IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඔබ නැතුව ඔබත් එක්ක පැරීසියේදි

ප්‍රංශයේ වෙසුල් හි 19 වෙනි අන්තර් ජාතික ආසියාතික සිනමා උළෙලේ හොදම සිනමා නිර්මානයට හිමි සික්ලෝ ඩොර් සම්මානයත් නෙට්ෆැක් සම්මානයත්

‘ඔබ නැතුව ඔබත් එක්ක‘ චිත්‍රපටිය මෙවර හිමිකර ගත්තේය. ආසියා රටවල චිත්‍රපට 70ක් අතරින් ජයගත් එම සිනමා පටයේ අන්තර් ජාතික 43 වැනි ඉන්දීය සිනමා උළෙලේ හොදම නිළිය ලෙස රිදි මොණරා සම්මානය හිමි කරගත් අන්ජලී පටිල් ඉන්දීය නිළිය හා ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රධාන චරිත රඟපාති.. මෙම නිර්මාණය ලන්ඩන්, ජපානය, ඩබ්ලින්, කේරලය, කැනඩාවේ මොන්ට්රියල් අන්තර් ජාතික සිනමා උළෙලයන් නියෝජනය කළේය.

ඉන්දු ශ්‍රී ලංකා නළු නිළි සංයෝජනයක් එක්  කරමින් නිර්මාණය වූ මෙම සිනමා පුවත , ආදරයේ කවියක් අවසානය දක්වා ගලා යනසේ  නිපැයු විශිෂ්ට නිර්මාණයක් බව සම්මාන උළලේ දි ඡුරිය පැවසුවේය. එහි නිර්මාණ කරු වූ ප්‍රසන්න විතානගේ ›ලාංකික විශිෂ්ඨ සිනමා කරුවාගේ සහභාගිත්වයෙන් ඔබ නැතුව ඔබත් එක්ක සිනමා නිර්මාණය අප්ප්‍රේල් 03 වැනි බදාදා දහවල් 12.30ට පැරීසියේදි තිරගතවේ. පැරිස්  කලාප අංක 16හි ගිමේ කෞතුකාගාර සිනමා ශාලාවේදි එම චිත්‍රපටි නැරඹිය හැක.

 

 



අදහස් (0)

ඔබ නැතුව ඔබත් එක්ක පැරීසියේදි

කිත්සිරි Tuesday, 02 April 2013 09:28 AM

ආදරණීය ප්‍රසන්න‍, ඔබ අප රටට ආඩම්බරයකි. නිර්මාණකරනයෙහි තවතවත් යෙදීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 02 April 2013 09:36 AM

අපේ සිනමාව අභාවයට යමින් පවතින මෙවන් යුගයක ඔබ නිලම්බරයේ පායන සදක් වැනිය. සුභ පැතුම්! (නි)

:       0       0

මාලා Monday, 01 April 2013 10:25 PM

දැන් නළුවොත් ඉන්දියාවෙන්. අපේ රටේ බත් කන ජනතාව අපේ නළුවෝ ඇරලා පාර්ලිමේන්තු (ස)

:       0       0

රීටා Tuesday, 02 April 2013 10:26 AM

වටිනා හරවත් සිනමාවෙන් අපට ලබා දෙන ඔබට යහපතක්ම වේවා ! (ස)

:       0       0

බණ්ඩාර රංගන Thursday, 04 April 2013 06:05 PM

මේ ප්‍රසන්න මහත්තයා ඔය නිර්මාණ කරනකොට බඩ ගැන විතරක් හිතන්ත එපා රට ගැනත් හිතන්න (අ)

:       0       0

ගිහාන් Tuesday, 02 April 2013 03:05 PM

නිරවුල් මනසින් සිතන්න.අප රටට සම්මාන ලැබුනු නිර්මාණ වලින් වැඩි කොටසක් රටට විරුද්ධව සහ අප රණවිරුවන්ට විරුද්ධව කළ නිර්මාණයන්ය. (නි)

:       0       0

චන්දන Monday, 01 April 2013 06:24 PM

විශිෂ්ටයි ප්‍රසන්න මහත්මයාණනි, මෙවැනි තව තවත් නව නිර්මාණ කිරීමට සුබ පැතුම් ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 74 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site