එංගලන්තයේ ලන්ඩන් නුවරදී හෙට (27) ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න, පළමු තරගයේදී බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (කී‍්‍රඩක) අටවැනි ස්ථානයේ සිටින ජපානයේ කිනිචි ටැගෝ සමග තරග වදියි.
බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ 48 වැනි ස්ථානයේ සිටින නිලූක, සහභාගිවන මෙම ‘සී’ කොටසේ පළමු තරගය අනිද්දා (28) පැවැත්වීමට නියමිතය.
පෝලන්තයේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගි වු නිලූක, එරට සිට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේය. ඔහු ඔලිම්පික් උළෙලට සහභාගි වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ද වෙයි.
ටැගෝ, ලෝක ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියෙන් සිටි ක‍්‍රීඩකයකු වුවද, නිලූක, වත්මන් ජාත්‍යන්තර තරගවලදී දස්කම් අතර සිටීම නිසා තරගය තියුණු තරගයක් වනු ඇත.
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩකයන් 38 දෙනා අතරින් නිලූක 30 වැනි ලබා ගත්තේ පරිසාධක මට්ටම ඉක්මවමින් මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබු පළමු ක‍්‍රීඩකයා වෙමිනි.
ක‍්‍රීඩා උළෙලට අවසන් මොහොතේදී සුදුසුකම් ලැබු බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ, තායිලන්තයේ රැච්නොක් ඉන්ටැනොන් සහ පෘතුගාලයේ ටෙල්මා සැන්තෝෂ් සමග මුලික වටයේදී තරග වැදීමට නියමිතය.
තිළිණි, බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩිකා) 118 වැනි ස්ථානයේ පසුවෙයි. තායිලන්තයේ ක‍්‍රීඩිකාව ලෝක ශ්‍රේණිගත කිරීමේ 10 වැනි ස්ථානයේද, පෘතුගාලයේ ක‍්‍රීඩිකාව එහි 73 වැනි ස්ථානයේද සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම අයිති බව පෙන්වන්න ඔබට පුළුවන් , ඔබ ලක් මෑණියන්ට ආඩම්බරයක්..ජය වේවා !!.(ස)
ලබා ගත් ජයග්‍රහණයට මගෙන් උණුසුම් සුභ පැතුම්...!!!! (නි)
බය වෙන්න එපා. අපේ කොල්ලට පුළුවන් (දී)
විශ්වාසය අදිශ්ඨානය සහ කැපවීම එකතු කලවිට ජය ළගාවේ. මේ සියල්ල දැන් ඔබ ළඟ ඇත. එයට අප හැමගේම ආශීර්වාදය එක්වී ජයග්‍රහණයක් ලෙස ඔබට ලැබේවා...(ස)
නිලූක අයියට අපේ සුභ පැතුම් !! ඔයාට දිනන්න පුළුවන්, ඔබට ජය !! .(ස)
ඩීන්.. දන්නවාද නිලුක කියන්නෙ කවුද කියලාව්ත්.. නොදන්න දේවල් කතා කරන්න එපා..නිලුක ඔබට සුභ පැතුම්..!! (නු)
ලංකාව බබළවන්න ඔබට ශක්තිය ලැබේවා, සුභ පැතුම් !.(ස)
අපේ රටෙත් ඉන්නවා කුහකයින් කොටසක්. අපි ඔවුන්ට අනුකම්පා කළ යුතුයි නේද? (නි)
නිලූක පුතා, ඔබට ජයග්‍රහණය සදහා ශක්තිය හා ධෛර්යය නොඅඩුව ලැබේවා! ඔයාට පුළුවන් පුතා. භය නැතුව ගහන්න. ඩීන්, දිනන පරදින එක ස්වභාවික දෙයක්. දෙන්නෙකුට එකවර දිනන්න බැහැ. මූසල කතා නොකියා අපේ දරුවන් ධෛර්යමත් කරනවා හලෝ. එහෙම නැත්නම් ඔය කට වහ ගන්නවා. (නි)
ලංකාව බබලවන්න ඔබට ශක්තිය ලැබේවා, සුභ පැතුම් !!!!.(ස)
නිලූක , ඔබ පළමු වටයෙන් ජය ගන්න ,එය ඔබට අභියෝගයක් නොවේ.., ඔබට ජය.... !!.(ස)
පුතා, තෙරුවන් සරණින් දේවාශිර්වාදයෙන් ඔබට ජය! (නි)
ඔබට ජය නියතයි (දී)
අපි ඔබට සුභ පතනවා නිලූක , .(ස)
නිලූක , ඔබ අපිට ආඩම්බරයක්....ඉන්දියන් සාගරයේ මුතු ඇටය බබළවන්න ඔබට පුළුවන් , ඔබට සදා ජය.....(ස)
නිලූක බැට්මින්ටන් ඉතිහාසය වෙනස් කරන්න මල්ලී...ඒක ඔයාට පුළුවන්....ඔයාට ජය!!!
මෙයා පරදිනවා. ආයේ ඒකේ සැකයක් නැහැ. (නි)
සැලෙන්න එපා මල්ලී. ඔයාට පුලුවන්. (නි)
නිලූක, කාට පරාද වුණත් ඉන්දියාවට නම් පරාද වෙන්න එපා. ඔබට ජය! (නි)
නිලූකට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
අපේ කොල්ලෝ හැමදාම වීරයන් තමයි. (නි)