කඩවත බියන්විල රන්කරු තේනුවර ආරච්චිගේ කැළුම් ළඟ තුබූ රන් ගුලි කොළඹ කටුගෙයින් සොරාගත් රන් භාණ්ඩ උණුකැර ලබාගත් රන් නොවේ යැයි කොළඹ අපරාධ විමර්ශන අංශයට කොළඹ විරාම උසාවි විනිසුරු එස්.එස්.කේ. විතාන මහතාට දැන්වීය.ඒ අනුව ඔහු මුදාහල විනිසුරු යලි දැනුම් දුන්නොත් උසාවි එන්නැයි නියෝග කෙළේය. නුගවෙල අදිකාරම්ගේ රන් කඩුව උණුකැර රන් බෝල තබාගන්නට ඇතැයි පොලිසිය අධිකරණයට කියා සිටියත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවැසුවේ ඔහුගේ රන් ගුලි සොයා ගැනුනේ කටුගෙයි සොරකමට කලින් බවයි. ඔහු කොටි සැකකරුවකු බවද පොලීසිය තවත් චෝදනාවක් නැඟී යැයිද නීතිඥවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඒ රන් ගුලි නුගවෙල දිසාවගේ කඩුවෙන් නොවේ
ඉන්ද්‍රජිත් Wednesday, 15 August 2012 09:34 AM
මේක කරපු ඇත්ත හොරා අල්ලන්නට පෙර, පොලීසිය මෙරට වැඩිහිටි ජනගහනයේ හැම කෙනෙක්ම වරින්වර 'සැකයි' කියමින් අධිකරණයට දක්කාගෙන එනු ඇති. අපේ දෙවැනි පරම්පරාවේදී සමහර විට අහුවෙයි.. (ස)
අජිත් ඒකනායක Tuesday, 14 August 2012 12:32 PM
ඒ රන් ගුලිත් මේ රන් ගුලිත් හැර වෙනත් රන් ගුලි තිබේද ? (දී)
බණ්ඩාර - ලන්ඩන් Tuesday, 14 August 2012 12:30 AM
කොහොම කොහොම හරි කටුගේ බඩු වලට බඩුම තමයි. (ස)
ලංකා Tuesday, 14 August 2012 02:23 AM
මට නම් හිතෙන්නේ මේක කවුරු හරි පොලිසිය නොමග යවන්න කරපු උත්සාහයක් වගෙයි. (නි)
වරුන Tuesday, 14 August 2012 07:40 AM
පොලිසිය ඉතිං කොහොමත් ගෙරකා දඩමස් කරන්න දක්ෂයිනේ. (නි)
ලාල්ල් Monday, 13 August 2012 05:46 PM
අපිට වැඩක් නැහැ
සංජේ Monday, 13 August 2012 05:55 PM
අනේ දෙය්යනේ, රන් උණු කළාට පස්සේ කොහොමද කියන්නේ රත්තරන් ආවේ කොහෙන්ද කියලා? පරමාණු විනාශ කරන්න බැහැනේ. රන් රන්මයි. (නි)
වරුණ Tuesday, 14 August 2012 11:23 PM
ෂුවර් එකටම ඔත්තුව දෙන්න ඇත්තේ තරහාකාරයෙක් තමයි. (නි)
ප්‍රසන්න Wednesday, 15 August 2012 12:21 AM
ලංකාවේ දැන් ගුලි විකුණන එක තහනම් නේද? (නි)
ජයවර්ධන Tuesday, 14 August 2012 09:35 AM
ඔය කඩුව තියෙන තැන නම් අපි දන්නවා. (නි)
සුනිල් Monday, 13 August 2012 08:09 PM
මෙතන වැරද්ද නුගවෙල අදිකාරම්ගෙ, ඇයි යකඩ පාවිච්කරෙ නැත්තෙ (අ)
අංජන Tuesday, 14 August 2012 10:31 AM
රනින් හදපු කඩු කොස් කොටන්නවත් සුදුසු නැහැ නොවැ? (නි)
ප්‍රවීන් Tuesday, 14 August 2012 11:14 AM
එක එක වෙලාවලට එක එක දේවල් කියනවා මට දැන් එපාවෙලා (දී)
චානක Monday, 13 August 2012 10:22 PM
අපිට මොකද අනේ
අමිල කටුනායක Monday, 13 August 2012 10:41 PM
නැවත ලැබෙද්දී එම රන් ගුලි වල තත්ත්වය කෙසේ පවතීද? (නි)
මනොහරෙන් Tuesday, 14 August 2012 11:32 AM
එහෙනම් ඒවා කොයි දිසාවෙන්ද ? (දී)
අනුර Monday, 13 August 2012 10:57 PM
අයියෝ සල්ලි
හේමචන්ද්‍ර Tuesday, 14 August 2012 07:28 PM
කවුරුන් මොනවා පැවසුවත් කටුගෙයි සොරකම තවමත් අභිරහසක්. (නි)