එංගලන්තයේ ලන්ඩන් නුවරදී හෙට (27) ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න, පළමු තරගයේදී බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (කී‍්‍රඩක) අටවැනි ස්ථානයේ සිටින ජපානයේ කිනිචි ටැගෝ සමග තරග වදියි.
බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ 48 වැනි ස්ථානයේ සිටින නිලූක, සහභාගිවන මෙම ‘සී’ කොටසේ පළමු තරගය අනිද්දා (28) පැවැත්වීමට නියමිතය.
පෝලන්තයේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගි වු නිලූක, එරට සිට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේය. ඔහු ඔලිම්පික් උළෙලට සහභාගි වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ද වෙයි.
ටැගෝ, ලෝක ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියෙන් සිටි ක‍්‍රීඩකයකු වුවද, නිලූක, වත්මන් ජාත්‍යන්තර තරගවලදී දස්කම් අතර සිටීම නිසා තරගය තියුණු තරගයක් වනු ඇත.
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩකයන් 38 දෙනා අතරින් නිලූක 30 වැනි ලබා ගත්තේ පරිසාධක මට්ටම ඉක්මවමින් මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබු පළමු ක‍්‍රීඩකයා වෙමිනි.
ක‍්‍රීඩා උළෙලට අවසන් මොහොතේදී සුදුසුකම් ලැබු බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ, තායිලන්තයේ රැච්නොක් ඉන්ටැනොන් සහ පෘතුගාලයේ ටෙල්මා සැන්තෝෂ් සමග මුලික වටයේදී තරග වැදීමට නියමිතය.
තිළිණි, බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩිකා) 118 වැනි ස්ථානයේ පසුවෙයි. තායිලන්තයේ ක‍්‍රීඩිකාව ලෝක ශ්‍රේණිගත කිරීමේ 10 වැනි ස්ථානයේද, පෘතුගාලයේ ක‍්‍රීඩිකාව එහි 73 වැනි ස්ථානයේද සිටිති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඔලිම්පික් උළෙලේදී නිලූකගේ ප‍්‍රතිවාදියා ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැන්නා
ගයාන් Friday, 27 July 2012 10:40 AM
ලංකාව බබලවන්න ඔබට ශක්තිය ලැබේවා, සුභ පැතුම් !!!!.(ස)
දමයන්ත Friday, 27 July 2012 04:56 PM
බය වෙන්න එපා. අපේ කොල්ලට පුළුවන් (දී)
දර්ශමාල් දුෂ්මන්ත Monday, 30 July 2012 04:45 PM
ලබා ගත් ජයග්‍රහණයට මගෙන් උණුසුම් සුභ පැතුම්...!!!! (නි)
කුමාර Friday, 27 July 2012 11:49 AM
නිලූක පුතා, ඔබට ජයග්‍රහණය සදහා ශක්තිය හා ධෛර්යය නොඅඩුව ලැබේවා! ඔයාට පුළුවන් පුතා. භය නැතුව ගහන්න. ඩීන්, දිනන පරදින එක ස්වභාවික දෙයක්. දෙන්නෙකුට එකවර දිනන්න බැහැ. මූසල කතා නොකියා අපේ දරුවන් ධෛර්යමත් කරනවා හලෝ. එහෙම නැත්නම් ඔය කට වහ ගන්නවා. (නි)
අනුරාධ Friday, 27 July 2012 12:26 PM
අපේ රටෙත් ඉන්නවා කුහකයින් කොටසක්. අපි ඔවුන්ට අනුකම්පා කළ යුතුයි නේද? (නි)
දම්මික Friday, 27 July 2012 12:51 PM
ලංකාව බබළවන්න ඔබට ශක්තිය ලැබේවා, සුභ පැතුම් !.(ස)
ආර්.එස්. කසුන් Friday, 27 July 2012 12:54 PM
ඩීන්.. දන්නවාද නිලුක කියන්නෙ කවුද කියලාව්ත්.. නොදන්න දේවල් කතා කරන්න එපා..නිලුක ඔබට සුභ පැතුම්..!! (නු)
නදීෂ් Friday, 27 July 2012 01:04 PM
නිලූක අයියට අපේ සුභ පැතුම් !! ඔයාට දිනන්න පුළුවන්, ඔබට ජය !! .(ස)
අනුරාධ Friday, 27 July 2012 12:34 AM
පුතා, තෙරුවන් සරණින් දේවාශිර්වාදයෙන් ඔබට ජය! (නි)
තිසර Friday, 27 July 2012 03:48 AM
අපේ කොල්ලෝ හැමදාම වීරයන් තමයි. (නි)
අමිල Friday, 27 July 2012 05:15 AM
නිලූකට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
අශාන් Friday, 27 July 2012 06:51 AM
නිලූක, කාට පරාද වුණත් ඉන්දියාවට නම් පරාද වෙන්න එපා. ඔබට ජය! (නි)
ප්‍රවීන්-මැනිලා Friday, 27 July 2012 07:57 AM
සැලෙන්න එපා මල්ලී. ඔයාට පුලුවන්. (නි)
ඩීන් Friday, 27 July 2012 09:33 AM
මෙයා පරදිනවා. ආයේ ඒකේ සැකයක් නැහැ. (නි)
නදීකා Friday, 27 July 2012 09:59 AM
නිලූක බැට්මින්ටන් ඉතිහාසය වෙනස් කරන්න මල්ලී...ඒක ඔයාට පුළුවන්....ඔයාට ජය!!!
චතුරිකා Friday, 27 July 2012 10:09 AM
නිලූක , ඔබ අපිට ආඩම්බරයක්....ඉන්දියන් සාගරයේ මුතු ඇටය බබළවන්න ඔබට පුළුවන් , ඔබට සදා ජය.....(ස)
කමල් Friday, 27 July 2012 10:10 AM
අපි ඔබට සුභ පතනවා නිලූක , .(ස)
වරුණ Friday, 27 July 2012 10:16 AM
ඔබට ජය නියතයි (දී)
උපුල් Friday, 27 July 2012 04:09 PM
විශ්වාසය අදිශ්ඨානය සහ කැපවීම එකතු කලවිට ජය ළගාවේ. මේ සියල්ල දැන් ඔබ ළඟ ඇත. එයට අප හැමගේම ආශීර්වාදය එක්වී ජයග්‍රහණයක් ලෙස ඔබට ලැබේවා...(ස)
දනුශ්ක Friday, 27 July 2012 10:17 AM
ඔබ ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම අයිති බව පෙන්වන්න ඔබට පුළුවන් , ඔබ ලක් මෑණියන්ට ආඩම්බරයක්..ජය වේවා !!.(ස)
සහන් Friday, 27 July 2012 10:22 AM
නිලූක , ඔබ පළමු වටයෙන් ජය ගන්න ,එය ඔබට අභියෝගයක් නොවේ.., ඔබට ජය.... !!.(ස)