මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බවට ප්‍රකාශ කර එම කොට්ඨාසය සහ එය පිහිටවූ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයට අද (05) රිට් පෙත්සමක් ගොනු ගොනු කළහ.
පොලිස් ආඥා පනතට සහ පවතින නීතියට පටහැනිව එම කොට්ඨාසය පිහිටුවා ඇති බැවින් එම කොට්ඨාසයේ නිලධාරීන් කරන විමර්ශන වල නීතිමය වලංගුභාවයක් නැති බව ද පෙත්සමේ සදහන් වේ.
පොලිස්පති මෙම පෙත්සමේ වගඋත්තරකරුය.
අගමැතිවරයා ගේ අනුමැතියට යටත්ව පත්කළ කැබිනට් අනු කමිටුවක් හමුවේ කරන විශේෂ පැමිණිලි විමර්ශනය කිරීම සදහා මෙම විශේෂ පොලිස් ඒකකය ස්ථාපිත කර ඇති බවත්, අගමැති යටතේ කැබිනට් අනුකමිටුව එම පොලිස් ඒකකයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දෙනු ලබන නියෝග අනුව විමර්ශන සිදුකිරීම පවතින නීතියට සම්පූර්ණයෙන්ම පටහැනිව බවත් පෙත්සමේ සදහන්වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය හොදටම බය වෙලා වගේ (නදී)
කාලෝත් අවසානයේ හොරුන්ගේ පැත්ත ගෙන සායම නැතිකරගත්තා එච්චරයි. (නදී)
ඔය නීතියත් හොඳයි, පොලිසියත් හොඳයි ආණ්ඩුව තියෙන කාලයේ ගහපුවා හෙව්වා නම් (නදී)
මේක තනිකරම විරුද්ධවාදින්ව තාවකාලිකව රිමාන්ඩ් කරන පලි මඩුවක්. (නදී)
කොහොමටත් වැඩි දවසක් යන්න කලින් මෙවැනි නිත්‍යානුකුල නොවන ආයතන වසා ප්‍රයෝජනවත් වැඩක නිලධාරින් යොදවාවී කියල මට හිතෙනවා. (කේ)
එක ප්‍රශ්නයයි මේ යහපාලනය වෙනුවෙන් අදහස් දාන අයගෙන් අහන්නේ..යහපාලනය ලැබෙන්නේ දුෂිතයි කියන කොටසින් යහපාලනය වෙනුවෙන් පෙනී නොසිටින කොටස වෙනුවෙන් ක්‍රියාත්මක වීමෙන් පමණක්ද.?.එතකොට පහු ගිය ආණ්ඩුවේ දුෂිතයි කියපු අද යහපාලනය වෙනුවෙන් පෙනී සිටින අයට කිසිදු චෝදනාවක් නැත්තේ මොකද?අපි කියන්නේ දුශිතයින් නම් දඩුවම් කරන්න. ඒක යහපාලනේ නම් එහෙමයි විරුද්ධ නම් මෙහෙමයි ආකාරයට ක්‍රියාත්මක කරන්න එපා කියලයි.. ඒ වගේම මේ පරීක්ෂණ පහුගිය සියලු රාජ්‍ය සමයන් වල ක්‍රියාත්මක වුනු සියලු දේවල් වලට අදාළ වෙන්නත් ඕන..මහින්ද මහත්තයාගේ කාල වල විතරද මේ දේවල් සිදු වුනේ..? එහෙම එනවනම් අපිත් යහපාලනෙට අත උස්සන්නම්..නැත්නම් ඉතින් ඔය පොලිසියට වගේම යහපාලනයට අපිත් ගල් ගහනවා තමයි.. (නදී)
කලණි රංගිකා ඇගිල්ල දිහා නොබලා හඳ දිහා බලන්න බැරිකමෙන්ම ඔබේ බුද්ධි මට්ටම ගැන තේරෙනවා. ඔබ වගේ අය නිසා තමයි හොරුත් රජවෙන්නේ (නදී)
අද මේවා නොකලොත් හෙටත් මේවම මේ රටේ වෙනවා. ඒ නිසා කාටවත් ඕනේ විදියට නෙමෙයි, මහජනතාවට ඕනේ විදියට මේවා ගැන පරීක්ෂණ පවත්වන්න ඕනේ. ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා හදන්නේ වංචාකාරයන් රකින්නද ? (කේ)
හොරු අල්ලන්න ඕනා. නමුත් එ්ක නිත්‍යානුකුලව වෙන්න ඕනා. වැරදි කරුවන්ව හිරේ දාන්න ඕනා ඒ පිලිබදව විමර්ශනය කිරීමෙන් පසුව. එ්ත් දැන් වෙන්නේ හිරේ දාල විමර්ශන පටන්ගන්නවා. එ්ක නීතියට පටහැනි දෙයක්. අපි විවිද පුද්ගලයන්ට චෝදනා කරනවා හොරකන් කළා කියල එසේ කියන්නේ විරුද්ධ පාක්ෂිකයන්ගේ චෝදනා අසා. ලොකු වයාපෘති කරනවා නම් කියනවා හොදට හොරකන් කරනවා ඇති කියල. (නදී)
ආ යහපාල කඩේ යනගමන් මෙහෙත් ඇවිල්ල නේද? (කේ)
නුවන්සර. ඔබ කියන දේ මෙතන කොමන්ට් දාන ගොඩ දෙනෙකුට තේරෙන්නේ නැහැ. නිතිය මොක උනත් හොරු අල්ලන්නයි එයාලට ඕන. මේ අය නේ පහුගිය ඡන්දෙදිත් වෙනසකට කතිරේ ගැහුවේ.(නදී)
ඇන්ටන් මහත්තයෝ, අපි නම් දන්නා විදියට ඔය මොන වැන් වලින් හරි අවසන් ගමන් ගියේ දුෂකයෝ, මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ මිනීමරුවෝ. පාතාලයෝ වගේ නීතියෙන් සුදුසු දඩුවම් ලබෙවියයි උපකල්පනය කල නොහැකි සමාජ පිළිල. ඒ අය ගිය ආණ්ඩුවේ විරුද්ධවාදින් නම් ඒ කියන්නේ ඔයාලගේ හිතවාදීන් වෙන්න ඕනා. හරි හරි එයාලට දැන් යහපාලනයෙන් සාධාරණය ඉෂ්ට කරන්න.(නදී)
පහුගිය කලේ වෙච්ච මහා පරිමාන හොරකම් වල හැටියට විශේෂ පොලිස් ඒකකයක් නැතුව සාමාන්‍ය පොලිසියට පරීක්ෂණ කරලා ඉවර කරන්න බැහැ ඒක නිසා විශේෂ පොලිස් ඒකකයක් අවශ්‍යයි. නීතියේ තිබෙන හිදැස් වලින් පනින්න හොරුන්ට ඉඩ නොදිය යුතුයි. (නදී)
ඔක්කොටම ඉස්සෙල්ලා භික්ෂුන් බුදුන් වහන්සේ පනවා තිබෙන සික්ෂා පදවල හැසිරුනා නම් නේද හොද? මේ ප්‍රශ්න ඊට අදාළ පාර්ශවයන් බලා ගනීවි. (නදී)
ජගත් ෆොන්සේකා හිරේ දානකොට කොහෙද හිටියේ (නදී)
ඔව් ඔව් යහපාල අපි අහගෙන හිටියා ඔබ ඔය කියන කෙනා රටට කළ සේවය ... (නි)
පනින රිළවුන්ට ඉනිමං තියන එක කොච්චර හොඳද? (නි)
උසාවිත් වහලාම දාමුද හාමුදුරුවනේ? (නි)
එක ප්‍රශ්නයයි මේ යහපාලනය වෙනුවෙන් අදහස් දාන අයගෙන් අහන්නේ..යහපාලනය ලැබෙන්නේ දුෂිතයි කියන කොටසින් යහපාලනය වෙනුවෙන් පෙනී නොසිටින කොටස වෙනුවෙන් ක්‍රියාත්මක වීමෙන් පමණක්ද.?.එතකොට පහු ගිය ආණ්ඩුවේ දුෂිතයි කියපු අද යහපාලනය වෙනුවෙන් පෙනී සිටින අයට කිසිදු චෝදනාවක් නැත්තේ මොකද?අපි කියන්නේ දුශිතයින් නම් දඩුවම් කරන්න, ඒක යහපාලනේනම් එහෙමයි විරුද්ධනම් මෙහෙමයි ආකාරයට ක්‍රියාත්මක කරන්න එපා කියලයි. ඒ වගේම මේ පරීක්ෂණ පහුගිය සියලු රාජ්‍ය සමයන් වල ක්‍රියාත්මක වුනු සියලු දේවල් වලට අදාළ වෙන්නත් ඕන..මහින්ද මහත්තයාගේ කාල වල විතරද මේ දේවල් සිදු වුනේ..? එහෙම එනවනම් අපිත් යහපාලනෙට අත උස්සන්නම්..නැත්නම් ඉතින් ඔය පොලිසියට වගේම යහපාලනයට අපිත් ගල් ගහනවා තමයි..(නදී)
වැරදි කරලා නැත්නම් කාටවත් බයවෙන්න දෙයක් නැහැ. කවුරු හරි කියනවා නම් නොකළ වැරදි වලට මේ විමර්ශනය කරන්නේ කියලා ඒ අයට යුක්තිය ඉටුවෙයි. නොකළ වැරැද්දකට හෝ වේවා, සත්‍යය පසක් කරගන්න තුරු මාසයක් දෙකක් හිරේ ඉන්න බැරි නම්, ඡන්දෙ ඉල්ලන්න එපා. එහෙම මහජන නියෝජිතයෝ වැඩක් නැහැ. සැපේදී විතරයි දුකේදී බැහැ. ඇත්තටම උද්ඝෝෂණය කරන්න ඕනෑ වහා ඉක්මනින් කරන විභාගයක් කරලා නිවැරදිකරු නම් නිදොස්කොට නිදහස් කරන්න කියලයි. නැතුව මූල්‍ය විමර්ශන කොමිසම අවලංගු කරන්න කියලා නෙමෙයි. මේක යහපාලන ආණ්ඩුවේ ඉන්න අයටත් එක වගේම ක්‍රියාත්මක වෙන්න ඕනෑ. මහා බැංකු බැඳුම්කර නඩුවත් කල්නොයවා වහා විභාගයට ගතයුතුයි. (නි)
සමන්, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ගැන හරිහැටි දැනගෙනද ඔබ ඔය කතා කරන්නේ? එහි නිලධාරීන් පත්කෙරෙන්නේ කවුරුන් විසින්ද? පොලිස්පතිතුමන් විසින් දැරිය යුතු යම් යම් බලතල එහිදී අගමැති අතට පත්වෙනවා නොවේද? මෙය සාමාන්‍ය ජනතාව කරන චෝදනා භාරගන්නා ආයතනයකුත් නොවෙයි නේද? මෙතෙක් මෙමඟින් විවිධ චෝදනා නඟා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්ට පමණක් නොවේද? ඉතින් මෙමඟින් පොලිසිය දරුණු ලෙස දේශපාලනීකරණය වී ආණ්ඩුවේ ප්‍රතිපාක්ෂිකයන්ට රට අනාරක්ෂිත තැනක් වන බවත් මේ දෙපළ අධිකරණයට යන්නේ මේ අවනීතියට එරෙහිව බවත් ඔබට නොවැටහේද? (නි)
සමහරුන්ට හොඳයි සමහරුන්ට නරකයි, අනේ මන්දා! (නි)
එදා ගුවන් විදුලියේ සින්දු පදමාලා හොරු හිටියේ නැත්ද අපේ හාමුදුරුවනේ?(නදී)
කාලෝ කියන්නේ උත්තම ගණයේ මනුෂ්‍යයෙක්. නමුත් මේ තීරණයේදී දෙන්නාම එක වගේ වීම ගැන අපිට කණගාටුයි. අතීතයේ පාලකයින් අතින් සිදුවූ අපරාධ ඉදිරියේ මේ දෙන්නාම මුනිවත රැක දැන් නීතිය අර්ථකථනය කරන්න ඉදිරිපත්වීම ඛේදජනකයි. (නි)
අහෝ කාලෝ ෆොන්සේකා මහතාණෙනි, හරිම කණගාටුදායකයි. (නි)
දඩයම නීතියට පටහැනිය (නි)
කලක් හොද කීර්ති නාමයක් තියන් හිටපු කාලෝ පොන්සේකාට ගිය කලක්.දැන් හොරු වෙනුවෙන් පොලිසිය වහන්න කියල නඩු කියනවා. (කේ)
මහින්ද ගේ කාලේ බලු නීතිය තියෙන කොට මෙයාල කොහෙද දන්නේ නෑ හිටියේ. මුන් තමා අපේ රට කන්නේ. (ම)
හොඳම හොඳ වැඩක්. (ම)
එක එක්කෙනා එපා එපා කිවුවා කියලා දැන් මේක නවත්වන්නද කියන්නේ? (නි)
නීතිය සහ දඩයම අතර වෙනස කවුරු දනීද? (නි)
අපිට නම් හිතාගන්න පුළුවන් මේ අයගේ ප්‍රශ්නය මොකක්ද කියලා (නි)
එතකොට මෙයාල මේ කියන්නේ පසුගිය කාලේ කල අපරාධ හොයන්න එපා, ඒවාට දඩුවම් කරන්න එපා, ඒවා ඒ කාලේ වගේම යට ගහල දාන්න කියල නේද? එ්ත් මිලියන 6.3 ක් ජනතාවට ඒවා එපා නිසා තමයි මේ ආණ්ඩුව පත් කර ගත්තේ ඒවා හොයන්න. එ්ක ප්‍රා මැතිවරණය ට කලින් ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පැහැදිලි කරලා තමයි බලය ඉල්ලුවේ. ඒ නිසා මේ කාටවත් ඇඟිලි දික් කරන්න එපා. අැල්ලේ ගුණවංස ලා, කාලෝලව අල්ලේ නටවන පරාජිත, මිනිස්සු ප්‍රතික්ෂේප කල දේශපාලකයෝ මහජනතාවගේ දේපල මංකොල්ල කද්දී ඒවා හිතුවේ නෑ නේද ? අද මේවා නොකලොත් හෙටත් මේවම මේ රටේ වෙනවා. ඒ නිසා කාටවත් ඕනේ විදියට නෙමෙයි, මහජනතාවට ඕනේ විදියට මේවා ගැන පරීක්ෂණ පවත්වන්න ඕනේ. වැරදි කාරයන්ට දඩුවම් දෙන්න ඕනේ. අපි කියන්නේ නෑ රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ කියලා , ඒ වුනාට නීතිය හැමෝටම සමාන විය යුතුයි. කාටවත් නීතියට පිටින් වැඩ කරලා ගැලවෙන්න දුන්නොත් අපි සියලු දෙනාම අමාරුවේ වැටෙනවා. ගෙදරට ඇවිත් අපිව මරල ගියත් කරන්න දෙයක් නැතිවෙයි. එ්කනේ පහුගිය කාලේ වුනේ. (නදී)
නීතිය හරියට ක්‍රියාත්මක කරන්න නේද හලෝ මේ යහපාලනය ගෙනාවේ. දැන් බලපුවම මේක තනිකරම නීතියට පිටින් අත්තනෝමතික වැඩනේ කරන්නේ. ඒක හරිද? (නදී)
ඔය තියෙන්නේ. රටේ ප්‍රබුද්ධ ජනතාව මෙවැනි අක්‍රමිකතා වෙනුවෙන් ඉදිරිපත් විය යුතුයි. වැඩි දෙනෙකුට මෙම අංශය නිත්‍යානුකුල නැති බව සහ මෙහි ඇති භයානක කම ගැන වැටහෙන්නේ නැහැ. මෙහි භයානක කම තියෙන්නේ මේ ආණ්ඩුව වෙනස්වෙලා වෙන එකක් ආවානම් තමයි. (නදී)
ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා හදන්නේ වංචාකාරයන් රකින්නද ? ඩොලර්, පවුම්, යුරෝ, රුපියල් කෝටි ප්‍රකෝටි යටිමඩි ගහල, පිටරට බැංකුවල තැන්පත් කිරීම සම්බන්ධයෙන් දැනට ආරම්භ කර තිබෙන පරීක්ෂණ නවත්වලා, හොරුන්ට සුදුහුණු ගාන්නද ඕනෑ? (නදී)
ඔව් අප්පා...! මේ වගේ ස්වාධීන කොමිෂන් වලින් මටත් කිසිම වැඩක් නැහැ. (නි)
ශාන , ගණන් ගන්න එපා. මේකට නේද යහපාලනය කියන්නේ? කැමති කෙනෙකුට කැමති මතයක් අදහන්න තිබෙන අයිතිය,... මහින්දගේ කාලේ නොතිබුනෙත් ඕකනේ ! (නි)
මේ කරන්නේ බළල්ලු ලවා කොස් ඇට බෑවීමක් ලෙසයි අපිට නම් හැඟෙන්නේ (නි)
මේ දෙදෙනා පමණක් නොව උගතුන් සහ විද්වතුන් (යහපාලනයක් අපේක්ෂා කර ඡන්දය දුන් ප්‍රබුද්ධ ජන කොටස් පවා) බලාපොරොත්තු වෙන්නේ සාධාරණ නීතිය හා සම්බන්ධ වූ යහපත් පාලනයකි. ජනාධිපතිතුමා බොරු නොකීමෙන්වත්,තම බලය කප්පාදු කරගැනීමෙන්වත් යහපාලනය ස්ථාපිත වෙන්නේ නැහැ. සම්පුර්ණ වෙන්නෙත් නැහැ. අද ජනපතිට යටින් ඉන්නා විවිධ නායකයෝ කරන කියන දේ නිසා පොරොන්දු වූ යහපාලනය ගෙනෙන්න බැරිවෙලා. ඒ නිසා තමයි මහජනතාව අතරින් උගතෙක් දෙන්නෙක් හෝ වරදක් නිවැරදි කරගන්නට අධිකරණයට යන්නේ. කාලෝ ෆොන්සේකා මහතා සහ ඇල්ලේ ගුණවංශ හිමියන් මේ කර ඇත්තේ අපරාධකරුවන් රැකීම සඳහා බාල ක්‍රියාවක් නොවේ. සැබෑ යහපාලනයකට අනුබද්ධිත නීතිය නිවැරදිව ක්‍රියා කරවීමට නීතියේම සහය පැතීමකුයි. එය සමස්ථ සමාජයම වෙනුවෙනි. (නි)
නීතිවිරෝධී වැඩ කළ අය ගැන සොයන්න මුල්‍ය අපරාධ කොට්ඨාශය පිහිටවපු එකට ඇයි මේ අය විරුද්ධ? (නි)
අනේ මන්දා මොනවද කියලා මේ කතා? (නි)
ඔන්න දැන් තමයි අමුතුම නීතිය තියෙන්නේ. (නි)
සමන් ඇතුළු අනෙකුත් යහපාලන ඇත්තනි, මේ විමර්ශන කොට්ඨාශය නොවෙනස් වී පැවතුනහොත් මේ රජය පරාජය වී වෙනත් රජයක් පත් වූ විට සිදුවිය හැකි දේ හිතාගන්න පුලුවන්ද? එවැන්නක් නොවන්නට මේ ආයතනය නිත්‍යානුකූල කරවා ගැනීමටයි මේ උගතුන් උත්සාහ කරන්නේ. (නි)
හාමුදුරුවන්ටයි ,මැති ඇමතින්ටයි මෙය වටින්නේ නැහැ. මෙය මිනිසුන් වන අපිට වටිනවා. මෙය පිහිටවන්නේ මිනිසුන්ට පමණයි. මිනිසුන් වන අපි නැඟී සිටිනවා මේ ආයතනය අපිට අවශ්‍යයි කියලා (නි)
ඇල්ලේ හිමිටත් දැන් තමයි මතක්වෙලා තියන්නෙ වැඩේ වැරදියි කියලා (නි)
කලක් හොඳ කීර්ති නාමයක් කාලෝ ෆොන්සේකාට තිබුණා. මහින්දගේ කාලේ නීතිය තියෙනකොට මෙයාලා කොහෙද දන්නේ නැහැ හිටියේ.හොරු වෙනුවෙන් පොලිසිය වහන්න කියලා නඩු කියනවා. එක එක්කෙනා එපා එපා කිවුවා කියලා දැන් මේක නවත්වන්නද කියන්නේ? (නි)
ශාන කැමති වෙයි මෙයාලා මහින්දට විරුද්දව පෙත්සමක් දැම්මා නම් නේද? (නි)
අපි නම් වැරදි නීතියක් දැක්කේ නැහැ. දැන් නම් දවසින් දවස වෙන දේවල් දැක්කහම අමුතු පාලනයක් තිබෙන බව නම් පෙනෙනවා. (නි)
දැන් එහෙනම් අපි මේ කියන විදියට කරමුද? (නි)
මෙයාලා හැමදාම කළේ ඕක තමයි. එයාලගේ පැවැත්ම රඳා පවතින්නේ මෙහෙම තමයි (නි)
මේ වගේ උගතෙක් අන්තිමට මෙහෙම කළාම ජන ප්‍රසාදය නැතිවෙනවා. අත්අඩංගුවට ගත් හැම කෙනා ගැනම හැමෝගෙම හිත දන්නවා. මහා පරිමාණ වංචා දුෂණ වුණු කාලේ ඇයි මේ වගේ නොකළේ? (නි)
මහාචාර්යවරු වැනි උගතුන් සහ පුජ්‍ය පක්ෂය තමන්ගේ සමාජ භූමිකාව හරිහැටි අවබෝධ කරගෙන හිටියා නම් අපේ රට මීටවැඩිය බොහෝ දුර ගිහින්. තමන්ගේ හෘදය සාක්ෂිය පවා දේශපාලනයට උකස් කරලා. (නි)
හඳ පෙන්වනකොට ඇඟිල්ල දිහා බලන්න එපා. මේ ආයතනයට යන සේරම හිරේ යනවද? හොරකම් නොකළා නම් තමන් සුදනෙක් විදියට පිරිසිදුවීමටත් පුළුවන්. මෙය කවුරු පත්කළත් තීරණ ගන්නේ අධිකරණය.හොරු වෙනුවෙන් හොර පාලනයක් අප අනුමත නොකරමු. (නි)
මහින්දගේ කාලේ ඔහොම පළිගත්තා නම් ශාන් ලොක්කෝ, ඔය යු.න්.පි එකෙන් භාගයක් අද නැහැ. අනෙක ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ මේ රට දැය වෙනුවෙන් කරලා තියෙන දේවල් වලින් අංශු මාත්‍රයක් ඔහේ කරලා තියෙනවද? ඒක වැරදිද නැද්ද කියල උසාවිය තීරණය කරාවි.දැන් නඩු යන්නත් ඔහේගෙන් අවසර ඕනෑද? (නි)
හඬ පෙන්වනකොට ඇඟිල්ල දිහා නොබලනවා නම් අහස පුරාම බලන්න සිදුවෙනවා. (නි)
හොරු අල්ලනකොට කාට කාටත් රිදෙනවා (නි)
අනේ මන්දා හාමුදුරුවනේ මේවා! (නි)
ශාන, ඔයාට හරියට කේන්ති යනවනේ. යහපාලනයට විරුද්ධ වෙනකොට ඔය සුපර් මාර්කට් යනවා වැඩියි (නි)
සුදු වෑන් වලින් විරුද්ධවාදීන් ඝාතනය වෙද්දී මේ අය කොහෙද හිටියේ? (නි)
මෙතන විමර්ශන කරන්න කියන්නේ පවතින නීතියට අනුකූලවයි.ඒවා කරන්න එපා කියලා නෙමෙයිනේ.පොලිස් ආඥා පනතට සහ පවතින නීතියට පටහැනිව එම කොට්ඨාශය පිහිටුවා ඇති බැවින් එම කොට්ඨාශයේ නිලධාරීන් කරන විමර්ශන වල නීතිමය වලංගුභාවයක් නැති බවයි මින් ප්‍රකාශ වෙන්නේ.හිතන්න ඕනෑ පැතිකඩක් මෙහි තිබෙනවා. (නි)
ශානගේ ජාන වලම ප්‍රශ්නයක් වගෙයි (නි)
දඩයම නම් නීතියට පටහැනිය (නි)