IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් ශූරයා ලින් ඩෑන්

ලන්ඩන් නුවරදී දැන් පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට චීනයේ ලින් ඩෑන් අද(5) සමත්විය. ලින් ඩෑන්, ලෝක බැඞ්මින්ටන් සම්මේලන ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) පළමු ස්ථානයේ සිටින ක‍්‍රීඩකයාය. ලින් ඩෑන්ගේ දිනාගත් මෙම රන් පදක්කමත් සමග පදක්කම් සටහනේ පෙරමුණේ සිටි ඇමරිකාව සම කිරීමට චීනය සමත්විය. පිරිමි යුගල ඉසව්ව ජයගත් චීනය යළිත් ඇමරිකාව අභිබවමින් රන් පදක්කම් 28 ක් ලබා පෙරමුණ ගත්තේය. ලින් ඩෑන් සහ මැලේසියාවේ ලී චන්ග් වයි අතර පැවැති අවසන් තරගයෙන් ඩෑන් තරග වට 2/1 ක තියුණු ජයක් ලැබීය. මැලේසියානු ක‍්‍රීඩකයා ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින ප‍්‍රබල ක‍්‍රීඩකයාය. 21/15, 10/21, 21/19 ක් ලෙස තරගයේ ලකුණු සටහන් විය. රන් පදක්කම් ලාභී ඩෑන්, අවසන් වරට 2008 වසරේ පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනාගත් ක‍්‍රීඩකයා වේ. ඩෑන් හමුවේ එහිදී පරාජය වුයේ ද ලී චන්ග් වයි ය. ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න පරදවා අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් ඉන්දියාවේ කාශ්‍යප් පරුපල්ලි එහිදී ලී චන්ග් වයි හමුවේ පරාජය ලැබීය. කාන්තා කේවළ ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දෙකම චීන ක‍්‍රීඩිකාවෝ දිනාගත් අතර ඉන්දිය ක‍්‍රීඩිකා සානියා නිවාල් ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ලොව ඉදිරියෙන්ම සිටින චීනය මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී පැවැති පිරිමි කේවළ, කාන්තා කේවළ, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ‍්‍ර යුගල යන බැඞ්මින්ටන් ඉසව්ව පහේම රන් පදක්කම් දිනා ගැනීම කැපී පෙනේ. ලින් ඩෑන් තරගය ජය ගැනීමෙන් පසුවරන් පදක්කම ලබාගැනීමෙන් පසු



අදහස් (0)

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් ශූරයා ලින් ඩෑන්

සරා Tuesday, 07 August 2012 04:44 AM

මීලග සුරයා ලී චොන්ග් වෙයි මලෙශියාවෙන් (දී)

:       0       0

අමිල කටුනායක Sunday, 05 August 2012 09:05 PM

අපට උදවු කරන රටක්නේ. ඒ නිසා අපිටත් හරිම සතුටුයි. සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 227 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site