අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය, නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරමින් සිටිය දී (2008 -2008) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නීති උපදේශක තනතුරක් දරමින් රජයේ මුදල් අයථා ලෙස වැටුප් හා දීමනා වශයෙන් ලබාගෙන මූල්‍ය විෂමාචාරයක් කළැයි කියන චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කළ විමර්ශනයකින් තහවුරු වීයැයි එහි කොමසාරිස්වරු කියති.
2015 අප්‍රේල් මස පළමු වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී රංජිත් සොයිසා, ජානක වක්කුඹුර සහ ඒ මොහාන් සිල්වා මහත්වරුන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශනය පවත්වා ඇත්තේ කොමසාරිස් සහ සභාපති ඩී ජේ ද එස් බාලපටබැඳි, කොමාසරිස් එල් කේ විමලචන්ද්‍ර සහ කොමසාරිස් ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහත්වරුන් විසිනි.
විමර්ශන අවසන් කර එම චෝදනා අසත්‍ය බව තහවුරුකරගෙන ඒ බව දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියට දන්වා යවා ඇත්තේ අප්‍රේල් 28 වැනි දා ය.
කොමසාරිස්වරයකු වූ එල් කේ විමලචන්ද්‍ර මහතා පසුගිය දා කොමිසමෙන් ඉල්ලා අස් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහානාම - කඳාන , ඉස්සර කරන ඒවා කෝප් කමිටුව තියා කැබිනට් මණ්ඩලයවත් දන්නේ නැහැනේ. (නි)
හොරෙන්ම විමර්ශනය කරලා යවල වගේ මෙන්න නියම විහිළු (බ)
ජනකට ගිය කල (බ)
දැන් අපහාස කළා කියල නඩු යන්න පුළුවන් -එත කොට තිත්තම ඇත්ත දැන ගන්න පුළුවන් (බ)
දී කිරට බළල්ලුත් සාක්ෂි කිව්වලු.(ත)
ඹන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් -(හේ)
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේද ? (ම)
මේකත් හරියට අර රනිල් පත් කළ කොමිසම වගේ නේද ..යහපාලනය කියන්නේ කාටත් පොදු සමාව දෙන එක වෙන්න ඇති නේද? (ම)
වැඩ දෙකක් කරනවානම් පඩි දෙකක් ගත්තම මොකක්ද වරද? දන්නා කෙනෙක් කියා දෙනවද?(fහේ)
සිල්වා මහතයෝ නිවැරදි කිරීමක්, හැමෝටම පොදු සමාව ලැබෙන්නේ නෑ. විරුද්ධ මතධාරීන්ට සමාවක් නෑ (බ)
නඩුව අහන්නෙත් එයාමයි ගෝලයොත් එක්ක තීන්දුව දෙන්නෙත් එයාමයි . නියමයි මහා බැංකු කේස් එකේ අනිත් එක. යහපලානේට සුභ පැතුම්. (බ)
සිල්වා මහතාණෙනි, මේක රනිල් පත් කළ නීතිඥ කමිටුවෙන් වෙනස් වෙන්නේ එහිදී චුදිතයාත් පරීක්ෂකයනුත් පෙනුමට හෝ දෙගොල්ලක් වීමත් මෙහිදී අල්ලස් කොමසාරිස් චුදිතයා වන චෝදනාවක් ඇය විසින් ම හෝ ඇය යටතේ සේවය කරන්නකු විසින් හෝ විභාග කරනු ලැබීම නිසාවෙන් ලැදියාවන් අතර ගැටුම (conflict of interest )මුල් අවස්ථාවේදීට වඩා තදබල ලෙස දකින්නට ලැබීමත් නිසාවෙනි. එනම් නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වනු වෙනුවට හොරාත් නඩුකාරයාත් යන දෙදෙනාම එකම අයකු වීම නිසාවෙනි. (බ)
අධ්‍යක්ෂවරිය වරදක් කර නැත්නම් බොරු චෝදනාවක් කරපු අයට දෙන දඩුවම මොකක්ද. (බ)
සැම් මහතා හරි . මේකත් රනිල් පත් කළ කොම්සමෙන් මහා බැංකු අධිපති නිදොඅස් කොට නිදහස් කළා වගේ , අනේ මේ ආණ්ඩුව වෙනුවෙන් කතා කරන මේ එක බුද්ධිමතෙක් ඒ ගැන කතා කළේ නැහැනේ ආශාවට (බ)