ශ්රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්නන විතානගේ ගේ අලුත් චිත්‍රපටය ‘ඔබ නැතුව ඔබ එක්ක‘මේ වසරේ ලන්ඩන් සිනමා උළෙලට තෝරා ගෙන ඇත. තිර රචනයත් සිනමා රූප රාමුත් අශ්චර්යවත් ලෙස යොදා ගනිමින් ප්‍රසන්න විතානගේ ඔහුගේ හොඳම චිත්‍රපටය නිපදවා ඇතැයි ලන්ඩන් චිත්‍රපට උළෙලේ සංවිධායකයෝ කියති. යුද සමයේ බියකරු අතීතයකට මුහුණ දෙන සිංහල හා දෙමළ පෙම්වතුන් දෙදෙනකු වටා මේ චිත්‍රපට ගොඩනැඟී ඇත. සෙල්වි අවතැන් වූ ලස්සන දෙමළ තරුණියක අන්ජලී පටිල් ඒ චරිතයට පණ පොවයි. තමා ළඟ තුබූ අවසන් රන් අබරණ ටික උගස්කරන්නට යද්දී ඇයට මැදි වයසේ උගස්කරුවෙක් හමුවෙයි. ඔහු බෞද්ධයකි. උගස්කරු ඇයට වශී වෙයි. අය සිටින තැනට යයි. සෙල්වි නාකි මිනිසකු සමග විවාහවීමට යන බව දැනගනී. ඇය හා විවාහවීමට ඔහු සැරැසෙයි. සෙල්වි ඇය හා පෙමින් බැඳේ උගස්කරු ඇගේ ගැලැවුම්කරුවා වෙයි. එහෙත් දෙන්නාම සිය අතීතය ගැන කතා නොකරයි. එහෙත් ඒ ගොළුවත පවතිනුයේ උගස්කරුවාගේ පරණ හමුදා මිතුරකු හමුවී භායානක හෙයක් කියන තුරු පමණි. ලන්ඩනයේ රිච් මික්ස්, බෙත්නල් ග්‍රීන් හා අයිසීඒ සිනමාහල්හි ලබන 13 වැනි දා සිට මේ චිත්‍රපටය තිරගත වේ. ටිකට් සියල්ල ද විකිණී ඇත. චිත්‍රපට උළෙල ලබන 10 වැනි දා ඇරැඹී 21 වැනි දා තෙක් පැවැත්වේ. ප්‍රසන්න විතානගේ ගේ චිත්‍රපටයට අමතරව ශ්‍රී ලංකාවේ දී නිපද වූ තවත් චිත්‍රපටයක් තිරගතවේ. මැදියම් රෑ ළමයි‘ යනුවෙන් දීපා මේතා ඉන්දියා අධ්‍යක්ෂවරයකු විසින් ඒ චිත්‍රපටය නිපැදවිණි. 2011 පෙබරවාරියේ සිට මැයි දක්වා ශ්‍රී ලංකාවේ එම චිත්‍රපට රූගත කළ නමුත් මූලධර්මවාදීන්ගේ විරෝධතාවලට බියෙන් ඔහු ඒ සියල්ල රහසිගතව තබා ගත්තේය





1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද නිර්මාණයකට හමුදාව, යුද්දෙ ,දෙමළ, ප්‍රශ්නයක් නැත. ප්‍රශ්න තියෙන්නෙ අපි වගේ ආඩම්බර, නොදියනු අයටයි. අපේකම කියල ආඩම්බර උනාට බංගලිදේයටත් වඩා අන්තයි දැන්.. (ස)
මම දන්න විදියට නම් දීපා මේහ්තා කියන්නේ ඉන්දියානු සම්භවයක් සහිත කැනඩාවේ පදිංචි අයෙක්. සල්මන් රුෂ්ඩි ගේ මිඩ්නයිට්ස් චිල්ඩ්‍රන් නමැති පොතේ කථාව චිත්‍රපට ගත කළේ අපේ රටේදි 2011 දී. (නි)
එතුමාගේ ච්ත්‍රපටි හොදයි. කවුරුත් ගරහන්න අවශ්‍ය නැහැ. (නි)
ජිනේ හරි...(නු)
මේ ගැන අදහස් දක්වන්නට කල්වැඩියැයි සිතමි. මෙහි අන්තර්ගතය තවම දන්නේ නැත. කොහොම වුණත් අපේ හමුදාවට හා සිංහල ජාතියට ගැරහීමක් වේ නම් සුද්දන් උනන්දුවෙන් ඊට සම්මාන දෙනු ඇත. රට ජාතිය පාවාදී බඩ වියත රැකීම නින්දිත වූ ක්‍රියාවකි. මේ තුළින් එවැන්නක් දකින්න නොලැබේවායි ප්‍රර්ථනා කරමි. (නි)
ජිනේ, බොරු පණ්ඩිත කතා කියන්න එපා. සදහන් කරලා තියෙන විස්තර වලිනුයි, අධ්‍යක්ෂකගෙ නමයි දැක්කහම අපිට හිතා ගන්න පුලුවන් කතාව මොකක්ද කියලා. ඒකට තමයි කියන්නෙ උද්ගමනය කියලා. බටහිර විද්‍යාවේදී ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන ගැන කතා කළාට කවුරුත් ඒවා දැකලා නැහැනෙ. ඒ වුණාට ඒවා තිබෙන බව පිළිගන්නවා. ඒ වගේ තමයි මේකත්, දකින්නම ඕනෑ නැහැ තියෙන්නෙ මොනවද කියලා කියන්න. (නි)
ඔය කෑ ගහන අය එක්කෙනේවත් ෆිල්ම් එක බැලුවද ? නිකන් තම තමන්ගෙ හිතේ හැටියට අදහස් දාන්න එපා.. දෙයක් හරියට දන්නේ නැතිව (ස)
මොකක්ද මේ අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? (නි)
සිංහලකමට, බෞද්ධකමට මෙහෙම අපහාස කරන එක වැරදියි (නි)
හමුදාව, යුද්දෙ ,දෙමළ, නොගෑවෙන්න චිත්‍රපටියක් හදන්නම බැහැ , යුද්දෙ උවමනාමයි විකුනන් කන්න.... (ස)
මෙයාගේ චිත්‍රපටි වලට සම්මාන ලැබෙනවාමයි (ස)
මෙයා අර බඩ දනවට බොන ඒව බීලද දන්නෑ මේ ඉන්නෙ! (ස)
ලංකාව පාවා දීලා ඇති, සම්මානයකුත් හම්බවෙයි, (ස)
අප සැමගේ සුබ පැතුම් (ස)
ඔබත් නිර්මාණ රැල්ලට හසුවුණා එහෙනම්? (නි)
හමුදාවටත් සිංහල ජාතියටත් අපහාස වන විදිහෙ කතා පුවතක් නම්, මේ චිත්‍රපටියට සම්මානයක් අනිවාරයෙන්ම ලැබෙනවා. (ස)
මිනිසුන් වර්ග හැටියට බෙදලා යුද්ද නිර්මාණය කරපු අය ගැන චිත්‍රපටි හදන්නේ කවුද ? (ස)