
(උණවටුන ඩී.ජී.සුගතපාල)
ගාල්ල ධිවර වරාය ආසන්නයේදී අද (24) උදෑසන ඔරුවක් පෙරලියාමෙන් එහි සිටි පාසල් සිසුවෙක් අතුරුදහන්වි ඇති බවත් දෙදෙනෙකු දිවි බේරාගෙන ඇති බවත් ගාල්ල වරාය පොලිසිය පවසයි.
අතුරුදහන්ව ඇත්තේ ගාල්ල කටුගොඩ මුල්ලවත්ත පදිංචිව සිටි 16 හැවිරිදි දුලාන්ජ චමෝද් ධනුෂ්ක නැමැති පාසල් සිසුවෙක් බවද පොලිසිය පවසයි. ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිමට සිටි සිසුවෙකි.
ඔවුන්ගේ ඔරුව ගොඩබිම සිට කිලේ මිටර් එකහ මාරක් පමණ දුරදි පෙරලි ඇති අතර එම අවස්ථාවේ එහි සිටි දෙදෙනෙකු ගොඩබිමට පිහිනා දිවි බේරාගෙන ඇත.පසුව සුලු තුවාල ලබාසිටි ඔවුන් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
මෙම තිදෙනා පොකිරිස්සන් ඇල්ලිම සඳහා පෙර දිනයේ ගොස් එලා තිබු දැල් රගෙන ඒමට යමින් සිටියදි ඔරුව පෙරලි ඇත. අතුරුදහන්වු සිසුවා සොයා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම්ද යොදවා ඇත.
(ඡායාරූප: යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද සහ උඩුගම රවි ලියනගේ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන නහන ගුරු උඩින් ගියත් එකයි, යටින් ගියත් එකයි නේද?
අවුරුදු 20ට අඩු අයට මුහුදු යෑම තහනම් කළ යුතුයි.