ඇමරිකා ජනපති බැරක් ඔබාමා ශ්‍රී ලංකාවේ සංචාරයකට එනු ඇතැයි වසර 47 කට පසු ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී ප්‍රබල ඉඟියක් කළේය.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කොළඹදී පැවති පුවත්පත් හමුවකදී පැවසූවේ ආසියා සංචාරයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනපති ඔබාමාට නිර්දේශ කරන බවයි.
ජෝන් කෙරී අවධාරණය කළේ තමා ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ කටයුතු වලට ඇගිලි ගැසීමට නොව ශ්‍රී ලංකාවේ පවත්නා යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඇති වු සතුටුදායක තත්වය නිසා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තරයේ හිත දිනානොගෙන කිසිම රටක් ඉදිරියට යා නොහැක. (නි)
කෝ අර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කිය කියා කෑගහන අය කොහෙද? (නි)
රණේපුර මහතාගේ කතාව මසුරන් වටිනා එකක්. එහෙත් කොටසකට මෙය නොවැටහීම කණගාටුවක් (නි)
මමත් රණේපුර මහතාගේ කතාවට එකඟයි. එසේම රටේ අනන්‍යත්වය හා ජාතික ආරක්ෂාවට පවතින පාලන ක්‍රමයට අත තැබීමට ඔහුට හෝ වෙනත් අයෙකුට අවසර නොදිය යුතුයි. (නි)
බොහොම හොඳයි. (නි)
මමත් රණේපුර මහතාට එකඟයි. පාප් වහන්සේගේ සිට අප රටට පැමිණි හැම නායකයෙකුම බෞද්ධ ආගමට දැක්වූ ගෞරවය අප අගය කළයුතුයි. සෑම පුද්ගලයෙක්ම සතුරෙක් යැයි සිතීමට අපට බුදු දහමේ කොතනකවත් උගන්වා නැහැ (නි)
මමත් රණේපුර මහතාගේ කතාවට එකඟයි. බලවත් රටවල් කොහොමත් අපේ රටට ආදරෙයි. මොකද ලෝකයේ හොඳම තැනකයි අපේ රටේ පිහිටීම වෙලා තියෙන්නේ. (නි)
මං කිව්වේ රණවීර විරුද්ධව කියපු හුඟක් දේ එහෙම්පිටින්ම කැපුවා කියලයි. (නදී)
ලෝක පොලිස්කාරයාට ඔලුව පිරෙන්න වැඩ තියෙද්දී අනේ ඇයි මේ පුංචි තිතක්වන් ලංකාවටම එන්න හිතුනේ? (නි)
විරුද්ධව මොකුත් නොකියනවා නෙවෙයි මාධ්‍ය සදාචාරය එයයි (නදී)
සමදරා ආරියදාස නැන්ද කියන්නේ විදේශ ඇමති වෙන්න රනේපුරට අර සුදුසුකමත් තියෙනවා කියලද? අපි නං එහෙම එකක් නැන්දා කියනකං දැනං හිටියෙ නෑ. (බ)
අනේද කියන්නේ යසීර්, මේ දේවදත්තයා එක්ක හොඳට සම්බන්ධකම් පැවැත්තුවොත් නොවැරදීම හොඳම අපායකට යන්න හරි හොඳම අපායක් ලක් පොළොවේම ඉදි කරගන්න හරි පුළුවන් වෙනවා තමයි. (නදී)
අඩුපාඩුවකට තිබුනේ ඔච්චරයි .. (ත)
එ්කනේ රණේපුර, බල්ලොත් එක්ක නිදිය ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා නේ! (නදී)
අඩුපාඩුවකට තිබුනේ ඔච්චරයි (ත)
මේ අය පය තිබ්බ තැන් වලට හරි ගිහින් නැති බව මතක තියාගත්තොත් කොයි කාටත් හොදයි ....(ත)
ඇමරිකාව අපිට ඔච්චර ආදරේ නම් ඇයි අපිට අවුරුදු තිහක් කොටිත් එක්ක යුද්ධ කරන්න ආයුධ දුන්නේ නැත්තේ? අපේ හෙලිකොප්ටර් අලුත්වැඩියා කරන්න උදව් කළේ ඊශ්‍රායලය. අපිට කොන්ද පණතිබෙන නායකයෙක් ලැබුණු නිසා ත්‍රස්තවාදය නැති කරන්න පුළුවන් වුණා. පේනවා නේද හොඳට තිබුණු අරාබිකරයට වෙලා තියෙන දේ. සුඩානය දෙකට වෙන්කළා. දැන් අපිට පිට කාගෙවත් උදව් ඕනෑ නැහැ. අපේ වැඩක් කරගෙන යන්න දුන්නා නම් නේද හොඳ? (නි)
ලංකාවේ යහපාලනය ඇතිවෙලාද, දන්නෙම නැතුව? (නි)
අපිට ඕනෑ අරාබි රටවල් නෝව චීනය ඇමෙරිකාව වැනි රටවල්ය. (ත)
ලෝකයේ බලවතා අපේ රටට එනවා කියන්නේ , ඔවුන්ගේ පැහැදීම අප ගෙන තිබෙනවා කියන එක , ඇමරිකාව යුරෝපය අපට සිටිනවානම් ආර්ථිකව සහ මානුෂිකව නිදහස් ජීවිත අපට ලැබෙනවා. (ත)
අද මොකද මේකට විරුද්ධව මොකුත් කට්ටිය නොකියන්නේ? (නි)
මේ ලෝක පොලිස්කාරය පයගහන රටවල් විනාශයි.ඒ ගැන තේරුම්ගන්න ඕනෑ.මේ රට එයාලට අවශ්‍ය විදියට නටවන්න දෙකඩ කරන්න කටයුතු කරන්න බැහැ අපිට. (නි)
යහපත් දෙයක් සිදුවෙනවා නම් හොඳයි (නි)
අනේද කියන්නේ යසීර්! (නි)
විරුද්ධව මොකුත් නොකියනවාම නෙමෙයි රණවීර (නි)
අනේ රණේපුර, දුදනන් ආශ්‍රය කිරීම පිරිහීමට කාරණයක් බව බුදු බණේත් තිබෙනවා නේද? (නි)
ආනන්ද දොඩන්ගොඩලට, රණේපුරලට, එරන්ගලට හේරත්ලට සෞදියේ දියබුං ගසමින් මෙහෙ පෑදීදිය බොරකරන ශාන්ලට, සහ ටිකිරි මොළැති ටිකිරිලාට ඇත්ත තේරෙනකොට මේ රටේ හැමෝගෙම කටේ පස්! (නි)
එයාලා අපේ රට ගැන එච්චර කරදරවෙන්නේ ආදරේටනේ රූපසිංහ. (නි)
නියම මිතුරා කිසීම දෙයක් බලාපොරොත්තු නොවී උපකාර කරයි (නි)
අනේ රණේ,මොකද අනේ, මෙයාල ගිය රටවලට වුනේ (බ)
ලංකාවට, සිංහල ජාතියට, බෞද්ධාගමට ආදරය කරන්නා අනිවාර්යෙන් මහින්දවාදියකු විය යුතුයැයි සිතමින් මානසික රෝගයෙන් පෙළෙන්නෝ මෙයත් වපර ඇසින් දකින්න පුලුවන්. ඔවුන්ට මහින්ද පාලනය නොකරන ලංකාවේ, මිනිහෙකුට අධෝ වාතයක් ගියත් එය යහපාලනයේ වරදක් ලෙසයි පෙනෙන්නේ. නමුත් මහින්දගේ කාලයේ සිදු වූ බොහෝ අයහපත් දේවලට ඔවුන් නිහඬයි. කෙසේ නමුත් මෙම පුවත රටට සුභ දෙයක් ලෙසදකින්න පුලුවන්. අප ජාත්‍යන්තරය මිතුරු කරගත යුතුයි. නමුත් ඔවුන්ගේ වහලෙකු නොවිය යුතුයි. අපගේ අනන්‍යතාවයන් රැකගෙන රටක් ලෙස ඉදිරියට යා යුතුයි. (නි)
මමත් රණේපුර මහතාගේ කතාවට එකඟයි (නි)
ඔව්... අනික අපේ වගේ රටක් ඇමෙරිකාව තරහා කරගෙන තේරුමක් නැහැ.ලෝකයේ ප්‍රභලම රට එක්ක මිත්‍රත්වයක් ගොඩනඟා ගන්න එක වඩාත්ම හොඳයි (නි)
ඡන්ද ගන්න මිනිස්සු රවටපු කාලේ ඉවරයි. අපි ජාත්‍යන්තරයත් එක්ක අත්වැල් බැඳගෙන ඉස්සරහට දිගු ගමනක් යමු... (නි)
ලෝකයේ සංවර්ධිත රටක් ලෙස ඉදිරියට යන්නට මෙය හොඳ අවස්ථාවක් කරගනිමු (නි)
මමත් රණේපුර මහතාගේ කතාවට එකඟයි අපි වහලුන් නොවිය යුතුයි, මම දන්නා කලෙක ඇමෙරිකන් ජනපතිවරයෙක් ලංකාවට ඇවිත් නැහැ. එහෙම එන එක මොනතරම් හොදාද. (ර)
රණේපුර සහ එරංග, ඔබලාගේ මතය හරි වෙන්න පුළුවනි. එත් ඔය කියන ජාත්‍යන්තරය කොටින් නැසූ යුද්ධයේදී ලංකාවට පිටු පෑවා. ඔය ජාත්‍යන්තරයේම ඉඳගෙනයි මේ ලියන්නේ. ඒ කාලයේදී එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය දෙකම සහ එක්සත් ජාතීන්ගේ සංගමය එක්සත් වුනා කොටින්ගේ පැත්ත ගෙන.මා ජීවත්වන ඕස්ට්‍රේලියානු රජය පමණයි ඒ වෙලාවේ මානුෂික මෙහෙයුමට සහයෝගය දැක්වූ රට. ඔවුන් එය කරේ ත්‍රස්තවාදයට මුල්‍යමය ආධාර එකතුකිරීම තහනම් කිරීම සහ අනික් ක්‍රියා වලින්. සිතිය යුතු පුවත නම් එක්සත් කණ්ඩායම ඒකාලයේ මුණ ගැසී රටේ සිදුවෙන තත්වය ගැන හිලරි ක්ලින්ටන් ඇතුළු කණ්ඩායමට තමන්ගේ විරෝධය පෑ අය අද බලයේ සිටීමත් ඔවුන් බලයේ සිටිද්දී ඔවුන්ට එදා ඇහුන්කම් දුන් අය අද අපේ රටට හොට දැමීමත්. ඇයි එහෙම වන්නේ? 1802 සහ 1815 අතර අපේ රටට වුනු දේ සිහි කරන්න. (ර)
සහතික ඇත්තත එත් සමහර අයගේ දුපත් මානසිකත්වය අයින් කරන්න බැහැ. ලිදේ ඉන්න මැඩියෝ වගේ කරන්න දෙයක් නැහැ ඔය වගේ අය බුදුන් වහන්සේගේ කාලෙත් හිටියනේ. (ර)
දැන් මේ වෙන්නේ අපට ඕනෑ දෙය නොව ඔවුන්ට ඕනෑ දෙය අපේ බව ඇගවීමක් පමණි. යුද්ධයේදී අන්තිම මොහොත දක්වා අපව කකුලෙන් ඇද අපව තනි කල ඇමෙරිකාව පසුව ව්‍යාජ යුධ අපරාධ උගුළක අපව හිර කෙරිණි. ඇමෙරිකානු සැළසුම් කිසිවක් ආණ්ඩු මාරු සමග වෙනස් වන්නේ නැත. යථාර්තය පෙනී පෙනී මේ වැටෙන්නට යන්නේ දැවැන්ත උගුලකය. එහි ප්‍රථිපලය එනවිට අපේ දීර්ඝකාලීන හිතවතුන්ව සිටි රුසියාවත් චීනයත් අපට අහිමි වෙලාය. (ර)
රණේපුර මහතා හරි (නි)
පුතේ රණේපුර, ඔබ විදේශ ඇමති වගේ තනතුරක් ලබන්න කැමති නැද්ද? (නි)
මමත් එකඟයි රණේපුර. (නි)
රණේපුර මහතාගේ අදහසට එකහෙළාම එකඟවෙමි. (නි)
නැතුව නැතුව, අපි දන්නෙ නැද්ද අමෙරිකාවත් එක්ක හොඳ සම්බන්ධකම් පවත්වපු රටවල්වලට වෙච්ච හරිය? (නි)
හරියටම හරි. දැන් ලෝකේ ලොක්කා අපිත් එක්ක.අපි කාටද බය ? (නි)
රණේපුර මහතාගේ කතාව හරි (නි)