පසුගිය වසර 10ක කාලයේ මෙරට කාන්තා හා ළමා දූෂණ අපරාධ සිද්ධි 26,937කට වැඩි ප්‍රමාණයක් වාර්තාවී ඉන් සිද්ධි 15,510ක් සම්බන්ධයෙන් නඩු පවරා ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සිකුරාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රැස්වීමකදී පැවසීය.
නීතිපති ගොනු කර ඇති එම නඩු විභාග තවමත් අවසන්වී නැතැයිද ඔහු කියයි. මේ වසරේ ගතවූ මාස හතරේ මෙවැනිම අපරාධ සිද්ධි 1076 ක් වාර්තාවී තිබෙන බවද ඔහු පවසයි.
අනෙක් රටවල් හා සැසඳීමේදී කෝටි දෙකක ජනගහණයක් සිටින ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය ඉතාම බරපතල බවද ඒ ගැන මව්පියන්ද සිය දරුවන් ගැන වඩාත් සැලකිලිමත් විය යුතු කාලය එළැඹ ඇතැයිද අමාත්‍යවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාල් හරි පසුගිය වසර කීපය තුල කාන්තා දුසනය බොහොම ඉහල ගියා. සාරුව ලියනගේලා නැවත බිහි නොවේවා (නදී)
ඔබ අධිකරණ අමාත්‍ය නම් වහාම එවැනි ක්‍රියා නැති කිරීමට වග බලා ගත යුතුයි, නැතිනම් ඔබ අමාත්‍ය දුරයට සුදුසු නැත (නදී)
එතකොට මහේස්ත්‍රාත් උසාවියේ මුලික නඩු විභාගය පවත්වලා, මහාධිකරණයට දැම්මාම නීතිපති ඉල්ලා අස්කරගත්තු නඩු අයිති වෙන්නේ කොයි ගොඩටද ?? (ත)
උසාවිය හරියට වැඩ කරනවා නම් මේ ප්‍රශ්න නැහැ. දුෂණ වංචා කරන අය දන්නවා උසාවියෙන් බේරෙන්න. (නි)
කවුද මේවට වගකියන්නේ? (නි)
පසුගිය වසර 10ය තුළදී කාන්තා හා ළමා දූෂණ බහුතරයක්ම කෙරුනේ දේශපාලුවොයි,පලා බබාලයි අතිනුයි. (නි)
ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර පැවතුන දේශපාලන විෂමාචාරත්වය විසින් වක්‍රව මෙන්ව ඍජුව ද නිර්මාණය කල අපරාධ. මන්ද ඒවා වැඩි වශයෙන් කරනු ලැබුවේද, එසේ කරනු ලැබූ අපරාධ කරුවන්ට රැකවරණ දීම හා නිදහස් කර ගැනීම දක්වා සමාජ හා සදාචාර විරෝධී ක්‍රියා පටිපාටියට පන දෙනු ලැබුවේද මේ පාපතර දේශපාලුවන් මයි. ව්‍යුහමය හා ගුණාත්මක වෙනසක් නොකර අපට කිසිදාක මේ දුර්දාන්ත තත්වයෙන් රට මුදා ගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. (ස)
පසුගිය වසර විස්ස තුළ ගණනත් අපි දැනගන්න කැමතියි. (නි)
ලංකාවේ අපරාධකාරයන්ට උසාවියෙන් වැරදිකරු වෙලා දඬුවම් ලැබෙන්නේ 7% වගේ සුළු කොටසකට (නි)