තරිඳු ජයවර්ධන
එළඹෙන මැයි 14 වැනි දාට සේවා කාලය සම්පූර්ණ කිරීම නිසා විශ්‍රාම යෑමට නියමිත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒ රවී වෛද්‍යාලංකාර මහතා විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 12 වගන්ති අනුව විශ්‍රාම ගැන්වීමට පොලිස්පතිවරයා කළ නිර්දේශය ගැන තීන්දුවක් ගැනීම ලබන බ්‍රහස්පතින්දා (10) තෙක් කල් තැබීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විමර්ශනයක් පැවත්වෙන බැවින් සහ ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් වත්කම් විමර්ශනයක් පැවැත්වෙන බැවින් විනය පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම ගැන්වීමට පොලිස්පතිවරයා නිර්දේශ කර තිබුණු බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
පොලිස්පතිවරයා විසින් කරනු ලැබූ නිර්දේශය අනුමත කරමින් නීතිය හා සාමය අමාත්‍යංශයද විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 12 වගන්ති අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විශ්‍රාම ගැන්වීමට නිර්දේශක තර තිබිණි.
කෙසේ වෙතත් ජාතික පොලිස් කොමිෂන් සභාව රැස්වූ අවස්ථාවේ මේ පිළිබඳව සාකච්ඡාවට ගෙන ඇති අතර එහිදී කොමිෂන් සභා සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ විමර්ශනයක් ඇතැයි කී පමණින් ඊට එකඟවීමට කොමිසමට නොහැකි බවයි. රවී වෛද්‍යාලංකාර මහතාට එරෙහිව පොලිසියෙන් කරන විමර්ශනයේ පෙත්සම ලැබී ඇත්තේ වසර දෙකකට පමණ පෙර බවත්, ඔහු මැයි මාසයේ විශ්‍රාම ගන්නා බව දැන දැනත් එම විමර්ශනය අවසන් කර නොතිබීම ගැටලුවක් බවත් ප්‍රකාශ කර ඇති කොමිසම අදාළ ලේඛන ගෙන්වා පරීක්ෂා කර බලා ඒ ගැන තීන්දුවක් ගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා (10) ජාතික පොලිස් කොමිෂන් සභාව රැස්වූ පසු අදාළ ලේඛන පරීක්ෂා කර බලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාගේ විශ්‍රාම ගැනීම ගැන තීන්දුවක් ගනීමට තීරණය කළ බව කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 02 සහ 12 වගන්ති අනුව කියැවෙන්නේ විශ්‍රාම ගන්නා අවස්ථාවේ විනයානුකූලව කටයුතු කෙරෙන බවට සෑහීමට පත්වන විට විනය බලධාරියා විසින් විශ්‍රාම වැටුප් විෂය භාර අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය ලබාගෙන එම විශ්‍රාම ගැනීවීම සිදු කළ යුතු බව හා එවිට විශ්‍රාම පාරිතෝෂිකය හෝ මාසික විශ්‍රාම වැටුපක් පරීක්ෂණ අවසන් වන තෙක් ගෙවනු නොලබන බවයි.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ රවී වෛද්‍යාලංකාර මහතා පොලිස් සේවයට එක් වී ඇත්තේ 1979 වසරේ ඔක්තෝබර 08 වැනිදාය. 2015 මාර්තු මස 18 වැනි දා ඒ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට වෙන්නෙත් මාස දෙකෙන් විශ්‍රාම ගැන්වූ නාවුක හමුදාපතිට වුණුදේමයි.
අවංක සේවයක් කරන නිසා, දූෂිතයන්ට නොගැලපෙන නිසා, වහාම විශ්‍රාම ගන්වන එක නම් ස්ථිරයි.
මෙය කුමන්ත්‍රණයක් බව පෙනේ. කුමන්ත්‍රණ සහ ඉරිසියාව මත වැඩ කළ සහ කරන, උගත්, නිලධාරීන්ට අසාධාරණ ලෙස පළි ගැනීමෙන් හිරිහැර වීමට ඉඩ නොතැබිය යුතුය. ජාතික පොලිස් කොමිසමට මේ පිළිබඳව අපේ ප්‍රණාමය පුද කරමු.
බලෙන් හරි විශ්‍රාම යැවිය යුත්තේ පොලිස්පති තුමායි.
ගහපු පදේකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ.
මේ අය හොරුන් බව මුළු ලෝකෙම දන්නවනේ... ඔය අල්ලපු ඒවා ඔක්කොම මිනිහගේ තනතුර රැකගන්න කරපුවනේ.. පොලිස් කොමිසමේ ඉන්නේ කිසිවක් නොදන්න අයද?
අද පොලිසියට තිබෙන ලොකුම පිලිලය වෙලා තියෙන්නේ වර්තමාන පොලිස්පතිවරයා. ඔහුව සේවයෙන් විශ්‍රාම ගැන්නුවා නම් මේ ඔක්කොම හරි යයි.
විශ්‍රාම අරන් සිරිකොතේ පදිංචියට යනවලු.
සමහර කට්ටියක් දැන්මම පාටි දාන්න පටන් අරන්ලු...
රවී වෛද්‍යාලංකාර මහතා වසර විසි ගණනකට පෙර ඉතා හොඳ නිලධාරියකු බව මට පුද්ගලික අත්දැකීමක් තිබෙනවා. එමෙන්ම ඔහුගේ පුතාට එකල රජයක බලවත්ව සිටි ඇමැතිවරයෙකුගේ (දැනුත් ඉතාමත්ම බලවත්ය) පවුලෙන් සිදුවූ ප්‍රශ්නයකදීත් වෛද්‍යාලංකාර මහතා ඉතාමත් පිරිසිදු ලෙස ක්‍රියාකළා (ඇමති නම් මාධ්‍යයට බැන්නා කියලා සමහර අයට මතක ඇති). පසු කලක පුවත්පත්වල ඔහු ගැන වෙන දේත් පළවුනා. ඒ නිසා දැන් වෛද්‍යාලංකාර මහතා මොන වගේ කෙනෙක්ද කියා මා දන්නේ නැත (ඒ කාලයේ තිබූ කොණ්ඩය නම් දැන් පින්තුරයේ නැත). නමුත් ඔහු දැන් නරක නම් ඒවා විමර්ශනය නොකරේ... අර බලවතා කළගුණ සලකන නිසාද දන්නෙත් නැත.