ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් තැනීමේ කිසිඳු සැලසුමක් නැතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිස සෑම දිනකම උදෑසන එල්ලෙන්නට දෙයක් සොයමින් සිටින බව කී අමාත්‍යවරයා හනුමාගේ වලිගයේ හෝ එල්ලී බලයට ඒමට ඔවුන් උත්සාහ කරමින් සිටින බව ද සඳහන් කළේය.
අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ ප‍්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය තුන්වැනි අදියර යටතේ ආරම්භ කෙරෙන සබරගමුව පළාතේ මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි.
රඹුක්කන මාවනැල්ල මාර්ගයේ සංවර්ධන කටයුතු මෙහිදී ආරම්භ කෙරුණු අතර එම උත්සවය රන්දිවෙල මංසන්ධියේදී පැවැත්විණි.
“ඒකාබද්ධ කල්ලියේ අය එක කාලයක් බැඳුම්කරයේ එල්ලූණා. වැට් එකේ එල්ලූණා. විදේශ විනිශ්චයකාරවරු ලංකාවට ගේනවා කියලා ඒකේ එල්ලූණා. දැන් පාලමේ එල්ලිලා ඉන්නේ. අන්තිමට හනුමාගේ වලිගයේ එල්ලිලා ඉන්නේ. ඔය පාලම හදන්න කිසිම උවමනාවක් නැහැ. මේ රටේ හදන්න කොච්චර පාලම් තියෙනවද? ඒ හදන පාලම් සේරම නවත්වලා ඔය පාලම හදන්නද කියන්නේ.“ යනුවෙන් අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේදනාවෙන් ඉන්න අයත් ඉතින් වේදනාවට සහනයක් හොයාගන්න එපැයි. (නි)
වැලේ වැල් නැතුව ඉන්න අයට එල්ලෙන්න මොකක්හරි තියෙන්නත් ඕනෑනේ. (නි)
ඔයාගේ වටේ එල්ලිලා ඉන්න උපදේසකයෝ ගැන මොකද කියන්නේ, තමන්ගේ පොල්කෙන්ද දකින්න අනුන්න්ගේ පරාලයට වඩා.(අ)
ඒ වලිගේ අනිත් කොනේ ඉන්නේ ගම්මන්පිල උන්නැහේ !!!!! (අ)
ඒවගේම ඇමතියන් කියන කිසි දෙයක් අපි පිළිගන්නෙත් නැහැ. (අ)
එහෙම දෙයක් කරන්නේ නෑ කියල අවංකවම මහජනතාවට දුන්න පොරොන්දුවක් කියල අපි මේක බාර ගන්නවා .එත් අපේ ජනතාවට මේවා මතක තියෙන්නේ ටික කාලයයිනෙ . ඒ නිසා සියලුම ජනතාවට මේ බව දැන ගන්න සලස්වන්න අනාගත ප්‍රයෝජනය පිණිස . (අ)
රනිල් කී වරක් කියලා තියෙනවද පාලම හදනවා කියලා. එතකොට කව්ද බොරු කියන්නේ? (නි)
මහත්යෝ හනුමාගේ වලිගයේ එල්ලිලා හනුමා කියන විදියට නටන්නේ විපක්ෂය නෙමෙයි තමුන්නාන්සෙලයි. (අ)
අනේ මේ, ඇත්ත නම් ඇත්ත, බොරුව නම් බොරුව! ඒ නිසා වහෙන්ඔරෝව නැතුව කියනවද පාලමක් හදනවද නැද්ද කියලා. ඉන්දියාවේ ඇමතිලා කියනවා හදනවා කියා. මොකක්ද මේ ජනතාව රැවටිල්ල. (නි)
අර චිනේ තානාපති කියලා තිබුනේ ඇත්ත තමා. මේ කිසි ආණ්ඩුවේ කිසිකෙනෙක් කිසිදෙයක් දන්නේ නැහැ. වගකීමෙන් දෙයක් ප්‍රකාශ කරන්නේ නැහැ. ජනතාව මෝඩයන් ගානට දාලා මේ අය ජනතාව විහිළුවකට අරන් ඉන්නවා. මෙහෙමත් ආණ්ඩුවක් (නි)
අපිට සුදු ලුණු පොඩිකරන්න එපා. ඉන්දියාව කියනවා පාලමක් හදනවා, සල්ලි පාස්වුණා කියලා. මේ අය කියනවා නැහැ කියලා. (නි)
ඇත්තටම මේ කතා කරන්නේ අවසිහියෙන්ද? එකක් මතක් තියා ගත්තොත් හොඳයි. මේ කරන වැඩ වල පව් අාත්ම හතකටවත් ගෙවා ඉවර කරන්න බැරිවේවි (නි)
අනේ මන්දා මොනවද කියලා මේ කතා? (නි)
හැමදාම විපක්ෂය ගැන කතාකරන්නද මෙවුන්ව පත්කළේ? වැඩක් කරන්න බැරි නම් ඡන්දයක් තියන්න (නි)
මේ පාලම ඉදිකරන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉන්දියාවට දැනටමත් ණය ආධාර දීලා නේද තියෙන්නේ. ලංකාණ්ඩුව ඒ ගැන හොඳාකාරව දන්නවා. (නි)
එහෙම අදහසකට ඔබතුමන්ලාගේ රජය කැමැත්ත දැක්වුවේ නැත්නම් ඉන්දියාව විසින් ආසියානු සංවර්ධන බැංකුවෙන් පාලම බැඳීම සඳහා මුදල් ඉල්ලුවේ අැයි. (නි)
“අරයා මට ගැහුවා! මෙයා මට ගැහුවා“ ඇරෙන්නට රටට යමක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද මහත්තයෝ? (නි)
එ්කාබද්ධයට විරුද්ධව කරන චෝදනා රැලට පළාත් පාලන ඡන්දය එකතු නොකළේ ඇයි. කරුණාකරලා පළාත් සභා ඡන්දය පවත්වන්න මැතිතුමනි (නි)
මෙහෙම දේශපාලනයක් ලෝකයේ තිබෙන එකම රට ලංකාව වෙන්න ඇති (නි)
අපොයි! ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් වගේම ඕනෑ කෙනෙකුට කැමති වලිගයක එල්ලෙන්නත් පුළුවන් නේද? දැන් ශ්‍රීලනිපයේ ඡන්ද වලින් ඇවිල්ලා අලි වලිගයේ එල්ලිලා තනතුරු අරගෙන වැජඹෙන්නේ කවුද? (නි)
ඉන්දියාව මොකාටද මේ එන්න හදන්නේ (රේ)
ඒකාබද්ධ විපක්ෂ බොරුකිවේ නැහැ. ඔවුන් කියපු සේරම් හරි...,දිවහැරෙන හැරෙන පැත්තට කතාකරන කිරිඇල්ල ඇමති නම් කියන්නෙම බොරු. (රේ)
මෙයාල ඉඳලා හිටලා පාරක් හදන්න පටන්ගෙන රටටම ඇහෙන්න කෑ ගහනවා. පහුගිය රජයත් මෙහෙම උත්සව කළා නම් එක දවසකට රට පුරා උත්සව 100 වත් තියන්න වෙනවා. (නි)
එ්කබද්ධය හින්දා ඔබතුමන්ලාට හරි ප්‍රශ්න වගෙයි (නි)
පහුගිය කාලේ පත්තර වල තිබුනේ බොරුද එතකොට? ජනතාවට බොරු කියන්න එපා (නි)
අපරාදේ කියලා හිතෙනවා අපි මේ රටේ ඉපදුනේ (නි)