කරාපිටිය පිළිකා ඒකකයේ අයඩින් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මළ මූත්‍ර ගබඩා කරන ටැංකියත් රෝහල් ගොඩනැගිල්ලත් අතර අද හදිසියේම කොන්ක්‍රීට් බිත්තියක් ඉදිකිරීම ඇරඹූ බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. මළ මූත්‍ර ටැංකියෙන් ඒ අසළ ඇති ගොඩනැගිල්ල ඇතුලට විකිරණ කාන්දුවන බවත් එය වැළැක්වීමට අගල් 18 ක් ඝනකම කොන්ක්‍රීට් බිත්තියක් ඉදිකළයුතු බවත් පරමාණුක බලශක්ති අධිකාරිය මීට මාස කිහිපයකට පෙර රෝහල් බලධාරීන්ට දන්වා තිබිණි. එහෙත් එය ඉටුවූයේ නැත. මේ අනතුරුදායක තත්ත්වය එසැණ බදාදා පෙන්වාදීමත් සමගම මෙම පියවරගෙන ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලධාරීන්ගේ ඇස් ඇරීමට කටයුතුකළ ලංකාදීපයට ජය
හොද හෙළිදරව්වක්. එසැණ කළ හොද වැඩක්
මෙහෙම හරි මෙතනට වගකිවයුත්තන්ගේ අවධානය යොමුවීම ගැන සතුටුයි. මේවා හරියට කෙරෙනවාදයි බැලීමට තමයි මේ රෝහලේ ප්‍රමිති කළමනාකරණ ඒකකයක් කියලා එකක් තියෙන්නේ. ඒත් එකට අරක් ගත්ත පින්පඩි කාරයෝ ටික කරන එකම දේ AC room එකකට වෙලා ඉඳන් කතා කරකර ඉන්න එකයි, කවුරු හෝ පරිත්‍යාගශීලියෙක් රෝහලට උදවු කරන්න ඉදිරිපත් වුනොත් ඒ මිනිස්සුන්ගේ සල්ලි ටික නාස්ති කරලා හැමතැනම බෝඩ් ලෑලි හයිකරන එකයි විතරයි. මේවා බලන්න කවුරුවත් එන්නේ නැහැ. අවශ්‍යතාවයක් පෙන්වාදුන්නට විසඳුමක් දෙන ආයතනයකුත් නෙවෙයි මේක. කලයුතු දහසක් වැඩට සල්ලි නැහැ කියකියා අතපසු කරමින් ඉන්න ගමන් ලක්ෂ විසි තිස් ගණන් වියදම් කරලා මෙට්‍රන්ලාට බාත්රූම් හදන තැනක් මේක. ලංකාවේම රෝහල්වල තත්ත්වය මේකයි. කරාපිටිය ගැන විතරක් නොවෙයි ඒවා ගැනත් ලියන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
ලක්ෂ්මන් කිව්ව හරියටම හරි, දානපතියන් ආහම දානෙත් එපා වෙන විදිහට තමා වැඩ කෙරෙන්නේ. මේ සරල සත්‍යය ලක්ෂ්මන්ලාවාගෙම මිනිස්සු වෙන ඔය බලධාරීන්ටත් තේරෙන්නේ නැත්තෙ ඇයි. හැමෝම අනෙක් අය විවේචනය කරනවා, තමන්ගේ දේ කරන්නේ නැතිව. තේරුම් ගන්න අමාරුයි