(රන්ජන් කස්තුරි සහ සුජිත් හේවාජුලිගේ)
බැඳුම්කර මගඩිය හෙළිදරව් වීම නිසා කෝපයට පත් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට නගන විවිධ අවලාදවලට එරෙහිව ජනාධිපතිවරයා සමඟ එකට සිට ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මහදවල් සිදුවූ බැඳුම්කර කොල්ලය රටට හෙළි වී අවසන් බව කී මන්ත්‍රීවරයා බැඳුම්කර මගඩිය යට ගැසීමට නොහැකි වූ තැන ප්රකෝපයට පත් එජාප මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට මඩ ගැසීමට, අවලාද නැගීමට පටන්ගෙන ඇති බව කීවේය.
එක එක්කෙනාගේ තර්ජන ගර්ජනවලට යට නොවී බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව කී මන්ත්‍රීවරයා මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාට සහාය දෙන බව සඳහන් කළේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පෙරේදා පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. බැඳුම්කර සිද්ධිය එජාපය හත්පොලේ ගාගෙන අවසන් බව ද මන්ත්‍රීවරයා කීවේය.
විධායක ජනාධිපතිවරයකුට එරෙහිව ප්‍රකාශ කරන ඇමැතිවරුන් එම ධුරවලින් ඉවත් කළ නොහැකි බව කී බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපතිවරයාට කසේරුකාවක් තිබේ නම් සුජීව සේනසිංහ ඇමැතිවරයා ඉවත් කළ හැකි බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අහලා ඡන්ද දායකයාට අන්දුන් කුන්දුන් වෙලා ඇති...
දුමින්ද සිල්වා, තංගල්ලේ සභාපති, චොකා මල්ලි, දැරණියගල අත කොටා, සාරුවා, සුනිල්ලාට හොඳ කලක් යයි වගේ මට නම් පෙනෙන්නේ.
ජනාධිපතිතුමනි, ජනතාවට කැමැත්ත නං හිටපු හොරු සහ අලුත් හොරු සියලු දෙනාම හිරගෙට අැරිමයි. අපේ සහය ඔබතුමාටයි.
අන්තිමට බැඳුම්කරය නිසා වැටෙන්නේ ආණ්ඩුව නෙමෙයි. ඒකාබද්ධ විපක්ෂය. විධායක ජනාධිපතිට බැරි ගැහැණුන්ව පිරිමි කරන්නයි පිරිමින්ව ගැහැණු කරන්නයි විතරයි කියල ජේ.ආර්. කිව්වේ තුන් කල් බලලා.
එ්කාබද්ධය හදන්නේ ඒ අයගේ දේවල් වහගන්ටයි. පරණ හොරුන්ට මෙන්ම අලුත් හොරුන්ටත් දඬුවම් ඕනා. ඒකාබද්ධයේ හොරුන්ගේ සහය එපා කියමු... ජනාදිපතිතුමනි... මේ අය ඡන්දයට බයවෙලා ඔබතුමා පස්සෙන් එනවා.
නියමයි.
අනේ කාලේ වනේ වාසේ කිව්වලු
මොවුන් තාමත් ඉන්නේ වහල් මානසිකත්වයේ. තම අදහස් නිදහසේ ප්‍රකාශ කළාම ඇමතිකමෙන් අස් කරන්න කියලයි මෙයා කියන්නේ. මෙහෙමත් ගැහැණු වගේ මිනිස්සු...
හැංගි හැංගි වෙස් බැන්දත් නටන්නෙ එලියේ.