ලබන අගෝස්තු මාසය වන විට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
ඒකාබද්ධ විපක්ෂය මොන චෝදනා එල්ල කළ ද එය ඔවුන් වෙත යළි ගමන් කරන බව ද සේනාරත්න මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පුද්ගලයින් සිදු කළ වංචා දුෂණවලට අගෝස්තු මාසය වන විට දඩුවම් ලැඛෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු ඇහුවෙත් නැතුව දඬුවම්දෙන කාලයත් නියම වෙලා. යහපාලනය නිසා වෙන්න ඇති එකක් මතක තියාගන්න දුප්පත් මිනිසුන්ගේ සුසුම්ලෑම ඔය බොරු කියන කාටවත් රාජ්‍ය බලයටවත් නවත්වන්න බැහැ.
මෙයා කීයක් දේවල් කිවුවද? මේවා අහන අය ලංකාවේ ඉන්නවානේ
කොළඹ වැසිකිලි වලට බදු ගහනවා කිව්වෙ මෙයාගෙ කටට නේද
මහින්ද සිංගප්පූරුවෙ, ඩුබායිවල හංගලා තියෙනවයි කියන බිලියන ගණනක මුදල් ගැන දැන් කොයි තරම් නම් කිව්වද? තාජුඩීන්ගේ කාරෙකට ගහන 4 දෙනෙක් සී.ටී.සී එකෙන් අඳුරගත්තා කිව්වා නේද.... ඇයි මෙහෙම බොරු කියන්නෙ...
චතුරංගගෙ තාත්තානෙ... ! මරු විහිලු කාරයො දෙන්නා !!
අනේ කවුරුත් මොකුත් හිතන්න කියන්න එපා."මේ චතුරගේ තාත්තා...මෙයා කියයි රෝම ලන්දේසි නිතිය හදන්න උපදෙස් දුන්නෙත් මම කියලා.
අනේ මේ..බයිලා නම් ගහන්න එපා..මොකෝ මේ දාඩිය දාගෙන කෑගහන්නේ. ඡන්දෙට යමුකෝ..තරම බලාගන්න..
ඔහු සිහින දකිනවා. ඇහැරී ඉන්න එවිට ඔබට ගොඩක් දේවල් දැකගත හැකියි
අනිත් අයගේ කෙසේවෙතත් බොරු කයිවාරුව එක්ක ඔයාගේ දේශපාලනේ නම් මේ පාර්ලිමේන්තුවෙන් පස්සේ ඉවරයි.
බුදුන් විසින් දේශනා කර වදාළ පන්සිල් පද 5 2015 ජනවාරි 8 වෙනිදා සිට 4 බවට දේසය රකින පාලුවන් විසින් වෙනස්කර ඇත
ඔයාල මොනොව කිව්වත් මහින්ද එක්ක ඉන්න ජනතා සංඛ්‍යාව අති මහත්. ආපු දවස් වල එක හොරෙක් අල්ලලා හිරේ දැම්මනම් අපිට විස්වාස කරන්න පුළුවන් ඔය අගෝස්තු කතාව.
රජය බවට පත් වුනොත් නං ඒකාබද්ධ විපක්ෂයේ ආයුකාලය ඉවර වෙනවා තමයි. මෙයා ඒකද දන්නේනෑ මේ කියන්නෙ.
ඒ කියන්නේ ආණ්ඩුව ගෙදර යවල ඒකාබද්දේ උදවිය ආණ්ඩුව බාරගන්නවා කියලද මෙයා කියන්නේ
මෙයාට විරුද්ධවත් එෆ්සීඅයිඩී එකට දූෂණ පිළිබඳ පැමිණිලි ලැබිල තියෙනවා නේද ?
ඉරාන් ඔයා හරියටම හරි. මේ යන විදියට ගියොත් ඊටත් කලින්ම ඒක ඒකාබද්ද ආණ්ඩු පක්ෂය වෙනවා.
අගෝස්තු වෙන්න කලින් ඔබතුමාගේ හඳහන බලාගන්න. දෙපැත්ත පැන පැන ඉන්නවා
තාත්තයි පුතයි දෙන්නම එකයි.
මට හිතෙන්නේ මේ හවුල් ආණ්ඩුවේ ආයුෂ නම් ඉක්මනට ඉවර වෙයි වගේ. විශේෂයෙන් මුදල් අමාත්‍යවරයාගේ වැඩ නිසා ආර්ථිකය වල පල්ලට ගිහින් ඉවරයි. මේ අයගේ වැඩේ මහින්දට බැන බැන බොරු කයිවාරු ගැහීම විතරයි.
මෙයා ඉතින් ලේලි හින්දා සයිටම් එකට කඩේ යන කෙනානේ
මෙයා කොහොමද දන්නේ නඩු අහන්නේ කවදද,දඩුවම මොකක්ද කියල?එක උසාවියේ කර්යයක්නේ.එහෙම නැතිනම් මෙයාලට ඕනේ විදියටද නීතිය ක්‍රියාත්මක වෙන්නේ? එතකොට ආණ්ඩුවේ ඉන්නේ ඔක්කොම සුදනොද?තමුන්ට විරුද්ධව තියෙන චෝදනා වලට තවම අල්ලස් කොමිසමට ගියේ නැහැ නේද?ඒ මොකගේ හයියෙන්ද?මටනම් හිතෙන විදියට "බළලා මල්ලෙන් එලියට පැන්න වගේ" තමුන් ගැන ජනතාව ඉදිරි චන්දයේදී බල ගනීවි.
එතකොට ගරු අධිකරණෙ වැඩකරන්නේ මෙයාගේ කැලැන්ඩරේටද ?
දුම් දමන්නේ තමන්ගේම වලිගෙන් කියල තේරෙනකොට හනුමන්ත ප්‍රමාද වැඩියි.
ඔව්, ඒකාබද්ධ ආණ්ඩුපක්ෂය වෙනවා
මෙන්න යහපාලනේ,... කෝටි ගණන් ලාබ ලබන රජයට අයිති ලංකා හොස්පිට්ල් එක පෞද්ගලික අංශයට විකුණන්න යනවා. කෝටි ගණන් පාඩු ලබන නෙවිල්ගේ රෝහල මහජන මුදල් නාස්ති කරන්න රජයට ගන්න යනවා. අපි ගොන්නුද අයියා.?
එතකොට නැව් කතාවට මොකද වෙන්නේ. මහත්තයො. ඒ වගේම, ඔබතුමාට විරැද්ධව තියන චෝදනාත් විභාග වෙනවද?
හරියටම හරි. එකාබද්ධ විපක්ෂය ඇමති රාජිතගේ වැඩ නිසා වැඩිකල් යන්නේ නැතිව ඒකාබද්ධ පක්ෂෙ වෙනවා.
මෛත්‍රි මහත්තයාට කටුව ගහන්නේ කවදාද කියලා කියන්නකෝ...
නිල විපක්ෂයට ජාතික මට්ටමේ පැතිරීමක් නෑ. අවබෝදයක් නෑ. කවදාවත් පුලුල් ප්‍රශ්නයක් ගැන කතා කර නෑ.ඒ අඩුව පුරවමින් ඒකාබද්ධ විපක්ෂය ජාතික විපක්ෂයක කාර්යය කරනවා. නායකයෙක් දෙන්නෙක් මැරුණොත් හිරේ ගියොත් එය තව මිනිසුන් අතර පිළිගැනෙනවා. රාජිත වගෙ අය කතා කරන්නෙ ඉතා පටු විදිහට බලලා.ඒ වගේම තමන් කරන්න හිතේ තියන දේවල් එළියට දානවා. නමුත් බොහෝ කරුණු අසත්තයයි.
ඒකාබද්ධ විපක්ෂෙට දඩුවම් දිය යුතුමයි. මෙයාල පට්ට පල් බොරු කියා කියා දගලනවා. රටේ ආර්ථිකය කාපු මුදල් ඇමැතිත් වහාම ගෙදර යැව්වොත් හොදයි.