IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ඒ උණට බයවෙන්න එපා‘

පානදුර රෝහලේ විශේෂිත වාට්ටුවක ප්‍රතිකාර ලබමින් ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වයේ සිටි රෝගීන්ගෙන් වැඩි පිරිසක් මේවන විට සුවය ලබා පිටත්ව ගොස් ඇති බවත් දැනට සිව් දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පානදුර රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

දැනට බස්නාහිර පළාතේ තැන තැන ඇති වෛරස් උණ රෝගී තත්ත්වය සම්බන්ධ‍යෙන් බියක් ඇති කරගත යුතු නැති බවත් ඉන්ෆ්ලුවන්සා වර්ගයට අයත් උණ රෝගයක් වන මෙම වෛරස් උණ මාරාන්තික නොවන බවද වෛද්‍යවරු කියති.

කොළඹ, කළුතර, හොරණ හා පානදුර ප්‍රදේශවලින් උණ රෝගීන් වාර්තා වුවත් එය කුරුළු උණ බවට පැතිර යන කටකතා සාවද්‍ය බවත් වෛද්‍ය සමරවීර මහතා පවසයි. දැනට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදන තත්ත්වයක් ඇත්නම් රජයේ රෝහලකට හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්නා ලෙස වෛද්‍යවරු පවසති.

පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන උණ රෝගීන්ගෙන් එක් අයකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඉතිරි තිදෙනා සාමාන්‍ය තත්ත්වයේ පසුවන බවත් රෝහල් ආරංචි කියයි.



අදහස් (0)

‘ඒ උණට බයවෙන්න එපා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 792 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site