IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඔලිම්පික් කෙළිබිමට ශ්‍රී ලංකාවෙන්

අන්තර්ජාතික ක‍්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවේ මුල්ම ජයග‍්‍රාහකයා වාර්තා වූයේ 1938 ”සිඞ්නි” නුවරදී පැවති බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය ක‍්‍රීඩා උළෙලේදීය. බොක්සිං ක‍්‍රීඩාවේදී ”ෆෙදර්” බර පංතියේ රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලාංකික ක‍්‍රීඩකයා වූයේ ඒ.ඩබ්. හෙන්රික්ස්ය. එයින් අනතුරුව ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ජයග‍්‍රහණයක් ගෙනා ක‍්‍රීඩකයා ඩන්කන් වයිට් ය. 1948 ”ලන්ඩන්” ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුලූ පැන දිවීමෙන් රිදී පදක්කම දිනා ගැනීමට ඩන්කන් වයිට් සමත් විය. එය ශ්‍රී ලාංකිකයකු දිනූ පළමු ඔලිම්පික් පදක්කම ද වෙයි. ශ්‍රී ලංකාවට නැවත ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට තවත් වසර 52 ක් බලා සිටීමට සිදු විය. වසර 2000 පැවති සිඞ්නි ඔලිම්පික් උළෙලේදී මීටර් 200 (කාන්තා) ඉසව්වෙන් සුසන්තිකා ජයසිංහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය. (පසුව ඇයට එහි රිදී පදක්කම ප‍්‍රදානය කෙරුණි) ඒ අනුව වසර 52 ක කාලයක් තුළදී ශ්‍රී ලංකාව දිනා ඇත්තේ ඔලිම්පික් පදක්කම් දෙකක් පමණි. ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවලට ඒ තරමට දුෂ්කර කටයුත්තකි. ”ලන්ඩන්” නගරයේදී 30 වැනි ඔලිම්පික් උළෙල අද (27 වැනිදා) ආරම්භ වන විට ලෝක ජනගහනය බිලියන හතක් (කෝටි 700) ක් ඉක්මවා සිටියි. මෙවර ඔලිම්පික් උළෙලේදී පිරිනැමෙන මුළු රන් පදක්කම් ගණන 302 කි. එය වත්මන් ලෝක ජනගහනයෙන් බෙදා බැලූවොත් කෝටි දෙකහමාරකට සිටින්නේ එක් ඔලිම්පික් රන් පදක්කම්ලාභියකු පමණි. ඔලිම්පික් උළෙලකට ක‍්‍රීඩකයකුට හෝ ක‍්‍රීඩිකාවකට සහභාගිවීමට ලැබෙන අවස්ථාවද අති දුර්ලභය. ඒ නිසාම ඌන සංවර්ධිත රටවල් ඉලක්ක කරමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ක‍්‍රමයක් හඳුන්වාදී තිබේ. එහි අරමුණ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමට සුදුසුකම් නොලබන රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ටත් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමේ අවස්ථාව උදාකර දීමය. ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 7 දෙනාගෙන් සිවු දෙනකු සහභාගි වන්නේද ”වයිල්ඞ් කාඞ්” නමැති එම අවස්්ථාව උදාකර ගනිමිනි. හේෂාන් උණම්බුව (පිහිනුම්  පිරිමි), රෙෂිකා උඩුගම්පොල (පිහිනුම් කාන්තා), ක‍්‍රිෂ්ටින් සොනාලි මෙරිල් (මලල ක‍්‍රීඩා) හා මංගල සමරකෝන් (ඉලක්කයට වෙඩි තැබීම) ”වයිල්ඞ් කාඞ්” පදනමින් මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලාංකික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ වෙති. එහෙත් මැරතන් ක‍්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ හා මෙවර ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාද වන බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්න නියමිත පරිසාදන මට්ටමට ළඟාවෙමින් අද ආරම්භ වූ 30 වැනි ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා සිටියි. අවසන් මොහොතේදී බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ ඔලිම්පික් වරම් ලැබුවේ අතිරේක ක‍්‍රීඩිකාවකට හිමිවූ අවස්ථාව ප‍්‍රයෝජනයට ගැනීමෙනි. ඔලිම්පික් බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලද දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩිකාවක් තරගාවලියෙන් ඉවත්වීමට ගත් තීරණයක් නිසා එම ස්ථානය අතිරේක ක‍්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ සිටි තිළිණි ජයසිංහට හිමිවිය. කෙසේ වෙතත් තිළිණි වසර 2008 පැවැති බීජිං ඔලිම්පික් උළෙලට ද සහභාගි වූ ක‍්‍රීඩිකාවකි. ඔලිම්පික් පදක්කම් දිනා ගැනීම කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ඒ සඳහා නියමිත පරිසාධන මට්ටම ඉක්මවූ ක‍්‍රීඩකයන් සොයාගැනීම විශාල අභියෝගයක් විය. යම් තරමකට එහිදී ශ්‍රී ලංකාව ඇඟ බේරා ගැනීමට සමත්ව තිබේ. 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව ක‍්‍රීඩකයන් හත් දෙනකුගේ කණ්ඩායමක් සහභාගි කර තිබේ. වසර 64 කට පසුවද ඔලිම්පික් උළෙලක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හත් දෙනකුට සීමාවී තිබේ. එයින් කියාපාන්නේ ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාව එක තැන පල් වෙන බවක් නොවේද? වසර 2000 සිඞ්නි ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 19 දෙනකුගේ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව වසර 52 කට පසු ඔලිම්පික් පදක්කමක් දිනා ගත්තේද එම ඔලිම්පික් උළෙලේදීය. වසර 2004 ඇතැන්ස් හිදී පැවැති ඔලිම්පික් උළෙලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 15 දෙනෙකුගේ කණ්ඩායමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව අවසන් වරට ”බීජිං” (2008* ඔලිම්පික් උළෙලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අට දෙනෙකු සහභාගි කරවීය. 2008 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළේ සුසන්තිකා ජයසිංහය. මූලික තරගවලට සහභාගි වුවත් අවසන් වටයේදී තරග වැදීමෙන් වැළකී සිටි අතර ඒ ආකාරයට ඇය ඊට පෙර පැවැති ”ඇතෑන්ස්” ඔලිම්පික් උළෙලේදීද තරග වැදීමෙන් වැළකී සිටියාය. ඇය ධෛර්යමත් කිරීම සඳහා එවකට අගමැති ධූරය දැරූ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඇතැන්ස් නුවරට පැමිණ ඇය මුණ ගැසුණාය. නමුත් ඇගේ අදහස වෙනස් නොවුණි. ලන්ඩන් නුවරදී ඔලිම්පික් උළෙලට යාම සඳහා ශ්‍රී ලංකාවේ නිලධාරීන්ගේ විශාල ආශාවක් ඇතිවී තිබේ. දැනගන්නට ලැබෙන පරිදි මෙවර ශ්‍රී ලංකා නිලධාරීන්ගේ සහභාගිත්වය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉක්මවා ඇත. ජාතික ඔලිම්පික් කමිටුව මේ අවස්ථාවේදී දැඩි අපහසුතාවයකට ලක් වන්නේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ අවශ්‍යතාවලට වඩා නිලධාරීන්ගේ අවශ්‍යතා ඉෂ්ඨ කිරීමට සිදුවීම හේතුවෙනි. ඒ අතර ක‍්‍රීඩා අමාත්‍යංශයට ඇහුම්කන් දෙන්නටද සිදුවී තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට සහභාගි වන ජාතික ක‍්‍රීඩා සංගම් බලධාරීන්ගේ ඔලිම්පික් සිහිනය සැබෑ නොකිරීම කමිටුවේ ඊළඟ නිලවරණයට ඉදිරිපත් වන එහි බලධාරීන්ට අහිතකර ලෙසින් බලපෑ හැකිය. ඒ අනුව දැනගන්නට ඇත්තේ වැඩි සද්දයක් නැතිවම නිලධාරීන් ගණනාවක් මේ වන විටත් ලන්ඩන් බලා පිටත්ව ගොස් ඇති බවයි. 1948 සිට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල 15 කට සහභාගි වී ඇති ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 115 කට ආසන්න පිරිසක් වරින් වර ඉදිරිපත් වූහ. එහෙත් මෙවර  ඕස්ටේ‍්‍රලියා ඔලිම්පික් කණ්ඩායම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 400 ඉක්මවයි. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලවලදී වැඩිම වාර ගණනක් ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙකි. ඒ සුසන්තිකා ජයසිංහ සහ හිටපු කඩුලූ පැනීමේ ශූරියක වන ශි‍්‍රයානි කුලවංශ සිවු වතාවක් බැගින් ඔලිම්පික් උළෙල සදහා සහභාගී වී තිබේ. කෙටි ධාවන ශූරී දමයන්ති දර්ශා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල තුනකට සහභාගි වී තිබේ. විදුලිපුර විදුලි ධාවකයා ලෙස එකල හඳුනාගෙන තිබූ මීටර් 400 හිටපු ශූර සුගත් තිලකරත්න 2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලට අවසන්වරට සහභාගි වන විට ඔලිම්පික් උළෙල තුනකට සහභාගි වී තිබුණි. 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලෙන් පසුව ශ්‍රී ලංකාව මේ දක්වා සෑම ඔලිම්පික් උළෙලකටම පිහිනුම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉදිරිපත් කිරීමට සමත්ව තිබෙන නමුත් එම අවස්ථාව බොහෝ විට ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ ”වයිල්ඞ් කාඞ්” ක‍්‍රමයට පින්සිදු වන්නටය. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල නැරඹීම සඳහා ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා මේ වන විටත් ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් සිටී. නූතන තාක්ෂණයත් සමග ලෝකයේ ක‍්‍රීඩාව අද පවතින්නේ කොතැනකද යන්න මෙදා ”ලන්ඩන්” ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට හොඳ අවබෝධයක් ලබා ගැනීමට කදිම අවස්ථාවක් බවට පත්වනු ඇත. ඩන්කන් වයිට්ගේ ඔලිම්පික් පිම්ම නිලූක කරුණාරත්න තිළිණි ජයසිංහ අනුරාධ ඉන්ද්‍රජිත් මංගල සමරකෝන් හේෂාන් උණම්බුව රෙෂිකා උඩුගම්පොළ කි‍්‍රෂ්ටින් ෂොනාලි



අදහස් (0)

ඔලිම්පික් කෙළිබිමට ශ්‍රී ලංකාවෙන්

ප්‍රවීන් Friday, 27 July 2012 12:22 PM

"ඒ නිසාම ඌන සංවර්ධිත රටවල් ඉලක්ක කරමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ක‍්‍රමයක් හඳුන්වාදී තිබේ.ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 7 දෙනාගෙන් සිවු දෙනකු සහභාගි වන්නේද ”වයිල්ඞ් කාඞ්” නමැති එම අවස්්ථාව උදාකර ගනිමිනි." බොරු කියන්න එපා හලෝ. ලංකාව කොහොමද ඌන සංවර්ධිත වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site