ඒකාබද්ධ විපක්ෂය හා උතුරේ අන්තවාදී කණ්ඩායම් අතර සම්බන්ධයක් තිබේදැයි සැකයක් මතුව ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
උතුරේ අන්තවාදී කණ්ඩායම් හා ඒකාබද්ධ විපක්ෂය එකිනෙකට සමාන්තර ලෙස කරන ප්රකාශත් බල තණ්හාවෙන් කරන වැඩත් නිසාත් මේ සැකය උපදින බව කොළඹ දිස්ත්රික් එජාප පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ඔහු මේ බව ප්රකාශ කළේ අද(9) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හැබෑටම මෙහෙමත් කතා! (නි)
අනේ මොකටද මගේ කට!
80 ගණන්වල කොටින්ට සහ උතුරේ අනිත් ත්රස්තවාදී කණ්ඩායම් වලට ආයුධ දුන්නේ කවුද, 2001 කොටින්ට උතුර ලියා දීලා සියලු අවි ආයුධ ගෙනෙන්න පහසුකම් දුන්නේ කවුද, දැන් උතුරේ/නැගෙනහිර අන්තවාදීන්ට ඕනෑ ඕනෑ සියල්ල එලෙසම කරන්නේ කවුද කියලා ඔලුවක් තියන මිනිස්සු නම් දන්නවා. (නි)
ඔවු තියෙනවා කියලා අපිටත් හිතෙනවා (නි)
මොළේ අමාරුවක් නැති ඕනෑම කෙනෙකුට තේරෙනවා මේවා පිටුපස ඉන්නේ කවුද කියලා. ඒකාබද්ධ විපක්ෂයේ සම්බන්ධයක් තියෙනවා නම් ඒ අපරාධකරුවෝ සමඟ සබඳතා පවත්වපු උදවිය කවුද කියලා දැනගන්න එක සුලු දෙයක්නේ. දුරකථන වාර්තා, බුද්ධි තොරතුරු, සහ තවත් ක්රමවේද තියෙනවනේ. දැන් ආණ්ඩුවේ නොහැකියාවටත් වගකියන්න වෙලා තියෙන්නේ එ්කබද්දේ උදවියට (නි)
කරුණා අම්මාන්ලා එළියේ ඉන්න හින්දා එහෙම වෙන්නත් පුළුවන්! (නි)
මෙතුමා නැගිටලා තියෙන්නේ ඇඳේ අනිත් පැත්තෙන් වගේ. කොටි පැටවුන්ට කිරි පොවලා ඇතිදැඩි කළේ කවුද කියා අපි දන්නවා. ඒ නිසා කටින් කතා කළොත් ලබන පාර ඡන්ද ටිකක් හරි ගතහැකියි. (නි)
මුජිබර් රහමන් මන්ත්රීතුමා මේ රටේ සිංහලකම දන්නා සිංහලයන්ට විහිලු සපයනවා වගේ පෙනෙනවා (නි)
නොකිව්වට කවුරුත් දන්නවා කාත් එක්කද සම්බන්ධකම් තියෙන්නේ කියලා. බැරිකම වහගන්න අනුන්ට දොස් පවරන්න එපා (නි)
ඔව් කියන්නත් බැහැ. දෙගොල්ලොම කියන්නේ ජාතිවාදී ප්රකාශ. උතුරෙන් ජාතිවාදී ප්රකාශයක් කරනකොටම ඒකාබද්ධ විපක්ෂයෙනුත් ජාතිවාදී ප්රකාශයක් කරනවා. දෙගොල්ලොන්ටම පැවැත්මක් නැතිවෙනවා ජාතිවාදය මෙරටින් තුරන් වුණාම (නි)
අපි දැක්කා පහුගිය ආණ්ඩුවට සම්බන්ධ හුඟක් අය ජාතිවාදයෙන් පෝෂණය වෙන්න හැදුවා. එ්කට රටේ සිංහල මුස්ලිම් දෙමළ ජනතාව උත්තර දුන්නා. (නි)
අද සමහරු සිවුරට මුවාවෙලා ජාතිවාදය වපුරන්න හදනවා. ඒ වගේම අද සමහරු කොටි නැවත පනගන්වන්න හදනවා. දෙකම නවත්වන්න ඕනෑ. රටේ සියලුම ජනතවට සැනසීමෙන් ඉන්න විදියක් මේ රජය සැළසුවොත් ඇති
ඔව් හුඟක් අය දකුණට එක මුහුණකුත් උතුරට එක මුහුණකුත් පෙන්නගෙන පන්සල් වලට මල් වට්ටි තිය තියා යනවා. දැන් පෙනෙන්නේ නැද්ද සයිටම් එකට දැන් නරකයි කියන කට්ටියගේ අතීත පුරාජේරුව හොඳට පැහැදිලි වෙනවා පරණ පත්තර ටිකක් බැලුවා නම් (නි)
ජාතිවාදයෙන් රට දිනන්න හැදුව පහුගිය ආණ්ඩුවට හොඳ උත්තරයක් ලැබුනානේ පහුගිය ඡන්ද වලින්. දැන්වත් රටේ ජාතිවාදය අවුස්සන්නේ නැතුව හිටියානම් නේද හොද (නි)
ඔය කියන කෙනා ගැනත් හැමෝම දන්නවා! (නි)