‘පිරිස විසිරුවා හැරීමේ දී සිසුවිය පාගාගෙන ගොස් තිබුණා. පොලිස් නිලධාරියා ඇය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා මිසක ඇයට පහර දීමක් සිදු කළේ නෑ. මා එතැන හිටියා. මා මේ ප්‍රකාශය කරන්නේ වගකීමෙන්.‘ යි කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
‘පොලිස් නිලධාරියකු ඇයට බැටන් පොල්ලකින් පහර දෙන ආකාරය හුවා දක්වමින් ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් පළ කර තිබූ ඡායාරූපයෙන් ජනතාව නොමග යැවෙනවා.
මෙම ඡායාරූප උපක්‍රමශීලීව ලබාගෙන පහර දෙන ආකාරය හුවා දක්වා තිබෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුව වශයෙන් අපි මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා සාධාරණ වෙන්න කියලා. සිසුන්ට පහර දෙන්න අපට කිසිම උවමනාවක් නැහැ. කිසිම තරහක් නැහැ. අපි කරන්නේ රාජකාරිය. එම රාජකාරිය කරන අවස්ථාවේ සුළු අතපසු වීමක් මේ ආකාරයෙන් හුවා දක්වන්න එපා කියා එම මාධ්‍ය ආයතනයෙන් ඉල්ලා සිටිනවා.‘ යැයි ද සිරිවර්ධන මහතා කීවේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් වීඩියෝ එක බැලුව..මෙතනදිනම් කෙල්ලව බය කළා මිසක් ගැහුවේ නැහැ..මේවා මාධ්‍ය සංදර්ශන..කොළඹ නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක ජනාකීර්ණ වෙලාවක ප්‍රධාන මාර්ගයක් අවහිර කළාම ඇතිවෙන තත්වය තේරුම් ගන්න බැරිනම් මිනිස්සු පිඩා විදින එක තේරුම් ගන්න බැරිනම් ඔය විදියට ගුටි කෑවම ඒක තේරේවි.උද්ගෝෂණ කරන්න අයිතිය තියෙනවා ජන ජිවිතයට බාධා නොවන විධියට..එහෙම බාධා වෙනවනම් ඒ බාධා ඉවත් කරන එක පොලිසියේ වගකීම.පාරේ යන එන මගී ජනතාවට මානව හිමිකම් නැද්ද?..වපුරන දේ අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ..කට්ටියට සාධාරණව අස්වැන්න ලැබුන.. එච්චරයි..(බ)
මේක සමහරුන්ට නම් සුළු දෙයක් වෙන්න පුළුවන්. ඒත් දෙමාපියන්ට? (නි)
වැරැද්දක් වුණා නම් සමාව ගැනීමයි කළයුත්තේ, නිහතමානිව (නි)
පොලිසියෙ වුණත් තාත්තා කෙනෙක් නේද? තමුන්ටත් දරුවන් ඉන්නවා කියලා හිතන්න තිබුණා නේද? (නි)
ආයෙත් නම් ඒ ගැහැණු ළමයා උද්ඝෝෂණ පෙළපාලි වලට නම් යන එකක් නැහැ, මතක තිබෙනතුරු. අපිත් වීඩියෝ එක බැලුවා. කොළඹ නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක, ජනාකීර්ණ වෙලාවක ප්‍රධාන මාර්ගයක් අවහිර කළවිට ඇතිවෙන තත්වය තේරුම් ගන්න බැරි නම් ඔය විදියට ගුටිකෑවම ඒක තේරෙයි. වපුරන දේ අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ. කට්ටියට සාධාරණව අස්වැන්න ලැබුනා. එච්චරයි (නි)
ගනුන්ට ගහන මොකා උනත් ඌ ......... ඕකටත් දරුවෝ ඉන්නවා නම් උන්ටත් දෙවියන්ගේ පිහිට තමා. (අ)
පේනවනෙ නැගිට්ටෙව්වද කියලා. (ර)
එතකොට මේ ගෑනු ළමයා කෑ ගහන්නේ ඇයි. පේනවා නේද ගහන හැටි.(හේ)
පොල්ලෙන් ගහලද නැගිට්ට වන්නේ (හේ)
මෙහෙම දිගට හරහට ගහන එකට සුළු වැරදීම කියන්නේ.(හේ)
මාර නැගිටවිල්ල... මගේ තරහා කාරයෝ වගයක් ඉන්නවා.මටත් හිතෙනවා මේ විදියට නැගිට්ටවන්න ...(හේ)
අනේ මොකට කියනවද? ගහලා නෙවේ අත ගාලා තියෙන්නේ (හේ)
මට කියන්න තිබෙන්නේ මේපමණි. 8 පාස් මෑන් උගත් ළමයකුට එයා දන්නා විදියට සලකනවා. ( මොලේ තිබෙන තරම තමා . ) (බ)
අවම බලේ කියන්නේ මේක මං හිතන්නේ?(හේ)
මමත් මේ මාධ්‍යයට කියන්නේකොහෙවත් යන මිනිස්සු රඟපාන දර්ශන ඔයාලගේම ශිල්පීන් ලවා අරගන අපේ දාරක ස්නේහයෙන් ඔද වැඩුණු හදවත් කාකි ඇඳුමෙන් පොලිෂ් කරගත්තු මාමිලට ආදරේ කරන අයගේ හිත කැඩෙන විදියේ පෝස්ට් හදලා මොකක්ද ඔයාලා බලාපොරොත්තු වෙන්නේ? (බ)
පොලිසියෙ ලොක්කො හිතන් ඉන්නෙ අපි බූරුවො කියලද දන් නෑ.. පොලිසිය කරන බලු වැඩ ඔය විදිහට සාදාරණීකරණය කරන නිසා තමයි හැමදාම මේ විදිහට බයක් නැතුව තිරිසන් විදිහට හැසිරෙන්නෙ..(බ)
මෙයා හිතන්නේ මාධ්‍යයි මහා ජනතාවයි ගොන්නු කියල (බ)
අවුලක් නැහැ..පොලිසියට දැන් තියෙන්නේ යහපාලනෙට වෙලා දෙයියනේ කියල පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කර ගන්න..සැක කාරයෙක් අල්ලන්න බැහැ..ඒකාගෙන් තොරතුරක් ගන්න බැහැ.උද්ගෝෂණයක් විසුරු වන්න බැහැ පොඩ්ඩ වැරදුනොත් මානව හිමිකම් කොමිසමෙන් නතර වෙන්නේ..මිට පස්සේ ඔය යක්කුන්ට ඕන මගුලක් කර ගන්න කියල පැත්තකට වෙන්න.උන් පාරවල් හරස් කරලා පාරවල් වහගෙන ඒවායේ උයාගෙන කෑවත් දවස්ගානක් මිනිස්සු මහා මග හිර වුනත් පැත්ත බලන්න එපා..යකෝ මුන් ටික එතන දාපු සෙල්ලම් ඔක්කොම පැත්තක ..දැන් එ්ක විසුරුවපු එකට පොලිසිය (බ)
අදමයි එහෙම දෙයක් දැක්කේ.(හේ)
මේ සිද්ධිය වුන වෙලාවේ ඒක වලක්වන්නේ නැතුව ලඟට වෙලා බලන් හිටියයි කියන උසස් නිලධාරියෙක් කියා ගන්නා කෙනා ඒ තනතුරට සුදුසු නෑ. ඉස්සෙල්ලම එයා ගෙදර යවලා ඉන්න ඕනේ. (හේ)
කිසිසේත්ම අතපසු වීමක් සිදු වී නැත.(හේ)
මොනවා ලියන්නද. උද්ඝෝෂණය කරන්න නිදහස තියෙනවා තමන්ගේ අයිතිවසිකම් වෙනුවෙන්. එක විසුරුවා හරින්නත් බලය තියෙනවා,නමුත් එක මෙහෙම නරක විදිහට නෙමේ කරන්නේ ...එකට ඕන බුද්දිය , අවබෝදය, එහෙම නිළධාරීන් බොහොම අල්පයි . (අ)
මම නම් කියන්නේ උද්ඝෝෂණ කිරීම ජනතාවගෙ අයිතියක් කියලයි. ඒවා වළක්වන්න නම් නිසි විසඳුම් දෙන්න වෙනවා. (නි)
විශ්ව විද්‍යාල සිසුන් වීදි බැස විවිධ කරුණු නිසා නීතිවිරෝධීව මෙවැනි උද්ඝෝෂණ කිරීම නිසා නීතිය ආරක්ෂා කිරීමට ඔවුන් පොලිසියේ බැටන් ප්‍රහාර වලට ලක්වූ විවිධ අවස්ථා මීටපෙරත් අපි අසා ඇත්තෙමු. එබැවින් අපට මෙය අරුමයක් නොවේ (නි)
රටේ මිනිස්සු හරක් කියලද හිතාගන ඉන්නේ (බ)
අට පාස් සතුටට බිලි වුණූ ඒ3 තාරුණ්‍ය නීතිය රැකුමට සිටින මහතුන්ගේ ඇගපත හිරි ඇර ගැනීමට නොහැකි වූයේ කුඩ්ඩන්, මැරයින්, ජනතාව නියෝජනය කිරීමට ඉදිරිපත් වී සිටින ලොකු මහතුන් තම දෑසට නොපෙනෙන නිසාවෙන් වෙන්න ඇති නේද?. ඔවුන්ගේ එම හිරි ඇර ගැනීම සඳහා වස්තු බීජය වන්නේ අසරණ දෙමව්පියන්ගේ දූ පුතුන්ය. අට පාස් මහත්තයලට ඔය ලොකු ලොකු බඩවල් තියෙන හොරු අල්ලගෙන ඔබතුමාලගෙ මහත්මා ගති පෙන්නන්න බැරි. බයයි නේද? ඇයි ලොකු බඩවල්වලට සැලුට් එක ගහලා බඩගගා වදින්න එපැයි නේද ? (බ)
බිම වැටී තුවාලව හඩන දැරියක නැලවීමට "ලී කෙලි" නැටුමේ යෙදෙන පොලිස් පියෙක් (රේ)
මේවට කියන්න වචන නැ (රේ)
මොනා කියන්නද මන්දා. (ර)