IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඔලිම්පික් කෙළිබිමේදීත් තරග පාවාදෙති

ඔලිම්පික් බැඞ්මින්ටන් තරගාවලියේදී වුවමනාවෙන්ම තරග පරාජය වීම නිසා ආසියාතික බැඞ්මින්ටන් කී‍්‍රඩිකාවන් 8 දෙනකු තරගයෙන් ඉවත් කරන ලදි. මෙසේ තරගයෙන් ඉවත් කරන ලද කී‍්‍රඩිකාවන් 8 දෙනාගෙන් ප‍්‍රවීණතම චීන කී‍්‍රඩිකාවක වන යූ යැන්ග්, බැඞ්මින්ටන් කී‍්‍රඩාවෙන් සමුගැනීමටද තීරණය කළාය. බැඞ්මින්ටන් යුගළ තරග සඳහා ඉදිරිපත්ව සිටි චීන, කොරියානු සහ ඉන්දුනීසියානු කී‍්‍රඩිකාවන් තරගයේ පරාජය අපේක්‍ෂාවෙන් දැළ වෙතටත්, සීමා ඉරෙන් ඉවතටත් බැඞ්මින්ටන් මල යවමින්, විසුළු සහගත තරග වැදීමක නිරතව සිටි අයුරු දුටු වෙම්බිලිහි බැඞ්මින්ටන් කී‍්‍රඩාගාරයට රැස්ව සිටි 4,800 කට අධික පේ‍්‍රක්‍ෂකයෝ ‘හූ‘ හඩින් ඔවුනට සරදම් කළහ. එහි අනුයාත ප‍්‍රතිඵලය වූයේ ලෝක බැඩිමින්ටන් සම්මේලනය විසින් එම කී‍්‍රඩිකාවන් තරගාවලියෙන් ඉවත් කරනු ලැබීමයි. බදාදා (1 වැනිදා) දිනය නිමා වනවිටත් රන් පදක්කම් 17 ක් දිනාගනිමින් පදක්කම් පුවරුවේ පෙරමුණ ගෙන සිටි චීන කණ්ඩායමට තවත් පදක්කමක් හෝ දෙකක් එක් කිරීමට මෙසේ තරගාවලියෙන් ඉවත් කරන ලද කී‍්‍රඩිකාවන් අතුරින් දෙදෙනකුට ඉතා පහසුවෙන්ම අවස්ථාව තිබිණ. රන් පදක්කම් 12 ක් දිනා සිටින ඇමරිකා එක්සත් ජනපදය සහ රන්පදක්කම් 6 ක් දිනා සිටින දකුණු කොරියාව මේවන විට චීනය ආසන්නයේම සිටිති. මෙම ලැජ්ජා සහගත කි‍්‍රයාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් සමාව ඉල්ලා සිටින ලෙසද චීන බැඞ්මින්ටන් නිලධාරීහු තම කී‍්‍රඩිකාවන්ට නියෝග කළහ. කොරියානු කණ්ඩායම් දෙකක කී‍්‍රඩිකාවෝ මෙන්ම ඉන්දුනීසියානු යුගළද වුවමනාවෙන්ම තරග පරාජය වීමේ අදහසින් තරග කළේ ඊළග වටයේදී වඩාත් පහසු ප‍්‍රතිවාදීන් ලබාගැනීමේ අපේක්‍ෂාවෙනි. කෙසේ වෙතත් තමන්ට ලැබුණු තීරණය සම්බන්ධයෙන් චීන බැඞ්මින්ටන් කී‍්‍රඩිකා යූ යැන්ග් බලවත් නොසතුටට පත්ව සිටින්නීය. "මේ මගේ අවසන් බැඞ්මින්ටන් තරගාවලියයි. බැඞ්මින්ටන් කී‍්‍රඩාවටත්,  ලෝක සම්මේලනයේ නිලධාරීන්ටත් ආයුබෝවන්” "අප තරගය අතහැර දමන්න තීරණය කළේ තරගාවලියේම නීති රීති නිසායි. ඒත් නුඹලා කිසිම හිතක් පපුවක් නැතිව, අපේ සිහින සුන් කළා” යයි යැන්ග් සටහනක් තබා තිබිණ. මේ අතර ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ බොක්සිං තරගවල තීරණ සම්බන්ධයෙන්ද විවිධ මතභේද ඇතිවී තිබේ. බොක්සිං කී‍්‍රඩකයක විසින් එක් තරගයක් ‘පාවාදීමක්’ ලෙසින් හඳුන්වන ලද අතර තවත් තරගයකින් පරාජය වූ කී‍්‍රඩකයකු අභියාචනයක් ඉදිරිපත් කරමින් තමන්ගේ පැත්තට තීරණය ලබාගත්තේය. බොක්සිං කී‍්‍රඩාවේ විශිෂ්ටයකු වූ බි‍්‍රතාන්‍ය ජාතික ලෙනොක්ස් ලූවිස් පවා බොක්සිං තීරකවරුන්ගේ තීන්දු සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරන බවක් දක්නට ලැබිණ. ඉරානයේ අලී මසාහෙරී පවසන්නේ කියුබානු කී‍්‍රඩකයා සමග පැවැති තරගයේදී තමන් ලද අසාධාරණ තීන්දුව නොවන්නට තමන්ට ඉතාමත් පහසුවෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමේ හැකියාව තිබූ බවයි. ඊට පෙර චීනයේ මේස පන්දු කී‍්‍රඩිකාවක වන ඩින්ග් නින්ග් පවසා සිටියේ තරග තීරකවරයාගේ වරදින් තමන්ට රන් පදක්කම අහිමි වූ බවයි. මේස පන්දු ක‍්‍රීඩිකා ඩින්ග් නින්ග් ඉවත් කරන ලද ආසියානු බැඞ්මින්ටන් ක‍්‍රීඩිකාවන් 8 දෙනා චීනය සහ කොරියාව අතර පැවැති බැඞ්මින්ටන් යුගළ ඉසව්වේදී ක‍්‍රීඩිකාවන්ගේ තරග කිරීමේ විලාශය පිළිබඳව තීරකවරයා විමසූ අයුරු. චීන ක‍්‍රීඩිකා යූ යැන්ග් ද මෙහි සිටී.



අදහස් (0)

ඔලිම්පික් කෙළිබිමේදීත් තරග පාවාදෙති

රුවන් Friday, 03 August 2012 10:51 PM

අපේ කට්ටියගෙන් ඉගෙන ගෙනද කොහෙද? (නි)

:       0       0

සුභාෂිණි Sunday, 05 August 2012 03:24 AM

ක්‍රීඩාවටත් ගිය කලක්. (නි)

:       0       0

සමන් Sunday, 05 August 2012 06:49 AM

යන්න යන්න ඉදිරියටම. (නි)

:       0       0

නන්දසේන Saturday, 04 August 2012 07:11 AM

බොහෝම හොදයි. (නි)

:       0       0

යොහාන් Friday, 03 August 2012 02:01 PM

අපේ අය නෙමෙයිනේ...නැත්නම් අදහස් දක්වනවා හොඳට‍ (ස)

:       0       0

කුරේ Friday, 03 August 2012 02:03 PM

අපේ රටේ අය කළානම් මේවාට හොදට ප්‍රතිචාර ලියන්න තිබුණා අපට. (නි)

:       0       0

අමිල Friday, 03 August 2012 04:24 PM

ආසියාතිකයන් ගැන උදම් අනන සමහරුන්ට මේවා හොද පාඩම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site