එස්. එස්. සී. පිල පළමු පෙළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ (2013) ශූරතාව දිනාගැනීමට සමත් විය. කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (08) අවසන් වූ අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් එස්. එස්. සී. පිල කඩුලූ 6 කින් මුවර්ස් පිල පරාජය කළේය.
එස්. එස්. සී. පිල පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය වසර 4 කට පසුව මෙවර දිනාගත් අතර එස්. එස්. සී. පිල අවසන් වරට 2007/08 තරග වාරයේ ශූරතාව දිනාගෙන සිටියේය.
අවසන් මහ තරගයේ සිවුවැනි සහ අවසන් දිනය වූ අද එස්. එස්. සී. පිල ලකුණු 262 ක ජයග‍්‍රාහි ඉලක්කය කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
එස්. සී. පිලේ ගැලවුම්කරු බවට පත්වෙමින් පළමු ඉනිමේදී ලකුණු 171 ක් රැස්කළ කෞෂාල් සිල්වා දෙවැනි ඉනිමේදී ලකුණු 88 ක් රැස් කිරීමට සමත් විය.
මුවර්ස් දෙවැනි ඉනිමේදී ඉන්දික ද සේරම් (101) සහ දිල්හාර ලොකුහෙට්ටිගේ (78) හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 167 ක අනගි සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 323 ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ.
මුවර්ස් පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 262 (ෂෙහාන් ජයසූරිය 68, ඉෂාම් ගවුස් 31, හර්ෂ කුරේ 18, ජනක ගුණරත්න 42, ඉන්දික ද සේරම් 19, චතුරංග ද සිල්වා 51, ධනුෂ්ක ගුණතිලක 54/4, චරිත් ජයම්පති 49/2) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 323 (ෂෙහාන් ජයසූරිය 35, රජිත වික‍්‍රමාරච්චි 27, ඉන්දික සේරම් 101, චතුරංග ද සිල්වා 33, දිල්හාර ලොකුහෙට්ටිගේ 78, කසුන් මධුසංඛ 87/4, ධම්මික ප‍්‍රසාද් 61/3)
එස්. එස්. සී. පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 324 (තරංග පරණවිතාන 25, කෞෂාල් සිල්වා 171, තිළිණ කණ්ඩම්බි 33, ධම්මික ප‍්‍රසාද් 47, දිල්හාර ලොකුහෙට්ටිගේ 77/4, විමුක්ති පෙරේරා 86/3, මාලින්ද පුෂ්පකුමාර 72/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 262 (තරංග පරණවිතාන 32, දිමුත් කරුණාරත්න 73, ධනුෂ්ක ගුණතිලක 23, කෞෂාල් සිල්වා 88, තිළිණ කණ්ඩම්බි නොදැවී 29, දසුන් ශානක නොදැවී 14, මාලින්ද පුෂ්පකුමාර 90/2)
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
823
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එස්. එස්. සී. පිල වසර 4 කට පසු පළමු පෙළ ක‍්‍රිකට් ශූරතාව දිනයි
යොහාන් Monday, 08 April 2013 05:04 PM
එස්.එස්.සී පිලේ මහා කට්ටිය නැති නිසා දිනුව. (ස)
ඉන්දිකද සේරම් Monday, 08 April 2013 05:21 PM
නියමයි..(ස)