විවිධ පෙදෙස් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ තිස් දහසක් විකුණා ගැනිමට නොහැකිව කුණු ගොඩට විසිකර දැමීමට ගොවීනට සිදුවිය.
තක්කාලි කිලෝව රුපියල් දෙකකට ද, බණ්ඩක්කා, දඹල හා මෑකරල් කිලෝව රුපියල් අටත් දහයත් අතර මිලකට අලෙවි විය. වම්බටු කිලෝ පනහක කෑල්ලක් රුපියල් 100කි.
එම එළවළු කොම්පොස් පොහොර නිෂ්පදනය සඳහා හබරත්ත කොම්පොස් නිෂ්පාදන මධ්‍යස්ථානයට ගෙන ගිය බව ආර්ථික මධ්‍යස්ථාන ප්‍රකාශකයෙක් කීය.

1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අපරාද. ඇයි මෙහෙම කරන්නේ. කැම වේලක් හොයාගන්න බැරි කී දෙනෙක් නම් මේ රටේ ඉන්නවද බලන්න. ඒ අයට නිකම් දෙන්න බැරි ඇයි. ටිකක් වග කිව යුතු අය මේ ගැන හිතන්න.
මේවගේ අසරණ කමකට පත් වන්නේ අසරන ගොවියෝ තමයි....ලොරි මුදලාලිලා රු 2 කට අරන් 40 ට කොළඹ විකුණනවා. ඒ අයගේ ලාබය බලන්න...ඇයි අසරණ මිනිසුන්ට මෙහෙම කරන්නේ ඒ අය රජ සැප විදින්නේ නැහැ...හැමදාම දුක තමයි විදින්නේ එයාලට ඔහොම කලොත් මැරෙන්න තමයි වෙන්නේ....ණය හැමදාමත් ගොවියාගේ මිතුරා. ටිකක් හිතන්න මේවාගේ දේවල් අනුමත කරන්න ඒපා...රජය නිසි වැඩ පිළිවලක් ගත යුතුයි කාටත් සාධාරණය වන.....
ඇයි හරි සැලසුමක් නැත්තේ?