ප්‍රංශයේ වෙසුල් හි 19 වෙනි අන්තර් ජාතික ආසියාතික සිනමා උළෙලේ හොදම සිනමා නිර්මානයට හිමි සික්ලෝ ඩොර් සම්මානයත් නෙට්ෆැක් සම්මානයත්
‘ඔබ නැතුව ඔබත් එක්ක‘ චිත්‍රපටිය මෙවර හිමිකර ගත්තේය. ආසියා රටවල චිත්‍රපට 70ක් අතරින් ජයගත් එම සිනමා පටයේ අන්තර් ජාතික 43 වැනි ඉන්දීය සිනමා උළෙලේ හොදම නිළිය ලෙස රිදි මොණරා සම්මානය හිමි කරගත් අන්ජලී පටිල් ඉන්දීය නිළිය හා ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රධාන චරිත රඟපාති.. මෙම නිර්මාණය ලන්ඩන්, ජපානය, ඩබ්ලින්, කේරලය, කැනඩාවේ මොන්ට්රියල් අන්තර් ජාතික සිනමා උළෙලයන් නියෝජනය කළේය.
ඉන්දු ශ්‍රී ලංකා නළු නිළි සංයෝජනයක් එක් කරමින් නිර්මාණය වූ මෙම සිනමා පුවත , ආදරයේ කවියක් අවසානය දක්වා ගලා යනසේ නිපැයු විශිෂ්ට නිර්මාණයක් බව සම්මාන උළලේ දි ඡුරිය පැවසුවේය. එහි නිර්මාණ කරු වූ ප්‍රසන්න විතානගේ ›ලාංකික විශිෂ්ඨ සිනමා කරුවාගේ සහභාගිත්වයෙන් ඔබ නැතුව ඔබත් එක්ක සිනමා නිර්මාණය අප්ප්‍රේල් 03 වැනි බදාදා දහවල් 12.30ට පැරීසියේදි තිරගතවේ. පැරිස් කලාප අංක 16හි ගිමේ කෞතුකාගාර සිනමා ශාලාවේදි එම චිත්‍රපටි නැරඹිය හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරණීය ප්‍රසන්න, ඔබ අප රටට ආඩම්බරයකි. නිර්මාණකරනයෙහි තවතවත් යෙදීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
අපේ සිනමාව අභාවයට යමින් පවතින මෙවන් යුගයක ඔබ නිලම්බරයේ පායන සදක් වැනිය. සුභ පැතුම්! (නි)
දැන් නළුවොත් ඉන්දියාවෙන්. අපේ රටේ බත් කන ජනතාව අපේ නළුවෝ ඇරලා පාර්ලිමේන්තු (ස)
වටිනා හරවත් සිනමාවෙන් අපට ලබා දෙන ඔබට යහපතක්ම වේවා ! (ස)
මේ ප්‍රසන්න මහත්තයා ඔය නිර්මාණ කරනකොට බඩ ගැන විතරක් හිතන්ත එපා රට ගැනත් හිතන්න (අ)
නිරවුල් මනසින් සිතන්න.අප රටට සම්මාන ලැබුනු නිර්මාණ වලින් වැඩි කොටසක් රටට විරුද්ධව සහ අප රණවිරුවන්ට විරුද්ධව කළ නිර්මාණයන්ය. (නි)
විශිෂ්ටයි ප්‍රසන්න මහත්මයාණනි, මෙවැනි තව තවත් නව නිර්මාණ කිරීමට සුබ පැතුම් ! (ස)