IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එසැණ පුවත ඵලදරයි

කරාපිටිය පිළිකා ඒකකයේ අයඩින් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මළ මූත්‍ර ගබඩා කරන ටැංකියත් රෝහල් ‍ගොඩනැගිල්ලත් අතර අද හදිසියේම කොන්ක්‍රීට් බිත්තියක් ඉදිකිරීම ඇරඹූ බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. මළ මූත්‍ර ටැංකියෙන් ඒ අසළ ඇති ගොඩනැගිල්ල ඇතුලට විකිරණ කාන්දුවන බවත් එය වැළැක්වීමට අගල් 18 ක් ඝනකම කොන්ක්‍රීට් බිත්තියක් ඉදිකළයුතු බවත් පරමාණුක බලශක්ති අධිකාරිය මීට මාස කිහිපයකට පෙර රෝහල් බලධාරීන්ට දන්වා තිබිණි. එහෙත් එය ඉටුවූයේ නැත. මේ අනතුරුදායක තත්ත්වය එසැණ බදාදා පෙන්වාදීමත් සමගම මෙම පියවරගෙන ඇත.



අදහස් (0)

එසැණ පුවත ඵලදරයි

දිනූෂ ඉශාන් Friday, 23 March 2012 02:59 AM

බලධාරීන්ගේ ඇස් ඇරීමට කටයුතුකළ ලංකාදීපයට ජය

:       0       0

මනේෂ් Friday, 23 March 2012 07:28 AM

හොද හෙළිදරව්වක්. එසැණ කළ හොද වැඩක්

:       0       0

ලක්ෂ්මන් Friday, 23 March 2012 08:03 AM

මෙහෙම හරි මෙතනට වගකිවයුත්තන්ගේ අවධානය යොමුවීම ගැන සතුටුයි. මේවා හරියට කෙරෙනවාදයි බැලීමට තමයි මේ රෝහලේ ප්‍රමිති කළමනාකරණ ඒකකයක් කියලා එකක් තියෙන්නේ. ඒත් එකට අරක් ගත්ත පින්පඩි කාරයෝ ටික කරන එකම දේ AC room එකකට වෙලා ඉඳන් කතා කරකර ඉන්න එකයි, කවුරු හෝ පරිත්‍යාගශීලියෙක් රෝහලට උදවු කරන්න ඉදිරිපත් වුනොත් ඒ මිනිස්සුන්ගේ සල්ලි ටික නාස්ති කරලා හැමතැනම බෝඩ් ලෑලි හයිකරන එකයි විතරයි. මේවා බලන්න කවුරුවත් එන්නේ නැහැ. අවශ්‍යතාවයක් පෙන්වාදුන්නට විසඳුමක් දෙන ආයතනයකුත් නෙවෙයි මේක. කලයුතු දහසක් වැඩට සල්ලි නැහැ කියකියා අතපසු කරමින් ඉන්න ගමන් ලක්ෂ විසි තිස් ගණන් වියදම් කරලා මෙට්‍රන්ලාට බාත්රූම් හදන තැනක් මේක. ලංකාවේම රෝහල්වල තත්ත්වය මේකයි. කරාපිටිය ගැන විතරක් නොවෙයි ඒවා ගැනත් ලියන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

:       0       0

අමරපාල Friday, 23 March 2012 10:40 AM

ලක්ෂ්මන් කිව්ව හරියටම හරි, දානපතියන් ආහම දානෙත් එපා වෙන විදිහට තමා වැඩ කෙරෙන්නේ. මේ සරල සත්‍යය ලක්ෂ්මන්ලාවාගෙම මිනිස්සු වෙන ඔය බලධාරීන්ටත් තේරෙන්නේ නැත්තෙ ඇයි. හැමෝම අනෙක් අය විවේචනය කරනවා, තමන්ගේ දේ කරන්නේ නැතිව. තේරුම් ගන්න අමාරුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site