(අංජුල මහික වීරරත්න)
ඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය .
මෙරට දෛනික ඔක්සිජන් අවශ්‍යතාව මේ වන විට ඉහළ ගොස් තිබුණත් එම ඔක්සිජන් අවශ්‍යතාවය සපුරා ගැනීමට රජයේ මූලික අවධානයක් යොමුව ඇතැයිද අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ අංශයේ නියෝජිතයන් සමඟ සූම් තාත්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙරටට ඔක්සිජන් ලබා දීමේදී ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ අංශයේ සහයෝගයද අතිශය වැදගත් බවත් ඒ වෙනුවෙන් එම ආයතනයේ පූර්ණ දායකත්වය ලැබෙනු ඇති බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි දේවත් හිඟවෙන්න ඕනෑ නෑ. ඒත් සර්ගේ රෑනටයි සර්ටයි බෑම තමයි. පේනවනේ දැන් රටේ හැටි. ප්‍රේමදාස හදපු ෆැක්ටරි ටිකයි, යහපාලනේ කාලේ හදපු මේ ආණ්ඩුවේ ඇමතියෝ විවෘත කරන ටයර් කම්හල් ටිකයි හැර මොනවද මහලොකු ඇමරිකානුවෝ රටට කලේ...?
කළින් එක්කෙනෙක් කිව්වා නේද ඔක්සිජන් කන්නද කියලා? කෝ දැන් එයා...?
පුත්තලමේ ඔක්සිජන් කන්නත් තියනවා .පස් නිශාන්තට කිව්වා නම් ඕනතරම් ඔක්සිජන් පුත්තලමෙන් ගෙන්න ගන්න පුළුවන්
ඕස්ට්‍රේලියාවේ කොටු පනින්න ගිහිල්ලා ඒ උප්පරවැට්ටියෙන් කෙලපු ගානෙන් හරි ඔක්සිජන් ගේනවා...
මහාචාර්ය සනත් නිශාන්ත මහත්තයාව හොයා ගත්තා නම් හරි.. ඔක්සිජන් නැතිව ජීවත් වෙන හැටි දේශනාත් පවත්වනවා. එයාට නම් ඔක්සිජන් ගැන කියලා දෙන එක කජ්ජක් නෙමෙයි.
එහෙනම් ලගදී ඔක්සිජන් හිගයක් එයි වගේ...