඉන්දියා ක්‍රීඩකයන් අතරට ආගන්තුක තරුණියක අවුත් ඔවුන් සමග ගමන් කිරීම, බොරු බෝම්බයක් රැගත් ඩිගර් යන්ත්‍ර ක්‍රියාකරුවකු කිසිවකුටත් නොදැනී එහි ඇතුළු වීම ආරක්ෂක හිඩැස් ලෙස සැළැකේ. ආරක්ෂක මුරපොළ දෙකක්ම කිසිම ප්‍රශ්නයක් නැතිව පසුකැර යෑමට ‘ඩිගර්‘ රියැදුරා සමත්විය. ඉන්දියා, හැඳුනුම්පතක් වත් නැතිව වෙනමම ඇඳුමකින් සැරසී සිටි තරුණිය තම පෙළපාළියට එක් වූයේ කෙසේ දැයි ඉන්දියා, ඔලිම්පික් සංගමයේ උප සභාපති ටර්ලෝචන් සිං අසයි. ඇය අධික ලෙස කලබලයට පත්වූ ස්වේච්ඡා සේවිකාවකියි ලන්ඩන් ඔලිම්පික් සභාපති සෙබස්ටියන් කෝ කියයි. ඉන්දියා පුවත්පත් පැවැසුයේ මධුරා හනී නම් එම තරුණිය බංගලෝරයෙන් අවුත් ලන්ඩනයේ පශ්චාත් වෛද්‍ය උපාධියක් හදාරන බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන්ද දන්නේ උපදෙස් ගත්තේ (දී)
එංගලන්තය කියන්නේ සෙල්ලන් රටක් නෙවයි . මොකද උනේ එකපාරට (දී)
මේහෙන් පාඩම් ඉගෙන ගත්තා නම් හරි
ලංකාවේ කව්රුමහරි ඉන්නවා (දී)
සංවිධාන කමිටුවේ ලංකාවේ කව්රු හරි ඉන්නවා ඇති (දී)
ඒක නම් පුදුමයක් (දී)
බලන්නකෝ. තව ඉස්සරහට කුමියෙක් යන එකක් නැහැ හොරෙන් (දී)
මෙයා යන්නේ මාව හොයාගෙන .....මම මෙහෙ ... (දී)
කෝ අපේ නාලක මහත්තයා? (නි)
මොයා හරියට හිංදි නිලියක් වගේනෙ. බලන්නකො යන ලස්සන..!!(නු)
විලිලැජ්ජාවක් නැතිකමක මහත....(නු)
අනේ ඇත්තට ලන්ඩන්වලත් බැරිනම් ආරක්ෂාවක් සපයන්න හරියට කොහෙද පුළුවං ඉතිං.. මේගොල්ල නිදාගෙනද හිටියෙ අර වාහනය යද්දි??(නු)
හොරෙන් ඇවිල්ල ඉන්නෙත් ඉන්දියන් කාන්තාවක්ම නේ .....(වි)
ඔලිම්පික් ගම්මානයේ බෝම්බයක් පිපිරුවා නම් අන්න එතකොට සුද්දා තේරුම් ගනීවි කොටින්ට උදවු කිරීමේ පළවිපාක. (නි)
සලීම්, ලංකාවෙන් උපදෙස් ගත්ත නම් වැඩෙ නියමෙට කරයි(වි)
එයාලගෙ හැමදේම පිට අය (අවුට් සෝස්) කරන නිසා ආරක්ෂාවත් වෙන කාටහරි භාරදුන්නද දන්නෙ නැහැ.(නු)
අපේ විශේෂ කාර්ය බලකායට ආරක්ෂාව සැපයීම පවරන්න. (නි)
ලංකා, සුද්දා ගියාට මේ ළඟක් වෙනකම්ම ලංකාව පාලනය කෙරුවේ ඔයා වගේ කළු සුද්දෝ. (නි)
හොද වැඩේ ඉන්දියාවට. ඇයි ඡන්දය දුන්නේ බටහිර රටවලට පක්ෂපාතීවනේ. (නි)
කෝ මේ නාලක??? (නි)
අනේ මන්ද ලෝක බලවතා (දී)
නඩුත් ඉන්දියාවේ..බඩුත් ඉන්දියාවේ....(ස)
හැමෝටම පිස්සු (දී)
සලීම්/ශ්‍රියා@ ලංකාවේ ආරක්ෂක තත්වය ඔය තරම් හැල්ලුවට ලක් කරන එපා... ලංකාවේ නෙමෙයිද?.....(දී)
සුද්ද වගේ වැඩ කරන සුද්දෝ දැන් නෑ වගේ...(ස)
යන්නේ නම් සෝනියා ගේ දුව වගේ , කට්ටියම අන්දලා (දී)
ලංකාවට දුන්නනම් කොහොමද කියලා හිතාගන්නකෝ එහෙනම්..(ස)
සුද්දා වගේ වැඩ කියන්නේ කොයි තරම් බොරුවක්ද ? (දී)
හොරෙන් ගුවන් යානා වල යනවා නම් ආරක්ෂාව ගැන කවර කතාද? (නි)
එන්ගලන්තේ කියන්නේත් අසමත් රජයක්ද? (නි)
සලීම්, ලංකාවේ ආරක්ෂාව අති විශිෂ්ඨයි (දී)
ඉන්දික ලන්ඩන් තියෙන්නේ ඔලිම්පික් වලද ??(ස)
හා හා එහෙම කියන්න එපා. සුද්දොන්ගේ පැත්ත ගන්න අයට කේන්ති යයි. (ස)
දැන් මෙහෙ සුද්දෝ නැහැ (දී)
පොඩි පොඩි දේවල් ගැන එච්චර හිතන්න එපා. (නි)
ඔලිම්පික් තියන්නේ ලන්ඩන් වල නේද (දී)
අපේ අය යවමු (නි)
පොඩි පොඩි වැරදි උනාට ඔය තරම් කෑගහන්න එපා. (දී)
සලීම්/ශ්‍රියා, ඇත්තටම මටත් කණගාටුයි ඔබ දෙදෙනා ගැන.වැඩිය කතා වුවමනා නැහැ. අපේ විශේෂ කාර්ය බළකායට බාරදුන්නානම් වැඩෙ නියමෙට කරයි. ආයෙ කතා දෙකක් නැහැ. අපිට විශ්වාසයි අපේ රණවිරුවන්. (නි)
බෝම්බ අතුලට එනකම් ආරක්ෂකයෝ අල තැම්බුවද. (දී)
එයාලගේම අය එයාලටම දැන් අදුරගන්න බැහැ. (නි)
සුද්දා ගියාට පස්සේ එක රේල්පාරක් මීටර් 100ක් හදාගන්න බැරි උන අපිනෙ මේ සුද්දට බනින්නෙ...