කඩවත බියන්විල රන්කරු තේනුවර ආරච්චිගේ කැළුම් ළඟ තුබූ රන් ගුලි කොළඹ කටුගෙයින් සොරාගත් රන් භාණ්ඩ උණුකැර ලබාගත් රන් නොවේ යැයි කොළඹ අපරාධ විමර්ශන අංශයට කොළඹ විරාම උසාවි විනිසුරු එස්.එස්.කේ. විතාන මහතාට දැන්වීය.ඒ අනුව ඔහු මුදාහල විනිසුරු යලි දැනුම් දුන්නොත් උසාවි එන්නැයි නියෝග කෙළේය. නුගවෙල අදිකාරම්ගේ රන් කඩුව උණුකැර රන් බෝල තබාගන්නට ඇතැයි පොලිසිය අධිකරණයට කියා සිටියත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවැසුවේ ඔහුගේ රන් ගුලි සොයා ගැනුනේ කටුගෙයි සොරකමට කලින් බවයි. ඔහු කොටි සැකකරුවකු බවද පොලීසිය තවත් චෝදනාවක් නැඟී යැයිද නීතිඥවරයා කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කරපු ඇත්ත හොරා අල්ලන්නට පෙර, පොලීසිය මෙරට වැඩිහිටි ජනගහනයේ හැම කෙනෙක්ම වරින්වර 'සැකයි' කියමින් අධිකරණයට දක්කාගෙන එනු ඇති. අපේ දෙවැනි පරම්පරාවේදී සමහර විට අහුවෙයි.. (ස)
ඒ රන් ගුලිත් මේ රන් ගුලිත් හැර වෙනත් රන් ගුලි තිබේද ? (දී)
කොහොම කොහොම හරි කටුගේ බඩු වලට බඩුම තමයි. (ස)
මට නම් හිතෙන්නේ මේක කවුරු හරි පොලිසිය නොමග යවන්න කරපු උත්සාහයක් වගෙයි. (නි)
පොලිසිය ඉතිං කොහොමත් ගෙරකා දඩමස් කරන්න දක්ෂයිනේ. (නි)
අපිට වැඩක් නැහැ
අනේ දෙය්යනේ, රන් උණු කළාට පස්සේ කොහොමද කියන්නේ රත්තරන් ආවේ කොහෙන්ද කියලා? පරමාණු විනාශ කරන්න බැහැනේ. රන් රන්මයි. (නි)
ෂුවර් එකටම ඔත්තුව දෙන්න ඇත්තේ තරහාකාරයෙක් තමයි. (නි)
ලංකාවේ දැන් ගුලි විකුණන එක තහනම් නේද? (නි)
ඔය කඩුව තියෙන තැන නම් අපි දන්නවා. (නි)
මෙතන වැරද්ද නුගවෙල අදිකාරම්ගෙ, ඇයි යකඩ පාවිච්කරෙ නැත්තෙ (අ)
රනින් හදපු කඩු කොස් කොටන්නවත් සුදුසු නැහැ නොවැ? (නි)
එක එක වෙලාවලට එක එක දේවල් කියනවා මට දැන් එපාවෙලා (දී)
අපිට මොකද අනේ
නැවත ලැබෙද්දී එම රන් ගුලි වල තත්ත්වය කෙසේ පවතීද? (නි)
එහෙනම් ඒවා කොයි දිසාවෙන්ද ? (දී)
අයියෝ සල්ලි
කවුරුන් මොනවා පැවසුවත් කටුගෙයි සොරකම තවමත් අභිරහසක්. (නි)