IMG-LOGO

'ඔබ ගාව මම ඉන්නෙමි' ගීතයෙන් ජනප්‍රියත්වට පත් සහන්

2016-08-02-ent-88

මේ දිනවල යූටියුබ් ජාලයේ ඉතාමත් ජනප්‍රියට පත් ගීතයක් ලෙස "ඔබ ගාව මම ඉන්නෙමි" ගීතය හැඳින්විය හැකිය. ඉතාමත් කුඩා කාලයක් තුළදී විශාල නැරඹුම් සංඛ්‍යාවක් නැරඹූ ගීතයක් ලෙස මෙය හඳුන්වයි. ඔහු නමින් සහන් චාමිකර. මේ ඔහුගේ ගීතය පිළිබඳව "සාරවිට" සමග මෙසේ පැවසීය.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2016-08-02-ent-85මම සහන් චාමිකර පෙරේරා. පාසල් ගියේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය. ක්‍රිකට් සහ මියුසික් කියන දෙකම මේ වෙනකොට හදාරනවා.

 

දැන් වෘත්තීය විදිහට මොනවද කරන්නේ?

වෘත්තීය විදිහටත් කරන්නේ ක්‍රිකට් සහ මියුසික් තමයි. මම සම්පත් බැංකුවේ සේවය කළා. නමුත් දැන් එයින් ඉවත් වෙලා ඉන්නේ.

 

සංගීතයට යොමු වුණේ කොයි කාලේද?

පාසල් කාලේදීම තමයි සංගීතයට යොමුවුණේ. අම්මා සංගීත ගුරුවරියක්. පාසලෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා. සංගීතය සම්බන්ධව ගොඩක් වැඩ කළෙ පාසලේදියි.

 

මෙතෙක් කරලා තියෙන ගීත ගැන කිව්වොත්?

පාසල් යන කාලේ රොහාන් වීරසිංහ මහත්මයා එක්ක සීඩී එකක් කළා. ඒවා මගේ ගීත. ඊට අමතරව %කවර් ගීත^ තමයි ගොඩක් කරලා තියෙන්නේ.

 

ඒ අතරින් ජනප්‍රිය වුණු ගීත මොනවාද?

ඒ අතරින් ගොඩක් ජනප්‍රිය වුණේ, "රෑහි හඬනා ගොම්මනේ" කියන ගීතය ටිකක් ජනප්‍රිය වුණා. ඒ ගීතය අන්තර්ජාලය ඔස්සේ ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. මේ දවස්වල ජනප්‍රිය ගීතයක් තමයි මිල්ටන් මල්ලවආරච්චිගේ %ඔබ ගාව මම ඉන්නෙමි^ කියන සිංදුව මම "කවර් ගීතයක්" කළා. ඒක මේ දිනවල හිතුවටත් වඩා ජනප්‍රිය වුණා. ඒ සිංදුව නිසා සංගීත ක්ෂේත්‍රය තුළ අවස්ථාවක් ලබා දෙන්න මට ගොඩ දෙනෙක් කතා කළා.

 

"ඔබ ගාව මම ඉන්නෙමි" ගීතය හිතුවටත් වඩා ජනප්‍රිය වුණා නේද?

හිතුවටත් වඩා ගොඩක් ජනප්‍රිය වුණා. ඒ සිංදුව ගොඩක් අය රසවිඳිනවා කියලා මට ගොඩක් අය පෞද්ගලිකව කතා කරලා කිව්වා. සාමාන්‍යයෙන් "කවර් සිංදුවක්" ටීවීවල සහ එෆ්.එම්වල යන්නෙ නැහැ. ඒත් මේ ගීතය ටීවීවල සහ එෆ්.එම්වල නිතර යනවා. ඉතිං මුල් ගායකයාට මේ ගීතයේ පිළිබඳව ලැබෙන ප්‍රතිචාරවල අගය ලබා දෙන්න ඕනේ.

 

ඉදිරි වැඩ ගැන කිව්වොත්?

මගේම සිංදුවක් කරන්න ඉන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ඉදිරියට යන්නත් හිතන් ඉන්නවා.

 

උදව් කරපු පිරිසක් ඉන්නවාද මතක් කරන්න?

අනිවාර්යෙන්ම ඔව්.

 

ඒ ගැන කිව්වොත්?

ගිහාන් සජිත්, මොහාන්, ඉනෝෂ්, කසුන් කියන අයියා වීඩියෝව කරලා දුන්නා. කල්ප ගුණසේකර ඕඩියෝ එක කරන්න උදව් කළා. මගේ වීඩියෝ එකේ ඉන්න ගැහැනු ළමයා ලොකු හයියක් වුණා. විදර්ශි කාවින්ද්‍යා. එයාවත් මතක් කරන්න ඕනේ. ඉතිං මට ගයාන්, හර්ෂ වැනි අය මගේ පස්සෙන්ම හිටියා. මේ වැඩ කරන කොට අපේ අම්මා තාත්තායි, නංගි මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-08-02-ent-89

2016-08-02-ent-87
2016-08-02-ent-86



අදහස් (0)

'ඔබ ගාව මම ඉන්නෙමි' ගීතයෙන් ජනප්‍රියත්වට පත් සහන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site