( තිළිණි ද සිල්වා )
මහනුවර දළඳා මාළිගය ඉදිරිපස පිහිටි වසා දමා ඇති ඒ-26 මාර්ගය විවෘත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහනුවර පදිංචිකරුවන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මැයි 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දු කළේය.
මහනුවර දළඳා මාළිගය ඉදිරිපස පිහිටි ඒ-26 මාර්ගය වසා ඇත්තේ කාගේ නියෝගයකට අනුවදැයි යන්න සම්බන්ධයෙන් එදිනට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දෙන ලදී.
මෙම පෙත්සම ඊවා වනසුන්දර , උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය , මහනුවර විධායක ඉංජිනේරුවරයා, මහනුවර මහනගර සභාව , උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මේ මාර්ගය අවම වශයෙන් සැහැල්ලු වාහන සඳහා පමණක්වත් විවෘත කරන්න. එය මහනුවර ජනතාවට මහත් පහසුවක් වෙනු ඇත. පසු ගිය කාලේ ගැටඹේ සිට අම්පිටිය දක්වා උමං මගක් සාදන බවට කතාවක් තිබුණත් මා සිතන හැටියට එය ප්‍රයෝගික දෙයක් නොවේ.
සැහැල්ලු වාහන ගමන් කිරීම සදහා පමනක් මේ පාර ඇරියොත් හොදයි නේද?
මගේ පුද්ගලික මතය හා අවශ්‍යතාවය වන්නේ එම මාර්ගය වසා තබන ලෙසයි.බෞද්ධයන් වන අපගේ මුදුන් මල්කඩ දළදා වහන්සේ වැඩ සිටින භුමිය ආරක්ෂා කළ යුතුයි .
මේ මාර්ගය වෙනුවට උමං මගක් හෝ ගුවන් පාලමක් නිර්මාණය කිරීමට තරම් අපේ ඉංජිනේරුවෝ අසමත්ද. එහෙමත් නැත්නම් එයට කවුරුන් හෝ බාධා පමුණුවනවාද.
දළදා වහන්සේගේ ආරක්ෂාව බිද දමන කුමන්තණ පරදවමු
මෙම මාර්ගය ඉක්මනින් විවෘත කර මාර්ග තදබදය අඩු කිරීමට් පියවර ගන්නේ මැනවි.